Monday, October 13, 2025
Epaper
Home කලා ලොවඅාකාශ ගංගාවරෝහණ 13 වැනිදා එළිදකියි

අාකාශ ගංගාවරෝහණ 13 වැනිදා එළිදකියි

by Thanushika

දුර්ග තරණය තීරු ලිපිය හරහා තරුණී පාඨක ඔබට සමීප වූ සංජීවනී රූපසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ, දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. අැය ලියූ ‘ආකාශ ගංගාවරෝහණ‘ නවතම කෘතිය ඔක්තෝබර් 13 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා පීඨ මණ්ඩල ශාලාවේදී පස්වරු 3.00ට එළිදැක්වේ. මේ ඒ පිළිබඳ ඇය සමඟ කළ කෙටි පිළිසඳරකි.

සංජීවනී, මොකක්ද මේ ‘ආකාශ ගංගාවරෝහණ‘ කියන්නෙ?
අාකාශ ගංගාවරෝහණ කියන්නෙ ඉන්දීය සංචාරක සටහනක්. මට විවිධ අවස්ථාවල විවිධ පර්යේෂණ කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අවස්ථා ලැබුණා. ඒවා බොහොමයක් ශිෂ්‍යත්ව. ඒ ගමන්වලදී මට විවිධාකාරයේ අත්දැකීම්, සිදුවීම්, අකරතැබ්බවලට මුහුණ දෙන්නටත් සිදුවුණා.

විවිධාකාරයේ ජන කොට්ඨාස, දරිද්‍රතාවයෙන් පෙළෙන අය වාගේම ධන කුවේරයනුත් ඇසුරු කරන්නට ලැබුණා. ඊට අමතරව ඉන්දියාවේ සොබා සෞන්දර්ය, කලාව, ආගම, සංස්කෘතිය වාගේම මම දැකපු අපූර්ව ගෘහ නිර්මාණ ආදිය සියල්ලම එකට කැටිකළ ලියැවිල්ලක් තමයි මේ කෘතිය.

ඔබ මේ කෘතිය රචනා කරලා දැන් සෑහෙන කාලයක් නේද?

ඔව්. 2023 වසරේදි වාගේ මම මේ තොරතුරු ඇසුරෙන් අනිද්දා පුවත්පතට තීරු ලිපියක් ලිව්වා. එහි කොටස් 25ක් පමණ පළ වුණා. ඉතින් පොතක් කරන්න හිතාගෙන ඉතිරි ටිකත් ලියලා ඉවර කළා.“

හැබැයි ඔබ පොත මුද්‍රණය කළේ නැහැ.
ඔව්. මොකද පසුගිය වසරේ මුලදි මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් මට එක්සත් රාජධානියට යන්න වුණා. ඉතින් ඒ කටයුතු සමඟ කාර්යබහුල වුණු නිසා මේ පොත එළිදැක්වීම කල් ගියා. නමුත් ඒ ආචාර්ය උපාධියේ පර්යේෂණ කටයුතු සඳහා මේ දිනවල මා ලංකාවට පැමිණි නිසා පොත එළිදැක්වූවා.“

මේ පොත එළිදැක්වීමේ උත්සවය සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම කතා ඇතුළත් කියලා ඔබ කිව්වා.

පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව“ කියන මාතෘකාව යටතේ මෙහි ප්‍රධාන දේශනය පවත්වන්නෙ දර්ශන මේදිස්. සිංහල භාෂාවෙන් සඳරැසී සුදුසිංහත්, මේ අවස්ථාවට සහභාගි වන ඉන්දියන් ජාතිකයන් වෙනුවෙන් මහාචාර්ය අනුෂා සල්වතුරත්, සදිශ් ක්‍රිෂ්ණ පිල්ලෙත් කතා කරනවා. ඊට අමතරව මට මේ කටයුතු සඳහා අරමුදල් සැපයූ දකුණු ඉන්දියාවේ රෙනේසන්ස් ට්‍රස්ට් ආයතනය සහ එක්සත් රාජධානියේ සොලිඩැරිට් ෆො මලයගම් ආයතනය ගැනත් මම ස්තූති පූර්වකව මතක් කරන්නම ඕනේ. “

ඔබ පොත් බොහෝ ප්‍රමාණයක් පාඨකයන් වෙත තිළිණ කළ ලේඛිකාවක්. අපි ඒ ගැනත් මතක් කරමු.

මගේ මුල්ම පොත ‘රාසි‘ කියන කවි පොත. ඊට අමතරව ‘පෙරදිග ස්ත්‍රීවාදය, අසිරිමත් චීන දර්ශන, මහාචාර්ය ගුණපාල ධර්මසිරි ජීවිතය හා දර්ශනය (‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයන්ත බෝගොඩ සමඟ එක්ව) කියන පර්යේෂණ කෘතිත්, ‘රේගන්‘ නවකතාව, ‘නොදුටු තුරකින් පැමිණි සුවඳක්’ තීරු ලිපි සංග්‍රහය වගේම ‘කාන්තාව සවිබල ගැන්වීමේ පුහුණු අත්පොත්’ කිහිපයකුත් එළිදක්වා තිබෙනවා.

චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?