Monday, November 10, 2025
Epaper
Home Beautyඑල්ලා වැටෙන සමට සරල පිළියම්

එල්ලා වැටෙන සමට සරල පිළියම්

පිපිඤ්ඤා ඉස්ම ඕනෑම සමකට සුදුසුයි

by Thanushika

තරුණවිය ඉක්මයත්ම සම එල්ලා වැටීම සහ සම රැලි වැටීමන් පිළිබඳ කාන්තාවන්ට ඇත්තේ බලවත් කනගාටුවකි. අවුරුදු හතළිහෙන් පසුව සම එල්ලා වැටීම සාමාන්‍ය දෙයක් ද?එයට එකම හේතුව වයස මුහුකුරා යෑම පමණක්ද? කාන්තාවන්ට මෙය වළකා ගත හැකිද යන්න පිළිබඳව රූපලාවණ්‍ය සහ හිසකෙස් සැකසුම් ශිල්පිනී, මනාලියන් හැඩ ගැන්වීමේ ඇගයුම් නිලධාරිනි සප්නා කාදර් සමඟ සිදුකළ සාකච්ඡාවයි, මේ.

ගෝලීයකරණය සමඟ වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකතනය කරළියට පැමිණ තිබේ. ඒ හරහා සියලු දේ තාක්ෂණය හරහාම සිදුකර ගැනීමට මිනිස්සු කැමති වෙති. රූපලාවණ්‍ය සම්බන්ධ කටයුතුවලදී ද එසේමය. අවුරුදු හතළිහෙන් පසුව සම එල්ලා වැටීම කාන්තාවන්ට ඇති බරපතළ ප්‍රශ්නයක් වන අතර එය වළකා ගැනීමට ඔවුනටම හැකිය.

කෝපි ස්ක්‍රබ්

ඔබගේ මුහුණ රැලි වැටී ඇත්නම් සම වයසට ගොස් ඇත්නම් කෝපි ස්ක්‍රබ් ඉතා ගුණදායකය. කෝපි කුඩු ස්වල්පයක් සහ කඩල පිටි ස්වල්පයක් ගෙන එයට ජලය සුළු ප්‍රමාණයක් මිශ්‍ර කර පැක් එකක් ලෙස සාදා මුහුණේ ආලේප කළ හැකිය. විනාඩි විස්සක පමණ කාලයක් එය මුහුණේ තබාගෙන පිරිසුදු වතුරෙන් සෝදා හරින්න.

වෙනිවැල් ගැට සත්කාරය

මුහුණේ රැලි වැටීම සහ දීප්තිමත්භාවය වර්ධනය කර ගැනීම සඳහා වෙනිවැල් ගැට සහ අමු කහ එකට අඹරා ආලේප කරගන්න.

වියළි සමකට

අලි ගැට පෙර ඉතා හොඳින් පොඩි කර හෝ බ්ලෙන්ඩර් කර scrub එකක් ලෙස භාවිත කළ හැකිය.

තෙල් සහිත සමක් සඳහා,

ඔබට බිත්තර සුදු මදය සමට ආලේප කර ගත හැකිය.

වයසට යාම සමඟ සම තුළ වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් පැමිණීම සාමාන්‍ය දෙයකි. ඒ සඳහා ප්‍රතිකාරයක් ලෙස,

ජෙලටින් සත්කාරය

ජෙලටින් ස්වල්පයක් රැගෙන ඉතා හොඳින් දියකර එයට කෝපි කුඩු, වෙනිවැල් කුඩු ආදිය දමා නිවුණු පසු එයට බිත්තර සුදු මදය දමා ක්‍රීම් එකක් සේ ඔබට ආලේප කළ හැකිය. පහළ සිට ඉහළට සම ඉතා හොඳින් ස්පර්ශ කරමින් එය ගල්වා ගත හැකිය. ඒ හරහා ඔබේ වයසට ගොස් ඇති සම ඉවත් කර ගත හැකිය.

පිපිඤ්ඤා ඉස්ම මගින් ඔබගේ සම කුමන සමක් වුවද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිලාභ ලබාගත හැකිය.

