විසිතුරු මසුන් ඇති කිරීම කියන්නේ වයස් භේදයකින් තොරව බොහෝදෙනෙක් හරිම ආසාවෙන් කරන විනෝදාංශයක්. ඇත්තටම කිවුවොත් ඒක එක්තරා විදිහක Art එකක්.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට තියෙන්නේ ශත වර්ෂ ගණනාවකට පෙර සිටන් පැවත එන ඉතිහාසයක්. මුලදී, පොකුණු සහ කෘත්‍රිම ජල තටාක සඳහා අලංකරණ මාධ්‍යයක් ලෙස මෙය භාවිත කර තිබුණා.
කාලයාගේ ඇවෑමෙන්, විදේශීය සහ වර්ණවත් මසුන් සඳහා ඇති ඉල්ලුම වර්ධනය වූ අතර, විශේෂිත අභිජනන ක්‍රම දියුණු කිරීමට එය හේතුවක් වූවා.
අද, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ගෝලීයව පැතිර පවතින අතර, ලොව පුරා සිටින විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට ළැදි පුද්ගලයින් ඔවුන්ගේ මින් මැඳුර අලංකාර කිරීමට මෙම කලාව තෝරාගෙන තිබෙනවා.
මින් මැඳුරු අලංකාර කරන විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමක්, විදේශීය මත්ස්‍යයින් මෙරට ගංගා, ඇළ, දොළවලට මුදා හැරීමත් සමඟින් ධීවර කර්මාන්තයට සිදුවූ අගතිය පිළිබඳ මේ දිනවල කතාබහට ලක්වූවා.
නිවෙසේ ඇති මාළු ටැංකිය දිහා ඇස අහකට නොගෙනම බලා සිටින, මාළු එහෙට මෙහෙට පීනනවා බලන් ඉන්න අයට මේ තහනම් කරපු මාළු විශේෂ කිහිපය නැති අඩුව තේරේවිද? අපි ඒ ගැන කතාබහ කරන්නට හිතුවා.
මොනවද මේ තහනම් කළ මත්ස්‍ය විශේෂ?
විදේශ රටවලින් ආනයනය කරන මත්ස්‍ය විශේෂ හතරක් මේ සඳහා එක් වෙනවා.
*පිරානා මත්ස්‍ය විශේෂය – Piranha (Pygocentrus spp)
*නයිෆ් ෆිෂ් මත්ස්‍ය විශේෂය – Knife fish(Chitala spp)- මේ වර්ගයේ 6ක් පමණ සිටිනවා.
*ඇලිගේටර් ගා මත්ස්‍ය විශේෂය – Alligator gar (Atractostous spatula)
*රෙඩ් ලයින් ස්නේක් හෙඩ් මත්ස්‍ය විශේෂය – Red line snake head (Channa micropeltes)
මේ මත්ස්‍ය වර්ග පිළිබඳ කෙටියෙන් සඳහන් කළොත්?
පිරානා විශේෂ 30කට වඩා ඉන්නවා. මින් වඩාත් ජනප්‍රිය වර්ගය වන්නේ රතු උදරය සහිත පිරානා. මේ මත්ස්‍ය විශේෂය දකුණු අමෙරිකාවේ ජල පද්ධතිවල ස්වභාවික සිටින මත්ස්‍ය වර්ගයක්. රතු උදර සහිත පිරානා සාමාන්‍යයෙන් ආරක්ෂක උපක්‍රමයක් ලෙස කණ්ඩායම්වයි ගමන් කරන්නේ. කළු පැහැ උදර සහිත පිරානා ද ඉන්නවා. මාළු ටැංකියේ සිටින ලස්සන මාළුවෙක්. ඉතාම සක්‍රියවම ගොදුරුවලට යන මේ මාළුවා මාළුන්වම ආහාරයට ගන්නවා. මාළු ටැංකියට කෑම දමද්දී පවා මේ මාළුවා ඇඟිල්ල හපන්නට පුළුවන්. මෙවැනි මාළු වර්ග ජලාශවල බෝ වීම අතිශය භයානකයි.
