Tuesday, October 14, 2025
Epaper
Home Beautyවයසට වඩා තරුණ පෙනුමට රස රහසක්

වයසට වඩා තරුණ පෙනුමට රස රහසක්

by Thanushika

එදිනෙදා සමාජ ජීවිතය තුළ කාර්‍යබහුලත්වය වගේම විවිධ භූමිකා තුළ ක්‍රියාත්මක වීම තුළ අපිට අපේ සුන්දරත්වය කියන එක මඟ හැරිලා ගිහින්. මුහුණට දක්වන සැලකිල්ල අත්, කකුල් ඇතුළු ශරීරයේ සමස්ත සමට දෙන්න බැරි වෙලා. සමහර මුහුණ සුදුයි අත්, කකුල් වෙනස් පැහැයක් වෙලා.

මේ සියලුම දේ එක්ක වයසට වඩා වයසක ගතියක් සම නිසා ඔයාගේ පෙනුමට එකතු වෙලා. අවුරුදු තිහ හතළිහ වෙනකොටත් ඔයාගෙ පෙනුම තරුණව තියාගන්න වගේ ම නීරෝගි සමක් එක්ක නීරෝගි ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන් වෙන්න නම් ඔයා ඔයා ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්න ඕන. අන්න ඒ විදිහට සම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන විදිහ වගේම අපේ age එක reverse කරගන්න පුළුවන් හොඳම ක්‍රම කිහිපයක් ගැන salon bio & academy කුමාරි ගුණසේකර මහත්මිය සමඟ අපි කතා කළා.

“මම විශ්වාස කරන විදිහට වයස කියන්නේ ඉලක්කමක් විතරයි. නමුත් අද වෙනකොට සමාජයේ තියෙන කාර්‍යබහුලත්වය සහ ආහාර රටාවන් මත මේ සමේ පවතින elastic ගතිය අඩු වෙලා වයසට වඩා වයසක් බොහෝ දෙනාට පේන්න අරගෙන. ඕනම කෙනෙක්ට දැනට ඉන්න ස්වරූපය වෙනස් කරගන්න නීරෝගි skin එකක් හදාගන්න මුලින්ම තමන්ගේ ස්කින් එක හරියට හදුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඔයාගේ සම වියළි සමක්, තෙල් සහිත සමක් ද, සාමාන්‍ය සමක් ද වගේ මුලින්ම සම හරියට හඳුන ගන්න ඕන. ඒ හඳුනා ගැනීමෙන් පස්සේ අපට පුළුවන් අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න. ඔයාට පුළුවන් වෛද්‍යවරයෙක් ළඟට හෝ beautician කෙනෙක් ළඟට ගිහින් සරල පරික්ෂාවකින් ඔයාගේ සම හඳුන ගන්න. සරලවම ගත්තොත් අපේ සම කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

චර්මය සහ අපිචර්මය. මුලින්ම ‘අපිචර්මය’ එහෙම නැත්නම් උඩින් පේන්න තියන සම ආරක්ෂා කරගන්න ගමන් සම අභ්‍යන්තරයේ පෝෂණයටත් අවශ්‍ය ආහාර රටාව සහ විටමින් වර්ග ශරීරයට එකතු කර ගතයුතුයි. වතුර කියන්නේ ඕනම වර්ගයක සමක් අයිති කෙනෙක්ගේ සමේ ස්වභාවය වෙනස් කරලා සම නීරෝගි කරන්න බලපාන දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්.

අවුරුදු විස්සෙන් පස්සෙ වයසට යන සම නීරෝගි කරගන්න වතුර ප්‍රධාන වශයෙන් බලපෑම් කරන දෙයක්. සුන්දරකම කියන්නේ නීරෝගි සමකට. ඒ සඳහා අපි cream එකකින් සුදු වෙනවට වඩා සම ගැන සැලකිලිමත් විය යුතුමයි. “

ඔයාට තියෙන්නේ වියළි සමක් නම්,

වියළි සමකට අනිවාර්යයෙන්ම අපි විශේෂ අවධානයකින් පෝෂණයක් දෙන්නම ඕන. සාමාන්‍යයෙන් දිනකට වතුර ලීටර් හතරක්වත් බොන්න ඕන. මොයිෂ්චර් ගතිය නැති වුණාම තමයි හම dehydrate වෙන්නේ. අපි කරන රැකියාව, කාලගුණය, අපිට පරම්පරාවෙන් ලැබෙන ජාන අනුව මේ වියළි තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙකුගෙ සම dry වෙනවා කියන්නේ එයාගේ සැලකිලිමත්කම අඩුයි කියන එක. ගෙදරදි පැක් එකක් දාලා මරුණු සම ඉවත් කරගන්න ඔයාට පුළුවන්. Salon නොයා නිවසේදීම කරගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර ක්‍රමයක් මම කියන්නම්. මී පැණිවලට කහ, සීනි එකට මිශ්‍ර කරලා scrub එකක් විදිහට මුළු සිරුරෙම ආලේප කරලා විනාඩි කිහිපයක් ඉන්න. ඉන්පසුව හොඳින් ස්ක්‍රබ් කරලා මැරුණු සම ඉවත් කරගන්න පුළුවන්. මේකෙන් මැරුණු සම ඉවත් වෙනවා වගේම සමට පෝෂණයක් එක්ක තෙතමනයක් එකතු වෙනවා. ඊළඟට අපිට පුළුවන් පැක් එකක් භාවිත කරලා මේ වියළි බව අඩු කරගන්න. අලිගැටපේරවලට මී කිරි හෝ මී පැණි කලවම් කරලා පැක් එකක් විදිහට ඇඟේ ටික වෙලාවක් තියෙන්න දෙන්න පුළුවන්. මේ දේවල් එක්ක වතුර බොන එකත් ඉතාමත් වැදගත්. ඒ වගේ බාර්ලි භාවිත කරන එක බොහොම වැදගත් දෙයක්. ඔයාගේ ඇගේ තියෙන උෂ්ණත්වය නිසා මේ වියළි සම ඇති වෙලා තියෙනව නම් ඒක නැති කරගන්න බාර්ලි තැම්බූ වතුර පානය කරනවා කියන්නේ ශරීර අභ්‍යන්තරයට ලබා දෙන හොඳ පෝෂණයක් “

ඔයාගේ තෙල් සහිත සමට ,

තෙල් අධික oily skin එකක් කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් ඔයා. හමේ Sebum කියන oil එක මේ oily skin එකේ දී සමේ මතුපිටට එනවා.එළියෙ තියෙන කුණු දූවිලි සියලුම දේවල් මේ oil එකට ඇලෙනවා. ඒ එක්කම සමේ සෑහෙන්න ප්‍රශ්න ඇති වෙනවා. කුරුලෑ එනවා, ගෙඩි දානවා, තෙල් සහිත බව පේන්න තියෙනවා. මේ හැමදේටම බලපාන ප්‍රධාන හේතුව තමයි ආහාර රටාව. ගොඩක්ම කඩවලින් ගන්න ක්ෂණික ආහාර ෂෝර්ටීස්, තෙල්වලින් කරන ලද ආහාර වගේම අනවශ්‍ය ආකාරයේ සෞඛ්‍යාරක්ෂිත නොවන කෑම රටාව මේකට හේතුවක්. තෙල් සහිත සමක් තියෙන අය හොඳට එළවළු ටිකක් කාලා, කොළ කැඳ එකක්, කොළ ටිකක් කනවනම් මේ ස්වභාවය අපිට පාලනය කරගන්න පුළුවන්. යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම මඟින් අපිට වයසට යන සම නීරෝගි කරගන්න වගේ ම තෙල් අධික සමක් නීරෝගි කරගන්නත් පුළුවන්. ඒ සඳහා නිවසේදීම අපිට ස්කින් එකේ ඔයිල් ගතිය අඩු කරගන්න පුළුවන් ක්ලෙන්සර් එකක් කරගනිමු. පිපිඤ්ඤා සාරය, දෙහි ඉස්ම ටිකක් සමඟ මිශ්‍ර කරලා පුළුන් කැබැල්ලකින් මුහුණේ උඩු අතට පිරිමදින්න. එතකොට සම්පූර්ණ oily ගතිය නැති වෙනවා. ඉන්පසුව බාර්ලි කුඩු ටිකක්, සුදු හදුන් කුඩු ටිකක්, කොකුම් කුඩු, සම සමව අරගෙන සම්පූර්ණ බිත්තරයක් එක්ක කස්තුරි කහ සහ රෝස් වෝටර් දාලා හොඳට මිශ්‍ර කරලා පැක් එකක් හදාගන්න පුළුවන්. ඒ පැක් එක ශරීරයටම භාවිත කරන්න වුණත් පුළුවන්.

oily සමට භාවිත කිරීම මඟින් oily ගතිය සම්පූර්ණ නැති වෙලා යනවා වගේම ඉතා නීරෝගි සමක් ඔබට ලබා ගැනීමටත් හැකියාවත් ලැබෙනවා. තවත් සරල වගේම පහසු ක්‍රමයක් විදිහට කඩෙන් ‘පැක් බේස්’ අරගෙන ඉන් හැඳි දෙකකට බිත්තර සුදු මදය, සුදු හඳුන් සහ කහ සමඟ නිවුණු උණු වතුර මිශ්‍ර කරලා පැක් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. සතියට එක වතාවක් වගේ භාවිත කිරීම මඟින් තෙල් සහිත සම නීරෝගි කරගන්න වගේම සමේ වයසට යෑමේ ශීඝ්‍රතාවය අවම කරගන්නත් පුළුවන් .

වයසට යන සමේ තරුණ බව රැකගන්න නම්,

දිනපතා ගමන් බිමන්වලදි හොඳ කුඩයක් භාවිත කරන්න. ඇතුළ අලු පැහැති සහ පිට කළු පැහැති පාට තියෙන හිරු එළියෙන් ආරක්ෂා වෙන විදිහෙ කුඩයක් භාවිත කරන්න. Pigmentation, Sunburn ඇති වෙලා තියෙන්නේ ගොඩක් අයගෙ මේ ප්‍රශ්නෙ එක්ක. හොඳ Sunblock එකක් භාවිත කරලා, කුඩයක් භාවිත කරලා වතුර හොඳින් බොනව නම් සමට වෙන හානිය අපිට වළක්වා ගන්න පුළුවන්. මේ හම පරිස්සම් කරගන්න අපි ගොඩක්ම උනන්දු වෙන්නේ ගොඩක් හානි වුණාට පස්සේ. වයසට යන සමක වයසට වඩා තරුණ සමක් තියාගන්න අපිට දිනපතා ස්නානය සහ නිවැරදි කෑම රටාව වඩාත් වැදගත් වෙනවා. මේ වගේ ම ගොඩක් අයගෙ මුහුණ විතරක් ලස්සනයි. නමුත් කකුල්, අතපය හරිම අපැහැදිලි ඩ්‍රයි බවක් තියෙනවා. මූණ විතරක් නෙමෙයි කකුල් දෙක, අත් දෙක සුන්දරව තියාගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. හොඳින් වතුර බොන්න. වියළි බව නැති වෙන්න සම්පූර්ණයෙන් ශරීරයටම එකම විදිහට සත්කාර කරන්න. හොඳින් නියපොතු කපලා, මෙනික්‍යු එක පෙඩික්‍යු එකක් ගෙදරදීම කරගන්නත් පුළුවන්. ඒ හරහා මැරුණු සම ඉවත් කරගන්න වගේම dryness එක නැති කරගන්න, මොයිෂ්චර් ගතිය ඇති කරගන්නත් අපිට පුළුවන්. ස්නානය කරන වෙලාවට මුළු ශරීරයේ ම මේ ස්ක්‍රබ් එකක් ගාලා විනාඩි කිහිපයක් ඉඳලා නාන්න. මේක ඕනම සමක් තියෙන කෙනෙක්ට වයසට වඩා වයස පේන සම නීරෝගි කරගන්න හොඳ අවස්ථාවක්.

රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?