Monday, October 20, 2025
Epaper
Home Highlightsප්‍රෙෂර් කුකරය ගැන නොදන්න ටිප්ස්

ප්‍රෙෂර් කුකරය ගැන නොදන්න ටිප්ස්

by Thanushika

ප්‍රෙෂර් කුකරය මුළුතැන්ගෙයක තිබෙන බොහෝම ප්‍රයෝජනවත් උපකරණයකි. ගෘහිණියකට ප්‍රෙෂර් කුකරය භාවිතයෙන් කාලය මෙන්ම ගෑස් ද අවම කරගත හැකිය. නමුත් බොහෝ දෙනා මෙය නිවැරදිව භාවිත කරන ආකාරය ගැන දැනුම්වත් නැහැ. ඉතින් අද අපි බලමු ප්‍රෙෂර් කුකර් එකක් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා.

ප්‍රෙෂර් කුකරය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. එනම් ලිඩ් එක නොහොත් උඩු පියන සහ යට භාජනය නොහොත් පෑන් එක කොටසයි. මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕ‍ෙන වෙන්නේ මේ ලිඩ් එක නොහොත් පියන එහිත් කොටසටයි. විශේෂ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි වේට් කොටස සහ ගෑස්කට් එක. ඔන්න ඔය විදිහට තමයි ප්‍රෙෂර් කුකරයේ කොටස් තියෙන්නේ.

හොඳයි, අපි බලමු ප්‍රෙෂර් කුකරය භාවිත කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕ‍ෙන කරුණු මොනවද කියලා.

මුලින්ම ප්‍රෙෂර් කුකරයේ පියනේ තිබෙන හුමාලය පිටවන ටියුබ් කොටස පිරිසුදු කර තිබීම පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෙ. එහෙම නොවුණහොත් පීඩනය පිටවීම අඩාළ වී එයින් පිටවන නාදය ද නිකුත් නොවේ.

ප්‍රෙෂර් කුකරයේ තියෙන ගෑස් කට් එක නැත්නම් කළු පැහැති රබර් පටිය පළුදු නොවී හොඳින් තිබේදැයි පරීක්ෂා කරන්න. මොකද ගෑස්කට් එකෙන් තමයි භාජනය හොඳින් තදවෙලා රැඳෙන්නේ.

අනෙක් කාරණය තමයි පියන කොටස හා භාජනය සවිකිරීමේදී එය අල්ලා ගැනීමට ඇති කොටස් දෙක එක සමානව තිබේදැයි සැලකිලිමත් වෙන්න. මොකද භාජනයේ පීඩනය පිටවීමේදී පියන නිවැරදිව වසා නොතිබුණහොත් පියන ගැලවී විසිවී යාමට පුළුවනි. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද පියන විසින් මාරාන්තික අනතුරක් වුණත් සිදුවිය හැකියි.

ප්‍රෙෂර් කුකරයේ පළමු නාදය පිටවූ පසු ළිපේ ගින්දර අඩු කරන්න. ඒ වගේම තමයි ප්‍රෙෂර් කුකරයේ පිසීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දැමීම කළ යුතුයි. වැඩියෙන් හෝ අඩු වෙන්නැතිව අවශ්‍ය පරිදි වතුර යොදන්න.

එමෙන්ම එහි පියන විවෘත කරන විට තමා සිටින පැත්තෙන් විවෘත නොකර ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පියන ඇරෙන ලෙස එසවීම සිදු කරන්න ඕනේ. එමඟින් ඉතිරිව ඇති වාෂ්ප තමාගේ පැත්තට ඒම වළක්වා ගැනීමට පුළුවනි.

ප්‍රෙෂර් කුකර් පියනේ ඇති ආරක්ෂක වෑල්ඩර් එක ද අවුරුද්දකට සැරයක් අලුත් කරන්න. එය ද ඇතුළත ඇති වාෂ්ප පීඩනය පිට කරන්න උදවු වෙන නිසා ඒ පිළිබඳ ද අවධානය යොමු කරන්න.

ප්‍රෙෂර් කුකර් එකේ පියනෙන් පිටතට හොදි, වතුර ආදිය පැමිණීම වළක්වාලන ක්‍රම

1. ප්‍රෙෂර් කුකරයේ පියනේ ඇති ගෑස් කට් එකේ වගේම පියන ඇතුළු පැත්තේ සම්පූර්ණයෙන් පොල්තෙල් ස්වල්පයක් ගාගන්න. එමඟින් දියර වර්ග පිටතට පැමිණීම වළක්වා ගන්නට පුළුවනි.

2. ප්‍රෙෂර් කුකරයේ පියන වැහුවට පස්සේ වේට් කොටස ඉවත් කර හුමාලය පිටවන ටියුබ් කොටසට ටිෂූ එකක් දාලා වේට් කොටස සවි කරන්න. එමඟින් ද පිටතට ගලන දියර සියල්ල ටිෂූ එකට උරා ගන්නවා.

3. අනිත් ටිප් එක තමයි භාජනය ඇතුළට හිස් පීරිසියක් දාන්න. එවිට එළියට යන දියර ඔක්කොම පීරිසියට එකතු වෙනවා. මේ පියවර තුන අනුගමනය කළොත් ඔයාලට ප්‍රෙෂර් කුකර් එකේ පියන පිරිසුදුව තියාගන්න පුළුවන්.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?