Knife fish ආසියාතික රටවල ගංගා ආශ්‍රිතව සිටින මත්ස්‍යයෙක්. එයට අයත් මාළුන් වර්ග 6ක් තහනම් කළ ගොන්නට අයත්. මොවුන් ජලාශවලට අත්හැරීම නිසා ධීවර කර්මාන්තයට හානි දෙන කොටසක් වෙළා.
ඇලිගේටර් ගා විශේෂය කිලෝග්‍රෑම් 150ක් පමණ විශාල වෙනවා. උතුරු අමෙරිකාවේ මිසිසිපි ගඟ ආශ්‍රිතව වැඩෙන මත්ස්‍යයෙක්. කරදියෙහි වෙසෙන්නත් මේ මත්ස්‍යයාට හැඩගැහෙන්න පුළුවන්. දැනට ලංකාවේ ගෙවල්වලත් මේ මත්ස්‍යයා ඉන්නවා. අභිජනනයත් වෙනවා. මාංශ භක්ෂක මත්ස්‍යයෙක්.
අභිජනනයවීම නැවැත්වීමටයි දැන් උපදෙස් දී තිබෙන්නේ. මේ මත්ස්‍ය වර්ගය දැන් ලංකාවට හුරු වෙලයි ඉන්නේ. මාළු ටැංකියට මාළුවෙක් දමා ගොදුරක් ලෙස ගිල දමන(Monstar fish) අන්දම දකින්න ඇතැමුන් කැමැත්තක් දක්වනවා. මෙවැනි මත්ස්‍යයන් තම නිවෙසේ මාළු ටැංකියට එක් කරගන්නවා.
මේ මාළු වර්ගය පිහිනන අන්දම හරිම අපූරුයි. තේජාන්විතවයි පීනන්නේ. හොඳ පෙනුමකිනුත් යුතු නිසා බොහෝ අය මාළු ටැංකිවලට මෙවැනි මාළු එකතු කරගැනීමට කැමැතියි.
මෙවැනි මාළුවන් විශාල වෙද්දී නිවෙසේ මාළු ටැංකියේ ප්‍රමාණයට දරන්න බැරි වීම නිසා ගෙහිමියන් කරන්නේ මේ මාළුන්ව ඇළකට දොළකට මුදා හරින එක. මාංසභක්ෂක, නිශාචර මත්ස්‍යයෙක් වන නිසා ගංගා, ඇළ, දොළවල සිටින මාළුන්ව ආහාරයට ගන්නේ. මාංශභක්ෂික මත්ස්‍යයන් බොහෝ විට නිශාචරයි. එනම් ඔවුන් වඩාත් සක්‍රිය වන්නේ රාත්‍රී කාලයේ. අනෙක් මාළු වර්ග බොහෝවිට සර්වභක්ෂකයි. ඔවුන් රාත්‍රී කාලයේ විවේක සුවයෙන් නින්දට යනවා. මාංශ භක්ෂක මත්ස්‍යයන් අනෙක් මාළුන් ආහාරයට ගන්නේ ඒ අනුව. මේ තත්ත්වය නිසා මිරිදිය මත්ස්‍ය ගහනයට තර්ජනයක් එල්ල වී තිබෙනවා. පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ දැදුරු ඔයේ සිටිනා මාළු වර්ගය වන්නේ Red line snake head වර්ගය. Channa යන වර්ගයට අයත් ලූලන් අයත් යන මාළු වර්ග 5ක් ලංකාවේ දක්නට ලැබෙනවා. ගං ආරා, ලූලා, මඩ කනයා, පරඬැල් කනයා, කොළ කනයා මේ වර්ගයට අයත් මාළුන්.