සම පැහැපත් කරගැනීම සඳහා

මේ සඳහා භාවිතා කරන්නේ මුරුංගා කොළයි. මුරුංගා කොළ ඉතා හොඳින් අව්වේ වේළා පවුඩර් එකක් සේ සාදාගත හැකිය. එය දිනපතා ආලේප කිරීම ඉතා සුදුසුය. පානය කිරීමට ද සුදුසුය. එමගින් ඔබගේ සම පැහැපත් කරගත හැකිය.

සමබල ආහාර වේලක් ලබාගන්න.

ක්ෂණික ආහාර, සොසේජස් වර්ග, බීම වර්ග,අධික පැණි රස සහිත ආහාර ආදිය අවම කළ යුතුමය. ඒ වෙනුවට පෝෂ්‍ය පදාර්ථ සියල්ලම අඩංගු සමබල ආහාරවේලක් ලබා ගැනීමට දිනපතාම කටයුතු කළ යුතුය.එහිදී සමට අවශ්‍ය විටමින් බාහිර ලෙස ලබාගන්නවා වෙනුවට ආහාර මඟින් අභ්‍යන්තරිකව ලබාගත හැකිය.

ඉතා හොඳින් ජලය පානය කරන්න

දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය නිසි පරිදි පානය කරනවා නම් බොහෝ ලෙඩ රෝගවලින් වැළකිය හැකිය. ඒ අතරම සම නිරෝගි බවට පත්වේ. සම පැහැපත් වේ. රැලි වැටීම් අවම කරයි. වයසට යාම අවම කරයි.

ස්වභාවිකව විටමින් ලබාදෙන උදෑසන හිරු එළිය

විටමින් ඩී ලබාගත හැකි ඉතාමත් හොඳ ස්වභාවික ක්‍රමය නම් උදෑසන හිරු එළියයි. වර්තමානයේ කාන්තාවන් බොහෝ ප්‍රමාණයකට කොන්ද කැක්කුම, හන්දිි අමාරුව ආදියට ගොදුරු වී ඇත. මෙයට ප්‍රධානතම හේතුව විටමින් ඩී ලබා නොගැනීමයි. සම වයසට යාමට ද හේතුව මෙයයි. හිරු එළිය මගින් සමපැහැපත් කිරීම සිදුවේ.

සම ආරක්ෂා කර ගැනීමට ප්‍රසිද්ධයි කියා කියන සෑම රූපලාවන්‍යනය ද්‍රව්‍යයක්ම ආලේප කිරීම සුදුසු නොවේ. ඒ හරහා නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට කාන්තාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙලෙස ඔබට ඔබගේ සම ආරක්ෂා කර ගැනීම නිවසේදීම සිදු කළහැකිය.

මුලින්ම ඔබට රූපලාවන්‍ය ශිල්පියෙකු හරහා තමන්ගේ සම කිනම් ආකාරයේ සමක් ද යන වග හඳුනාගත යුතුය.

සම එල්ලා වැටීම සහ සම වයසට යාම සම්බන්ධයෙන් කොලජන් බාහිරින් ලබා ගැනීමට කාන්තාවෝ පුරුදු වී සිටිති. නමුත් ඒ සඳහා සමබල ආහාර වේලක අවශ්‍යතාව වැදගත්ය. ඔබට ශරීරයේ බර නිසි ලෙස පවත්වාගෙන යාමට ජිම් එකකට යා හැකිය. නමුත් ඔබ දිනකට අවශ්‍ය ව්‍යායාම නිසි පරිදි සිදු කළ යුතුය.

මීළඟට වැදගත් කාරණය නම් මානසික සුවයයි. බාහිර වශයෙන් කෙතරම් දේ සිදුකළ ද අභ්‍යන්තරික වශයෙන් සිත සන්සුන්ව පවත්වා ගැනීම වැදගත්ය. කේන්තිය පාලනය කරගත යුතුය. භාවනාව වැඩිය හැකිය. හිත පිරිසිදු වීම මත කාන්තා ඔබගේ ශරීරයේ පැහැය වර්ධනය කර ගතහැකිය.

 

උපදෙස්:

රූපලාවණ්‍ය ශිල්පී, හිස කෙස් සැකසුම් ශිල්පී, මනාලියන් හැඩ ගැන්වීමේ ඇගයුම් නිලධාරීනි,

සප්නා කාදර්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?