Monday, October 27, 2025
Epaper
Home Highlightsඅභියෝගාත්මක ජීවිතයේ පළමු පියවර

අභියෝගාත්මක ජීවිතයේ පළමු පියවර

by Thanushika

අපි හැම කෙනෙක්ම ඉන්නේ අපට සුවපහසු කලාපයක. ඒ කියන්නේ, අපට ආරක්ෂිත බවක් දැනෙන, පාලනයක් තියෙන හුරුපුරුදු අවකාශයක. පහසුයි කියලා හැඟෙන චර්යාවන්, අපි හොඳින්ම දන්නා පුද්ගලයින්, උත්සාහයකින් තොරව අපට කළ හැකි රැකියා කාර්යයන් හෝ කාලයත් සමඟ අප ගොඩනඟා ගත් පුරුදුවල සමස්තය මේ සුවපහසු කලාපය එහෙමත් නැත්නම් comfort zone එකට අයිති වෙනවා. මේ කලාපය ඇතුළෙ ජීවිතය පුරෝකථනය කළ හැකි සහ අවදානම් රහිත බවක් දැනෙනවා. නමුත් ඔයා දැනගෙන හිටිය ද? ඒ සුවපහසුව ආරක්ෂාව එක්කම අපි ජීවිතේ අවදානම් ගන්න එක මඟ හරිනවා කියලා. ඒ කියන්නේ, සැනසීම, ස්ථාවරත්වය ගෙන දෙන අතරෙම ඒක අපි සාක්ෂාත් කරගන්න සිහින දකින සාර්ථකත්වයෙන් නිහඬව අපව වළක්වනවා.

සුවපහසු කලාපය කියන්නේ අපගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම් ආතතිය සහ අවදානම අවම කරන රටාවකට ගැළපෙන මනෝවිද්‍යාත්මක අවකාශයක්. මේක තවදුරටත් විග්‍රහ කළොත් කනස්සල්ලෙන් හෝ අභියෝගයකින් තොරව අපට ක්‍රියා කළ හැකි ස්ථානයක්. මෙහෙම හිතන්නකෝ, සමහරවිට ඔබ ලජ්ජාශීලී නිසා රැස්වීම්වලදී කතා කිරීමෙන් වැළකී සිටිය හැකියි. නැත්නම් අලුත් දෙයක් උත්සාහ කිරීමට වඩා ආරක්ෂිත යැයි හැඟෙන නිසා ඔබ අකැමැති රැකියාවක වුණත් රැඳී සිටිය හැකිය. මේවා ඔබ ඔබේ සුවපහසු කලාපය තුළ රැඳී සිටින බවට සලකුණු.

ස්වභාවයෙන්ම සුවපහසු කලාපය ඔයාට නරකක් කරන්නේ නෑ වගේම විවේකය, ආරක්ෂාව සහ මානසික සාමය සපයනවා. නමුත්, එහි ස්ථිරව ජීවත් වීමෙන් ඔයාව සම්පූර්ණ වෙනස් ගවේෂණයන්ගෙන් ඔයාව වළක්වනවා. කාලයත් සමඟ, ඔයා එකතැන පල්වෙන, කම්මැළි හෝ කිසිම බලාපොරොත්තුවක් ඉටු නොවූ කෙනෙක් විදිහට ඔයාටම දැනෙන්න පුළුවන්. පුද්ගලයෙක් සංවර්ධනය වෙන්නේ ඕනෑවට වඩා සුවපහසු ස්ථානවල නොව අපි අපේ අධ්‍යයන ක්ෂේත්‍ර පුළුල් කරගන්න, අවදානම් ගන්න වගේම අලුත් දේවල් උත්සාහ කරන විටයි.

ඇයි අපි සුවපහසු කලාපයෙන් ඉවත් විය යුත්තේ ?

අපි සුවපහසු කලාපයෙන් ඉවත් වීමට අවශ්‍ය ප්‍රධාන හේතුව සරලයි. වර්ධනය ආරම්භ වන්නේ සැනසීම අවසන් වන තැනින්. ඉතිහාසයේ සෑම සාර්ථක පුද්ගලයකුටම, ස්ටීව් ජොබ්ස් වැනි නවෝත්පාදකයින් වගේම නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයින් දක්වාම බය, ලජ්ජාශීලීත්වය ඉක්මවා ගිහින් නිර්භීත ක්‍රියාමාර්ග ගත්තා. ඒ නිසාම ඔවුන් සාර්ථක මිනිසුන් වගේම ලෝකයට අවශ්‍ය මිනිසකු බිහි වුණා. ඔවුන් ඔවුන්ගේ සුවපහසු කලාපයේම රැඳී සිටියානම් කවදාවත් ලෝකයක් දන්න මේ වගේ නම් බොහෝමයක් බිහි නොවෙන්න තිබුණා. ඒනිසා, අපි සුවපහසු කලාපයෙන් පිටතට පැමිණිය යුතුයි.