මොවුන්ද රාත්‍රී කාලයේ පහසුවෙන් ගොදුරු කරා අැදී යනවා. වර්ෂාපතන රටාවත් සමඟ මොවුන්ගේ බෝ වීම සිදුවෙනවා. ඊසාන දිග සහ නිරිත දිග මෝසමේදී මොවුන් බිත්තර දහස් ගණනින් දමනවා. මේ වර්ගයේ මාළු ඔවුන්ගේ වර්ගයෙහි මාළුන්වම කා දැමීම විශේෂත්වයක්.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ධීවරයන් මෙන්ම මිරිදිය මසුන් ආහාරයට ගැනීමෙන් තම ප්‍රෝටීන අවශ්‍යතාව පිරිමසා ගන්නා පිරිසක් ඉන්නවා. දැදුරු ඔයේ ඉහත කී මාළු අස්වැන්න අඩුව ඇත්තේ Red line snake head මාළුන්ගේ බෝවීම වැඩිවී උන් අනික් මත්ස්‍යයන් කා දැමීම නිසා.
ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කොට ඇත්තේ මේ මාළු විශේෂය. නිවෙසේ මාළු ටැංකියට ආකර්ෂණීය බවක් ගෙන දෙනවා.
මෙරට මාළු වර්ග 98ක් සිටිනවා. ඉන් 58ක්ම සිටිනුයේ මෙරට පමණයි. මොවුන් ඒකදේශික මත්ස්‍යයින්.
ඉදිරියේදී තහනම් කළ මාළු වර්ග ළඟ තබා ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටිය කුමක්ද?
ඉදිරියේදී තහනම් කළ මේ මාළු වර්ග ළඟ තබාගෙන සිටීම නීතිවිරෝධී දෙයක් ළඟ තබා ගැනීම හා සමානයි. ඔබ කළ යුත්තේ එම මාළුන් පිළිබඳ තොරතුරු ලබාදීම පමණයි. මේ මාළුන්ට ඇති කැමැත්ත නිසාම ඇතැම් විට මෙසේ ළඟ තබා ගන්නා අයට බලපත්‍රයක්් නිකුත් කරාවී. මෙහිදී මාළු සිටියේ දෙන්නෙක් නම් මින් එක් මාළුවෙක් මිය ගියේ නම් එම මියගිය මාළුවා පෙන්විය යුතුයි. නැත්නම් එය අන්සතු කළා යැයි නිගමනයකට එළඹේවි.
තහනම් කළ මාළු විශේෂය ආනයනය, ළඟ තබා ගැනීම, අභිජනනය, වගා කිරීම, විකිණීම, ප්‍රදර්ශනය තහනම්. ලංකාවේ අනුමත සත්‍වෝද්‍යානවල මින් මැදුරු ඇතුළු බලයලත් මින් මැදුරුවල ප්‍රදර්ශනය කරන්න පුළුවන්. මේ සඳහා වන බලපත්‍රය ධීවර හා සාගර සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ලබා ගතහැකියි.
තහනම් කළ මාළු වර්ග පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කොට තිබේද?
තහනම් කළ මාළු වර්ග පිළිබඳ හෝ ගැසට් නිවේදනය නුදුරේදීම ක්‍රියාත්මක වනු ඇති.
එහෙත් මින් මැඳුරුවල ප්‍රදර්ශනය කිරීම කළ හැකියි.
මාළු ටැංකිවල ඇති කළ හැකි මාළු වර්ග මොනවාද?
විදෙස් රටවලින් ගෙන්වන ඉතාම අහිංසක මාළු වර්ග තියෙනවා. ටෙට්ට්‍රාස් වර්ග, බාබ් වර්ග, ගෝල්ඩ් ෆිෂ්, ඒන්ජල්, ඩිස්කස් වැනි මාළු වර්ග නිවෙසේදී මාළු ටැංකිවල ඇති කරන්න පුළුවන්.
තහනම් කළ Monstar වර්ගයේ මාළු වර්ග හැර අනෙක් මාළු වර්ග ටැංකිවල ඇති කිරීමට කිසිදු බාධාවක් නැහැ.
මත්ස්‍ය ජාන විශේෂඥ
A.R. මුදලිගේ
ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි