Thursday, January 1, 2026
Epaper
Home Highlightsනොදන්න අංකවලින් ඇමතුම් එනවා නම් කල්පනාකාරී වන්න

නොදන්න අංකවලින් ඇමතුම් එනවා නම් කල්පනාකාරී වන්න

by Thanushika

අපේ දුරකතනය හැක් වුණා කියලා දැනගන්නේ කොහොමද? අපි දැනුම්වත් නැහැ මේ දේ වෙනකම්ම. නමුත් අපිට කුඩා කුඩා ඉඟි ඔස්සේ දුරකතනයේ හෝ අදාළ උපාංගයේ වෙනස්කම් හඳුනාගන්න පුළුවන්.

ඉඟි

ෆෝන් එකේ බැටරිය වැඩිපුර පාවිච්චි වෙලා හෝ වේගයෙන් බැටරි බැහැල නම්

ෆෝන් එක වැඩිපුර රත් වෙනව නම් (overheat)

ෆෝන් එක වැඩ කරන්න ප්‍රමාදයි නම්

අනවශ්‍ය ලෙස වෙබ්සයිට්වලින් කෙටි පණිවිඩ නිතර එනවා නම්

අපි නොදාපු රිගින්ටෝන් (Ringing Tone) ප්ලේ වෙනවා නම්

ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවලට ඇතුළුවීමේ අවහිරතා පෙන්වනවා නම්

මුදල් ගනුදෙනු පිළිබඳ කෙටි පණිවිඩ පැමිණිලා නම්

ඩොලර්වලින් පවා ‍ මුදල් ගනුදෙනු සිදුවෙලා තිබෙනවා නම්

බොහෝ දුරට ෆෝන් එක හැක්වෙලා.

හැක් වෙන එක වළක්වා ගන්නේ කොහොමද?

හැම වෙලේම අවබෝධයෙන් ඉන්න ඕන. විශේෂයෙන් අපි දැනගන්න ඕනේ ලින්ක් එනවා, වට්ස් ඇප් හරහා කෙටි පණිවිඩ (SMS) හරහා. විශේෂයෙන්ම කෙටි ලින්ක්ස් සැක සහිතයි. ඒ කෙටි ලින්ක්ස් අපි short URL කියලා හඳුන්වනවා. ඒවා ක්ලික් කරන්න එපා.

Social media වලින් අපේ පෞද්ගලික ජීවිතයේ සියලු ම දෑ දමන එක/ පෝස්ට් (post) කරන එක පාලනය කරගන්න ඕනෙ. එහෙම දානවම නම් තමන්ගේ සර්කල් එකක් ඇතුළේ තමන් දන්න පිරිසක් පමණක් තමන්ගේ යහළුවන් ලෙස එකතු කරගත යුතුයි. විශාල ප්‍රමාණයක් නොදන්නා යහළුවන්ව එකතු කරගන්නවා නම් තමන්ගේ ගිණුමට, එවිට මේ වගේ හැක්වීමේ ඉඩකඩ සිදුවීමේ ප්‍රවණතාව වැඩියි.

අපි අනවශ්‍ය ලෙස අපේ පුද්ගලික ජීවිතයේ තොරතුරු සමාජ මාධ්‍යයට නිකුත් කරනවා නම් උදාහරණයක් විදිහට ඔයාගේ පුතාගේ උපන් දිනය දවසේ ඔයා ඔයාගේ පුතාගේ වයස, ඉන්න තැන, පවුලේ අය, එයාලවත් ඈඳලා අදාළ පෝස්ට් පළ කරනවා. ඒ වගේ වුණහම හැකර් කෙනෙක්ට තොරතුරු සියල්ලම සමාජ මාධ්‍ය හරහා හොයා ගන්න පුළුවන්. ඒ නිසා විශාල පිරිසක් නොදන්නා අය තමන්ගේ ගිණුමෙහි සිටිනවා නම් සීමාවක් සහිතව තමන්ගේ පුද්ගලික තොරතුරු අනෙක් අය සමඟ බෙදා ගන්න.

විශේෂයෙන් පාස්වර්ඩ් (Password/මුරපද) සංකීර්ණ පාස්වර්ඩ් එකක් දාන්න ඕනෙ. ඒ කියන්නේ ඉලක්කම්, සංකේත, සිම්පල්, කැපිටල් ඉංග්‍රීසි අකුරු දෙකෙන්ම මිශ්‍ර වූ පාස්වර්ඩ් තමයි අපි දාන්න ඕනේ.

Two Factor Authentication මම මීට පෙර පෙරදිත් කිවූ ලෙස දෙවරක් අනන්‍යතාව තහවුරු කරන ලෙස පාස්වර්ඩ් යොදන්න ඕනේ.

