Monday, October 13, 2025
Epaper
Home Highlightsඔබේ සිරුර කොල්ලකන ඉක්මන් රසකාරක

ඔබේ සිරුර කොල්ලකන ඉක්මන් රසකාරක

by Thanushika

රසවත් හා පහසු ආහාර පිළියෙල කිරීමේ ක්‍රමයක් ලෙස සුප් කැට සහ ස්ටොක් පව්ඩර් බහුලව භාවිතා වේ. නමුත්, මෙම ඉක්මන් රසකාරක ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය අවදා නම් ගැන වීමසිල්ලක් දක්වන විද්‍යාත්මක අධ්‍යයන රැසක් පවතී. අධික ලෙස හා දිනපතා මේවා ආහාරයට එකතු කිරීම පිළිකා වැනි රෝගවලට හේතු විය හැකි බවට සැකයක් පළ වී ඇත.

මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ කුමක්ද?

මෙම ආහාරවල ප්‍රධාන අංගය වන්නේ මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG) නම් රසකාරකයයි. MSG යනු ස්වාභාවිකව හමුවන ග්ලූටමික් අම්ලයේ සෝඩියම් ලවණයකි. එය ආහාරයට එකතු කරන විට, මොළයට (umami) යන රසය හැඳින්වීමේ සංඥාවක් යවයි. නමුත්, අධික මාත්‍රාවක් සහ දිගුකාලීන භාවිතය ගැටලු සහගත විය හැකිය.

පර්යේෂණ මඟින් මේ සම්බන්ධව විවිධ අවදානම් තත්ත්ව හෙළි වී ඇත.

1. අධික ලවණ ප්‍රමාණය:

සුප් කැට සහ ස්ටොක් පවුඩර්වල ලවණ ප්‍රමාණය ඉතා අධිකය. අධික ලවණ භාවිතය හෘද රෝග, stroke හා high blood pressure වැනි රෝගවලට හේතු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දිනකට ලවණ ග්‍රෑම් 5කට වඩා භාවිතා නොකිරීමට නිර්දේශ කරයි. සුප් කැට එකකින්ම මෙයින් බොහෝ දුරට ඉක්මවා යා හැකිය.

2. පිළිකා ඇති කිරීමේ හැකියාව:

සමහර පර්යේෂණවලට අනුව, MSG සහ එහි අනුඵල ද්‍රව්‍ය දිගුකාලීන භාවිතයේදී ශරීරයේ පිළිකා සෛල වර්ධනයට බලපෑම් කළ හැකිය. 2019 දී පළ වූ Nutrition and Cancer නම් වෛද්‍ය ජර්නලයේ අධ්‍යයනයකින් හෙළි වූයේ අධික MSG භාවිතය ඇතැම් පිළිකා වර්ග සමඟ සම්බන්ධතාවක් පෙන්වන බවයි. එසේම, Journal of Clinical Oncology හි පළ වූ අධ්‍යයනයක් MSG සහ ආමාශයේ පිළිකා අතර සම්බන්ධතාවක් ගැන වාර්තා කරයි.

3. සංස්ලේෂිත රසායනික ද්‍රව්‍ය

මෙම ආහාරවල ඇති රසය, ස්වාභාවික එළවළු හෝ මස් වෙනුවට රසායනිකව සංස්ලේෂණය කරන ලද ද්‍රව්‍ය මඟින් ලබා ගනී. මෙම රසායනික ද්‍රව්‍ය දිගුකාලීන භාවිතයේදී ශරීරයට හානිකර විය හැකි අතර, වකුගඩු රෝග, අක්‍රමිකතා සහ මානසික සුවයට ප්‍රතිකූල බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතී.

මේ සඳහා රසය මර්දනය නොකර සිරුර ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍යසම්පන්න විකල්ප භාවිත කළ හැක්කේ කෙසේද?

මිනිසුන් පුරුදුව සිටින්නේ රසායනික දේ පරිභෝජනය කිරීමටය. නමුත් සුප් කැට, ස්ටොක් පවුඩර් වෙනුවට ඒ රසයම ගත හැකි ස්වාභාවික දේ අපට යොදා ගැනීමට හැකියාවක් ඇත.

1. ස්වාභාවික සුප් ස්ටොක්

එළවළු, කොස්, බිත්තර හෝ මස් කැබලි, (ලූනු, සුදු ලූනු. කරාබු නැටි, ගම්මිරිස් වැනි කුළුබඩු) සහ ජලය සමඟ පිළියෙල කර ගන්න. මෙය රසයෙන් පිරිපුන් වන අතර සෞඛ්‍යසම්පන්න බවින් ද අනූනය.

2. ස්වාභාවික සුවඳ

සුදුලූනු, ලූනු, කහ, ගම්මිරිස්, වැනි ස්වාභාවික ද්‍රව්‍යයන් ආහාරයට ප්‍රකෘතිමත් රසයක් එක් කරයි.

3. ලවණ අඩු කිරීම

ආහාර පිළියෙල කිරීමේදී ලවණ ප්‍රමාණය අඩු කිරීමෙන් හෘද රෝග සහ රුධිර පීඩන ගැටලු වළක්වා ගත හැකිය.

ඔබේ සෞඛ්‍ය පිළිබඳ යහපත් තොරතුරු තෝරා ගත යුත්තේ ඔබ විසින්මය. තවදුරටත් ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම ඔබේ අයිතියක් සේ සිතා රජයේ සෞඛ්‍ය කාර්යාල පවුල් සැලසුම් කාර්යාල සහ රෝහල් මඟින් ද මෙම සේවාවන් නොමිලේම ලබාගත හැකිය.

සුප් කැට සහ ස්ටොක් පවුඩර් භාවිතයෙන් වැළකීම හෝ ඉතා සුළු ප්‍රමාණවලින් භාවිත කිරීම වඩාත් සුරක්ෂිතය.

ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාභාවික ආහාර පිළියෙල කිරීමේ ක්‍රම අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය වේ. ඒ හරහා පිළිකා රෝගයෙන් පමණක් නොව, හෘදරෝග, රුධිර පීඩනය, වකුගඩු රෝග සහ මානසික අස්ථිරතාව වැනි සියලුම ලෙඩ රෝගවලින් මිදීමට හැකියාවක් ඇත. ඔබේ ආහාර රටාව ගැන අදම සිතන්න.

 

දිලක්ෂි විමලසේන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?