1. පුද්ගලික වර්ධනය: ඔයා ඔයාටම අභියෝග කරන අවස්ථාවේ දී පමණක්, ඔයා නව කුසලතා වර්ධනය කර ගන්නවා. විශ්වාසය ලබා ගන්නවා වගේම වෙනසට අනුවර්තනය වන ආකාරය ඉගෙන ගන්නවා. ඔයා මේ මොහොතේ ඉඳලා ගන්න හැම කුඩා අවදානමක්ම ජීවිතේ ගැන ඔයාට වටිනා දෙයක් උගන්වනවා.

2. සාර්ථකත්වය සඳහා අවස්ථා : සෑම දිනෙකම එකම දේ කිරීමෙන් විශාල අවස්ථා ලැබෙන්නේ කලාතුරකින් වගේම නව අවස්ථා ලබා ගැනීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, නව කුසලතාවක් ඉගෙන ගැනීම හෝ වෙනත් ස්ථානයකට යාම ඔයා මෙතෙක් කාලයක් ඔයා වෙනුවෙන් විවෘත වෙයි කියලා දැන නොසිටි දොරටු විවෘත කරගන්න වෙන උදවුවක්.

3. ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම: ජීවිතය කියන්නේ අනපේක්ෂිත දෙයක්. ඔයා හැමදාම ඔයාගේ comfort zone එකේ ජීවත් වෙනවට වඩා ඔයාගේ සීමාවන් ඔයාම අතික්‍රමණය කරනකොට වඩාත් ඔරොත්තු දෙන සහ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දීමට සමත් පුද්ගලයෙක් විදිහට නිර්මාණය වීම ආරම්භ වෙනවා. ඒ තුළින් ඔයාගේ දරාගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා.

4. නිර්මාණශීලිත්වයේ අගුළු හැරීම: ඔයාගේ දෛනික චර්යාව චින්තනය දැඩි බලපෑම් කළ හැකි දෙයක්. නව අත්දැකීම්වලට පිවිසීම ඔයාගේ දෘෂ්ටිකෝණය නැවුම් කරන අතර නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා ඔයාගේ මනස මෙහෙයවනවා. මෙතෙක් ඔයාගේ ලොක් වෙලා තිබ්බ නිර්මාණශීලීත්වයේ අගුළු හැර ගැනීමට අන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා.

5. බිය ජය ගැනීම: සුවපහසු කලාපය ගොඩනඟා ඇත්තේ අසාර්ථකත්වයට ඇති බය, ප්‍රතික්ෂේප වීමට ඇති බයෙන් වැළකීම සඳහා කිරීම හෝ නොදන්නා දේ නොකර ඉන්න ඒ බයට මුහුණ නොදී ඉන්න අපි මේ comfort zone එක ඇතුළට කොටු වෙලා ඉන්න ගමන් හුරුවෙනවා. නමුත් සැබෑ ජීවිතේ මේ වගේ අවස්ථාවන්ට මුහුණ දීම තුළින් ඔයාට එම ප්‍රශ්න ජය ගැනීමට හැකි බවත්, එම ප්‍රශ්න පෙනෙන ප්‍රමාණයට වඩා කුඩා බව වටහා ගැනීමටත් උපකාරී වෙනවා.

සුවපහසු කලාපයෙන් ඉවත් වන්නේ කෙසේද?

ඔයාගේ සුවපහසු කලාපයෙන් ඉවත් වීම එක රැයකින් අන්ත හෝ නොසැලකිලිමත්ව තීරණය කළ හැකි දෙයක් නෙමෙයි. දැනුම්වත්භාවයෙන් සහ ධෛර්යයෙන් ආරම්භ වන ක්‍රමානුකූල ක්‍රියාවලියක්.

1. මුලින්ම ඔයා ඔයාගේ බය පිළිගන්න: ඒ කියන්නේ යම් කිසි දෙයක් කිරීමෙන් ඔයාව වළක්වන දේ හඳුනා ගන්න. එය අසාර්ථකත්වයට ඇති බිය, විවේචනය හෝ අවිනිශ්චිතතාවය ද, ඉංග්‍රීසි කතා කිරීමට ඇති බිය, මේ ඕනෑම දෙයක් විය හැකියි. ඒ හේතුව හඳුනාගෙන තමන් සිර වී සිටින තැන හඳුනා ගන්න.

