“මගේ හිසකෙස් හිතන්න බැරි තරමට ගැලවිලා යනවා…” අද වන විට බොහෝ තරුණ කාන්තාවන් සැලුන්වලට පැමිණ නගන සුලබ මැසිවිල්ල මෙයයි. නමුත් බොහෝ විට ඔවුන් හොඳ ප්‍රතිකාරයක් සඳහා එන විට ප්‍රමාද වැඩියි. අප මතක තබාගත යුතු සරල සිද්ධාන්තය වන්නේ අපගේ හිසකෙස් සෑමවිටම එකම ආකාරයෙන් නොපවතින බවයි.
අපගේ වයස සමඟ හිසකෙස් ස්වාභාවිකව ගැලවී යන අතර, අපගේ ශරීරයට සහ හිසට නිසි පෝෂණයක් නොලැබීම ද ඊට ප්‍රධාන හේතුවක් වේ. හිසකෙස් ගැලවී යාම ස්වාභාවික ක්‍රියාවලියක් වුවද, එය ඉක්මන් වීමට බලපාන හේතු පිළිබඳ කල්ඇතුව දැනුම්වත් වීම ඉතා වැදගත් වේ. ඒ සඳහා දෛනිකව කළ යුතු දේවල් සහ ස්වාභාවික ප්‍රතිකර්ම ගැන අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය.
හිසකෙස් රැකවරණයේ මූලික පියවර
නීරෝගි හිසකෙස් සඳහා පදනම වන්නේ හිසකෙස් සහ හිස්කබල නිසි පරිදි පිරිසුදු කර තබා ගැනීමයි. අතීතයේදී අපේ මුතුන් මිත්තන් ඇළෙන්, දොළෙන් හෝ පීල්ලෙන් ස්නානය කළේ ගලා යන ජලය හොඳ පීඩනයක් ලැබෙන ආකාරයටයි. එය හිස්කබල සම්බාහනය වීමටත්, හිසකෙස් ගැඹුරින් පිරිසුදු වීමටත් උපකාරී විය. නමුත් වර්තමානයේ බොහෝ දෙනකු නාන කාමරයේ ඇති කුඩා ෂවර් එකකින් ස්නානය කරයි. එවැනි ක්‍රමයකින් හිසකෙස් ගැඹුරින් පිරිසුදුවීමක් සිදු නොවේ. හිසකෙස් සහ හිස්කබල හොඳින් පිරිසුදු කිරීමට නම්, හිසට ප්‍රමාණවත් පීඩනයකින් ජලය වැටෙන සේ සෝදාගත යුතුය.
පිරිසුදු කිරීමට යොදා ගන්නා ෂැම්පූ සහ කන්ඩිෂනර් තෝරා ගැනීමේදී ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. Sulfates (සල්ෆේට්) සහ Parabens (පැරබෙන්) වැනි රසායනික ද්‍රව්‍ය හිසකෙස් සහ හිස්කබලට හානි කළ හැකිය. එබැවින් මෙම රසායනික ද්‍රව්‍යවලින් තොර, ස්වාභාවික ශාකසාර අඩංගු නිෂ්පාදන තෝරා ගැනීම වඩාත් සුදුසුය. හිසකෙස් සඳහා විශේෂයෙන් සකස් කළ PH සමබර ෂැම්පු භාවිත කිරීමෙන් හිස්කබලේ ස්වාභාවික තෙල් සමතුලිතතාව ආරක්ෂා කරගත හැකියි.
හිසකෙස් සඳහා ස්වාභාවික ආයුර්වේද සත්කාර
ලංකාවේ අපට පහසුවෙන් සොයාගත හැකි ශාකසාර යොදා ගනිමින් හිසකෙස් ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබාගත හැකිය.
මුකුණුවැන්න පෝෂණ සත්කාරය
මෙය ඔබට නිෙවසේදීම සකසා ගත හැකි, හිසකෙස් පෝෂණය කරන සත්කාරයකි.
අවශ්‍ය ද්‍රව්‍ය : මුකුණුවැන්න කොළ මිටක්, කෝමාරිකා පත්‍රයකින් ලබාගත් මද, කරපිංචා කොළ මිටක්, සහ ලොකු ලූනු ගෙඩියක්.
සාදන ක්‍රමය: සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩරයට දමා හොඳින් අඹරා පේස්ට් එකක් සාදා ගන්න. මෙම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස්වල හොඳින් ආලේප කර විනාඩි 30ක් පමණ තබා පසුව මඳ රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.