ඒ වගේම, ඔබේ නි‍ෙවසේ WIFI එකට ඇතුළත් වෙන්න පිට කාටවත් ඉඩ දෙන්න එපා. ගෙදර WIFI එකටත් සරල පාස්වර්ඩ් එකක් දාන්න එපා.

කොහේ හරි ගියහම අපි අපේ මොබයිල් ඩේටාවලින් (Mobile Data) නැතුව පොදු WIFI භාවිත කරන්නට පෙලඹිලා තියෙනවා. ඒකෙන් ඒ වයිෆයි සබැඳිය හරහා වෙබ් පිටුවලට පවා අපේ පෞද්ගලික තොරතුරු ඇතුළත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බැංකු කටයුත්තක් කියලා කියමු. ඔයා ඔයාගේ බැංකු ඇප් (bank app) එකට බැංකුවේ WIFI හරහා ඇතුළු වුණහම ඒ වගේ අවස්ථාවලදීත් හැක් වෙන්න ඉඩකඩ තියෙනවා. පුළුවන් තරම් තමන්ගෙම ඩේටා/නෙට්වර්ක් (Network) භාවිත කරන්න.

දුරකතනයෙන් නොදන්නා අංක ඔස්සේ එන දුරකතන ඇමතුම්වලට තමන්ගේ තොරතුරු ඒ කියන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංක, තමන්ගේ උපන්දින, නම, ගම, ලිපින වගේම විශේෂයෙන්ම බැංකු ගිණුම් තොරතුරු කිසිම කෙනෙකුට දෙන්න එපා. තමන්ගේම නෑදෑ වෙන කෙනෙක් වුණත් මේ වගේ පෞද්ගලික තොරතුරු අහනවා නම් ඒවා කියන්න එපා. මේ වගේ පෞද්ගලික තොරතුරු තමුන්ගේ දුව පුතා සැමියා අතර පමණක්ම සීමා කරගත යුතුය.

ඔබට නොසෑහෙන්න නොදන්නා දුරකතන අංකවලින් ඇමතුම් එනවා නම්

True Caller කියලා ඇප් (app) එකක් තියෙනවා. ඒ ඇප් එක දාගන්න එතකොට ඔයාට ඒ ඇප් එකෙන් අදාළ කෙනාගේ විස්තර දැනගන්න පුළුවන්. ස්පෑම් (Spam/එක දිගටම එන නන්නාඳුනන ඇමතුම්) එකක් නම් ඒකත් අපිට ඇප් එක හරහා දැනගන්නට පුළුවන්.

ඒ වගේම නන්නාඳුනන ඊමේල්වලට ප්‍රතිචාර දක්වන්න යන්නත් එපා.

තවත් විශේෂ දෙයක් තමයි ඔයාගෙ දුරකතනය තමන්ගේ පවුලේ දුව පුතා සැමියා හැර පිට කිසිකෙනෙකුගේ අතට දෙන්න එපා. අපිට කවුරුත් විශ්වාස කරන්න බෑ අද කාලේ. හැම වෙලේම ගොඩක් ශක්තිමත් පාස්වර්ඩ් දාලා තියාගන්න. ඒ වගේම මම පෙර අවස්ථාවලදී සඳහන් කළ Two Factor Authentication සිදු කරගන්න.

දුරකතනය හැක් වුණාම ගන්න අවශ්‍ය මූලිකම ක්‍රියාමාර්ග මොනවද?

කෙනෙක් හැක්වුණහම මුලින්ම කරන්න ඕන දේ තමයි,

තමන් ඒ අවස්ථාවේදී සම්බන්ධ වෙලා තියෙන WIFI හෝ ඩේටා හෝ කුමන හෝ නෙට්වර්ක් සබැඳිය ඉවත් කරන්න ඕනෙ.

* ඊමේල් එක හැක් වුණා නම් තරමක සංකීර්ණ පාස්වර්ඩ් එකක් දාගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාගේ නම සුමිත්‍රා රත්නායක නම් ඔයාගේ නම දුරකතන අංකය උපන් දිනය වගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් නොවන පරිදි පාස්වර්ඩ් එකක් දාගන්න ඕන.

* හැක් වීමකින් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවීමට පෙර දැනුම්වත් වීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SLCERT) දන්වා සිටින්න.

තමන්ගේ දුරකතනය, පරිගණකය තමන් සතු දෙයක්. අන් අය සමඟ කිසිවිටෙකත් බෙදාහදා ගන්නා දෙයක් නොවේ. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මිදීමට නම් මූලිකව අපි කළ යුත්තේ මේ පිළිබඳ දැනුම්වත්ව අවබෝධයෙන් හා අවධානයෙන් සිටීමයි.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?