2. පොඩියට පටන් ගන්න:

කුඩා, කළමනාකරණය කළ හැකි පියවර කිහිපයක් මුලින්ම ඔයා වෙනුවෙන් ගන්න. ප්‍රසිද්ධියේ කතා කිරීමට ඔයා බයයි නම්, කුඩා කණ්ඩායම් වශයෙන් කතා කරන එක ආරම්භ කරන්න. අදහස් හුවමාරු කිරීමේ දී ඔයාගේ සහායට ඔයාගෙ ළඟ ඉන්න කෙනෙක්ට කතා කරගන්න. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම්, කුඩා ව්‍යාපෘතියකින් ආරම්භ කරන්න. සෑම කුඩා පියවරක්ම ඊළඟ පියවර සඳහා විශ්වාසය ගොඩනඟන බව මතක තියාගන්න.

3. අභියෝගාත්මක ඉලක්ක සකසාගන්න: ඔයාව යම් දෙයක් කරන්න, උද්දීපනය කරන සහ ඒ සමඟම බිය ගන්වන ඉලක්කයක් සකස් කරගන්න. මේ ඉලක්ක ඔයාගේ සීමාවන් දිගු කරන අතරම ඔයා ඉදිරියට පැමිණිය යුතු අවස්ථාව ඔයාට පෙන්වලා දෙනවා.

 

4. සහයෝගය දක්වන පුද්ගලයින් සමඟ කටයුතු කරන්න : ඔයාට ආශීර්වාදයක් ලබාදෙන සහ අභියෝග කරන අය ඔයාගේ වටේ තියාගන්න. ධනාත්මක සහ දිරිගන්වන කවයක් ඔයාගේ ජීවිතේ අවදානම් ගැනීමට පෙලඹවීමක් ලබා දිය හැකියි වගේම ඔයාව ඉදිරියට තල්ලු කළ හැකියි.

6. පරිපූර්ණත්වය නෙමෙයි සෑම මොහොතකම ප්‍රගතිය සමරන්න:

ඔයා සුවපහසු කලාපයෙන් පිටතට යාමට ගනු ලබන හැම උත්සාහයක්ම ජයග්‍රහණයක්. ප්‍රතිඵලය පරිපූර්ණ නොවුණත්, ඔයාගේ ධෛර්යය සහ උත්සාහය සමරන්න. හැම මොහොතකම ඔයා ඒ වෙනුවෙන් කරපු පුංචි දෙයක් වුණත් අගයන්න.

7. නොනැවතී ඉගෙන ගන්න:

කුතුහලයෙන් හැම මොහොතක්ම ගත කරන්න. අලුතින් දෙයක් හොයාගන්න. පාඨමාලා කරන්න, පොත් කියවන්න, නව මාතෘකා ගවේෂණය කරන්න. දැනුම ඔයාගේ ඉදිරි ජීවිතය සාමකාමී කරන අතර විශ්වාසය පුළුල් කරනවා.

ඔයාගේ සැනසිල්ල ධෛර්යය දක්වා වන මේ පරිවර්තනය තුළ සිදුවෙන වෙනස ආත්මයටම කරන විශාල බලපෑමක් එනම්, ඔයා සැබවින්ම කෙතරම් දක්ෂද යන්න වැටහෙන්නට පටන් ගන්නවා. ඔයා කාලයක් තිස්සේ විශ්වාස කළ සීමාවන් මැකී ගිහින් ලෝකය පුළුල් වෙන්න පටන් ගන්නවා.ඔයා පුළුල්ව හිතන්න පටන් ගන්නවා. වඩාත් විශ්වාසදායක, අනුවර්තනය විය හැකි කෙනෙක් බවට වගේම සැඟවුණු හැකියාවන් සඳහා ඔයාව විවෘත වෙනවා. ඔයාව අපහසුතාවට පත්වන දෙයකට මුහුණ දෙන හැම අවස්ථාවකම, අනාගත අභියෝග සඳහා ශක්තිමත් කරන අත්දැකීමක් ඔයාට ලැබෙනවා. කාලයත් සමඟ, වරක් ඔයාව බියට පත් කරපු දේවල් නව සුවපහසු කලාපයේ කොටසක් බවට පත්වෙනවා. අදම ඔබේ අභියෝගාත්මක ජීවිතේ පළමු පියවර ගන්න. මතක තියා ගන්න, comfort zone එක ආරක්ෂිත බවක් දැනිය හැකි නමුත් එය හොඳම ජීවිතය ජීවත් වන ස්ථානය නොවන වග. හැමවිටම සැබෑ මැජික් සිදුවන්නේ ඒ මායිමෙන් එහා, වර්ධනය ලෙස හඳුන්වන අවිනිශ්චිත, උද්‍යෝගිමත් සහ ප්‍රතිලාභදායක අවකාශයේ බව.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?