Monday, October 13, 2025
Epaper
Home Beautyගැළවෙන කොණ්ඩයට පේර කොළ සත්කාරය

ගැළවෙන කොණ්ඩයට පේර කොළ සත්කාරය

පේර කියන්නේ අසාමාන්‍ය විස්මිත ගු ණයක් සහිත ශාකයක්

by Thanushika

“ඉස්සර මිනිස්සුන්ගේ කොණ්ඩ හරි දිගයි. ඒ වගේම ඝනකමයි. තද කළු පාටයි. ඒ වුණාට දැන් කාලේ ගෑනු ළමයින්ගෙ කොණ්ඩවල නීරෝගි පෙනුමක් ඇත්තෙම නැහැ.කිසිම ඝනකම් ගතියකුත් නැහැ. ඉස්සර මිනිස්සු මොනවද දන්නෑ කොණ්ඩවලට පාවිච්චි කළේ.”

මෙය වර්තමානයේ කොණ්ඩ සම්බන්ධයෙන් කාන්තාවන්ට බහුලව ඇතිවෙන ප්‍රශ්නයක්. කෙරටින් සත්කාර, ෂැම්පු, කන්ඩිෂනර් ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් වර්තමාන තරුණ පරම්පරාවට වඩා ඔවුනගේ කොණ්ඩවල ඇත්තේ නීරෝගි පෙනුමකි. ඒ රහස කුමක් වන්නට ඇතිද?

බහුතරයක් නිවෙස්වල දක්නට ලැබෙන පේර ශාකය මඟින් කාන්තාවකගේ කොණ්ඩය ඇතුළු රූ සපුව වර්ධනය කළ හැකි යන වග ඔබ දැන සිටියාද? එන්න අපි ඒ පිළිබඳව ආයු ලංකා ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චමිලා නිශාදරී සමඟින් සාකච්ඡා කරමු.

“පේර කොළවල ඖෂධීය ගුණ”

“පේර කියන්නේ අසාමාන්‍ය විස්මිත ගුණයක් සහිත ශාකයක්.

පේර ගෙඩිවල වගේම පේර කොළවලත් විටමින් A, විටමින් C සහ B2 පොටෑසියම් ආදී ගුණ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තිබෙනවා. වයසට යාම අවම කරවා ගැනීමට, හිස කෙස් වර්ධනයට, හිස්හොරි මර්දනයට, සම දීප්තිමත් කර ගැනීමට, මුඛයෙන් එන දුර්ගන්ධය අවම කර ගැනීමට, පිළිකා මර්දනය සඳහා කොලෙස්ට්‍රෝල් හා දියවැඩියාව වැනි රෝග සඳහා මෙන්ම තරබාරු බවින් මිදීමටද පේර කොළ ඉතාමත් ගුණදායක ඖෂධයක්.

පේර කොළවල තිබෙන විශේෂිතම ලක්ෂණය තමයි මෙය ලොකු සිසිලක් සහිත ශාකයක් නොවීම. ඒ නිසා ලොකු කුඩා භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිත කරන්න පුළුවන්.

හිස කෙස් ගැලවීම අවම කර ගැනීමට

පේර කොළ දහයක් පහළොවක් වගේ ප්‍රමාණයක් ගෙන එය ඉතා හොඳින් පිරිසුදු කරන්න සෝදා තම්බාගන්න. අවශ්‍ය නම් උළු හාල් ඇට කිහිපයක් එයටම දමා ගන්න. විනාඩි විස්සක් පමණ කාලයක් වසා තම්බා ගැනීමෙන් පසු එය නිවාගන්න. එය හොඳින් පෙරා හිසකෙස් තෙමා ගැනීම සඳහා භාවිත කළ හැකිය.

එමෙන්ම තම්බාගන්නා වතුර සඳහා පේර කොළවලට අමතරව කරපිංචා කොළ ද මිශ්‍ර කර එම ජලයෙන් සෝදා ගැනීමෙන් ද හිසකෙස් ගැලවීම මර්දනය කර ගත හැකියි.

මෙය සතියට දෙවතාවක් පමණ භාවිත කිරීමෙන් ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගත හැකිය.

හිස්හොරි මර්දනය සඳහා

පේර කොළ කිහිපයක් ගෙන හොඳින් සෝදා එය තලපයක් වන සේ අඹරා ගන්න. ඉන්පසුව හිස්කබලේ ආලේප කර හොඳින් සම්බාහනය කර මඳ උණුසුම් ජලයෙන් හෝ සිසිල් ජලයෙන් සෝදා හරින්න. පොඩි දරුවන් සඳහා භාවිත කරනවානම් උදේ කාලයේදී භාවිත කිරීම ඉතාමත් සුදුසුයි.

කොණ්ඩයේ ඝනකම සහ කළු වර්ණය පවත්වා ගැනීම සඳහා.

නීරෝගි පේර කොළ කිහිපයක් ගෙන එයට ගොඩපර දමා එකට මිශ්‍ර කර හොඳින් අඹරාගන්න. එය හිස්කබලේ ඉතා හොඳින් ආලේප කර සම්බාහනය කරන්න. විනාඩි විස්සකින් පමණ සෝදාහරින්න. එමඟින් කොණ්ඩයේ කළු පැහැය වර්ධනය වනවාසේම හිස් හොරිද පාලනය කළ ගතහැකිය. පේර කොළ කොණ්ඩයට පමණක් නොව, මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කර ගැනීම, මැරුණු සම ඉවත් කර ගැනීම සහ කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීමට ද ඉතාමත් ගුණදායක ඖෂධයකි.

නීරෝගි පේර කොළ කිහිපයක් ගෙන එයට පිරිසුදු ජලය ස්වල්පයක් එකතු කර හොඳින් අඹරාගෙන මුහුණේ ආලේප කර ගත හැකිය.

—————

පේර කොළවල අතුරු ප්‍රතිලාභ

n සම දීප්තිමත් කිරීමට

n පිළිකා මර්දනයට

n දියවැඩියාව පාලනය සඳහා

n දත් රෝග සුව කිරීමට

n කොලොස්ටරෝල් පාලනය

n කුරුලෑ ඇතිවීම වළක්වයි

n තරබාරු බව පාලනයට

————–

පේර දලු කැඳ


මේ සඳහා පේර කොළ 200g ක් පමණ, ඉඟුරු, හීනටි සහල් මිටක්, රතුලූනු, කරපිංචා කොළ, දෙහි යුෂ, ගම්මිරිස් ඇට දෙක තුනක්, මිටි කිරි කෝප්පයක් අවශ්‍ය වේ.

පේර කොළ කරපිංචා කොළ සමඟ හොඳින් අඹරා යුෂ ගන්න.එයට තළාගත් ඉඟුරු, රතුලූනු, ගම්මිරිස් ඇට මිශ්‍ර කරගන්න. හීනටි සහල්වලටද තළාගත් ඉඟුරු, රතු ලූනු, ගම්මිරිස් ආදිය එකතු කර පිසගන්න. බත තැම්බුණු පසු එයට මිටි කිරි දමා පේර කොළ යුෂ දමා විනාඩියක් පමණ උතුරුවා ගන්න. ඉන් පසුව ලුණු දමා එය ඔබට පානය කළ හැකිය.

———–

පේර කොළ ටොනික්

මුලින්ම පේර කොළ රැගෙන හොඳින් පිරිසුදු කරගන්න. පිරිසුදු භාජනයකට පේර කොළ සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය සහ උළුහාල් හාල් මේස හැඳි එකක් පමණ එකතු කරගන්න. විනාඩි 30ක් පමණ යනතුරු හොඳින් රත් කරගන්න. නිවෙන්න තබා ස්ප්‍රේ බොට්ල් එකට දමා හිස් කබලට ස්ප්‍රේ කර විනාඩි 30කින් පමණ සෝදා හරින්න.මෙය කොණ්ඩය

නීරෝගිව පවත්වාගැනීමට ඉතාමත් ගුණදායක වේ.

උපදෙස්:

ආයු ලංකා ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය

චමිලා නිශාදරී

බුද්ධිකා සංජීවනි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?