මුකුණුවැන්න හිසකෙස් වර්ධනයට උදවු කරන අතර, කෝමාරිකා හිසකෙස් මෘදු කරයි. කරපිංචා හිසකෙස් ස්වාභාවිකව කළු කිරීමට උදවු වන අතර, ලොකු ලූනු හිසකෙස් මුල් ශක්තිමත් කරයි.
හිසකෙස් ගැලවී යාම වැළැක්වීමට තෙල් සත්කාරය
මෙම තෙල් වර්ගය හිසකෙස් මුල් ශක්තිමත් කර ගැලවී යාම අඩු කිරීමට උපකාරී වේ.
අවශ්‍ය ද්‍රව්‍ය: පිරිසුදු පොල්තෙල් මිලි ලීටර් 100ක්, කරපිංචා කොළ ස්වල්පයක්, වැල් මදට කොළ කිහිපයක්, සහ කීකිරිඳිය කොළ මිටක්
සාදන ක්‍රමය: කරපිංචා, වැල් දෙමට සහ කීකිරිඳිය කොළ රන්වන් පැහැ වනතුරු බැද, පසුව පොල් තෙල්වලට දමා රත් කරන්න. කොළවල සාරය තෙල්වලට මුසු වූ පසු පෙරා ගන්න. මෙම තෙල් දිනපතා හිස්කබලේ ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
හිසකෙස් රෝග සඳහා ප්‍රතිකාර
වර්තමානයේ බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධාන හිසකෙස් රෝග දෙකක් වන්නේ හිස්හොරි සහ උඳුගොවුවන් කෑම (Alopecia areata) ය.
1. හිස්හොරි සඳහා ප්‍රතිකාරය
අවශ්‍ය ද්‍රව්‍ය:
දෙහි යුෂ සහ පොල්තෙල්
සාදන ක්‍රමය: දෙහි යුෂ සහ පොල්තෙල් හොඳින් මිශ්‍ර කර හිස්කබලේ ආලේප කරන්න. විනාඩි 15-20ක් පමණ තබා මඳ රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් පමණ මෙම සත්කාරය කරන්න.
ප්‍රතිලාභ: දෙහි යුෂ හිස්කබලේ ඇති දිලීර නාශකයක් ලෙස ක්‍රියා කරන අතර හිස්හොරි නැති කිරීමට උපකාරී වේ.
2. උඳුගොවුවන් කෑම (Alopecia areata) සඳහා ප්‍රතිකාරය
අවශ්‍ය ද්‍රව්‍ය: ලොකු ලුනූ ගෙඩියක්.
සාදන ක්‍රමය: ලොකු ලූනු ගෙඩියක් ග්‍රේට් කර යුෂ සාදා ගන්න. මෙම යුෂ හිසෙහි තට්ටය පෑදුණු ස්ථානවල ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවරක් හෝ තුන්වරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
ප්‍රතිලාභ: ලොකු ලූනුවල ඇති සල්ෆර් සංඝටක හිසකෙස් වර්ධනයට උත්තේජනයක් ලබා දෙන අතර, රුධිර සංසරණය වැඩිදියුණු කරයි.
සමබර ජීවන රටාවක්
හිසකෙස් ගැටලු ඇති වීමට පෝෂණ ඌනතා මෙන්ම මානසික ආතතිය ද බලපායි. විටමින් B, C, D, E සහ සින්ක්, යකඩ, ප්‍රෝටීන් වැනි පෝෂක හිසකෙස් වර්ධනයට ඉතා වැදගත් වේ. එමෙන්ම, නිසි නින්දක් ලැබීම සහ යෝග වැනි මානසික ආතතිය අඩු කරන ව්‍යායාමවල යෙදීම හිසකෙස්වල නීරෝගි බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
නීරෝගි හිසකෙස් යනු අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබිඹු කරන කැඩපතක් වන නිසා එයට නිසි අවධානයක් යොමු කිරීම අපේම වගකීමක්. ඔබ ඔබේ හිසකෙස් ගැටලුව උත්සන්න වී ඇත්නම් වෛද්‍යවරයකුගෙන් හෝ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. නීරෝගි හිසකෙස් යනු අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබිඹු කරන කැඩපතක් වන නිසා, එයට නිසි අවධානයක් යොමු කිරීම අපේම වගකීමක්.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේශාලංකරණ
ශිල්පි මැණික් හේමචන්ද්‍ර
