Monday, October 13, 2025
Epaper
Home කලා ලොව‘ශ්‍රී ලංකා පින්තාරු ක්‍රම’ කෘතිය එළිදකී

‘ශ්‍රී ලංකා පින්තාරු ක්‍රම’ කෘතිය එළිදකී

by Thanushika

නිර්මාණශීලීත්වයේ සැබෑ අරුත ජීවිතය බවට පත් කරගත් දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ රම්‍යාලී ලීලාරත්න සිය අත්දැකීම්, දැනුම සහ නිර්මාණ සියල්ල අන්තර්ගත කරමින් ‘ශ්‍රී ලංකා පින්තාරු ක්‍රම’ නමින් අගනා කෘතියක් පාඨකයන්ට තිළිණ කර තිබේ. උපතින්ම හිමි වූ දෑතේ හැකියාව අඛණ්ඩ කැපවීමෙන් හා පුහුණුවෙන් ඔප් නංවා ගත් ඇය, වත්මන් පරපුරට සහ දිරිය දියණියන්ට අත දීමේ පරම අරමුණින් මෙම කෘතිය එළිදක්වා ඇත.

රම්‍යාලී ලීලාරත්න යනු හුදෙක් ශිල්පිනියක නොව, තම නිර්මාණ තුළින් ජීවිතයට ආලෝකයක් ලබාදෙන කලාකාරිනියකි. ඇයගේ නිර්මාණශීලී ගමන ආරම්භ වන්නේ සිසුවියකව සිටියදීය. එතැන් පටන් ඇය විසින් අත්පත් කරගත් පුළුල් පළපුරුද්ද, සාම්ප්‍රදායික හා නවීන ශිල්ප කර්මයන්හිදී ඇයගේ විශිෂ්ටත්වය තහවුරු කර ඇත.

විශේෂයෙන්ම ඉඳිකටු හා නූල් කර්මාන්තය (Embroidery & Needlework), රෙදිපිළි මත සිතුවම් (Fabric Painting) සහ අත්කම් නිර්මාණ (Handicrafts) වැනි ක්ෂේත්‍රවල ඇය දක්වන නිපුණතාව අති විශිෂ්ටය. මෙම එක් එක් නිර්මාණය තුළින් ඇයගේ සිත පිරවූ ප්‍රේමය, දැඩි කැපවීම සහ ඉහළම නිර්මාණ මට්ටමක රැඳී සිටීමට ඇති උත්සාහය පැහැදිලිව විදහා දක්වයි.

ඇයගේ නිර්මාණශීලීත්වය යනු පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවේ. එය තම දෑතේ හැකියාවෙන් ජීවිතය ජය ගැනීමට වෙර දරන සෑම දියණියකටම ආධාරයක් හා ශක්තියක් ලබාදීමේ පුළුල් සමාජ අරමුණක් සහිත ව්‍යාපාරයකි. මෙම උදාර අරමුණ නිසාම ඇයගේ නිර්මාණ ‘පාරම්පරික අගයක්’ ලෙසින් හෙට දවසේ කලාකරුවන් අතර පිළිගැනෙනු නිසැකය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?