Monday, October 27, 2025
Epaper
Home Beautyකැරට්වලින් ලස්සන වෙමු

කැරට්වලින් ලස්සන වෙමු

by Thanushika

කැරට් ඔයිල්

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් ගෙඩියක්

අමු කහ කැබැල්ලක්

දොඩම් ලෙලි පවුඩර් (තිබේනම්)

කස්තුරි කහ තේ හැඳි භාගයක්

විටමින් E කරලක් (වියළි සමක් නම් වඩාත් හොඳයි)

පිරිසුදු පොල්තෙල් හෝ ඔලිව් ඔයිල්

මිලිලීටර් 100

ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි කැරට් ඔයිල් සඳහා ඉහත කී සියලුම අමුද්‍රව්‍ය නැතත් නි‍ෙවසේ ඇති අමුද්‍රව්‍ය පමණක් යොදා වුවද මෙය සාදාගත හැකිය.

සාදාගන්නා ආකාරය

කැරට්, අමු කහ ටික හොඳට සෝදා තෙත ගතිය යන්න ටිකක් වේළාගන්න. නැත්නම් තෙත පිටින්ම ඔයිල් එකට දැමුවහොත් ඔයිල් එක නරක් විය හැකිය.

ඉන්පසු පිරිසුදු පොල්තෙල් ටික භාජනයකට දමා ග්‍රේට් කරගත් කැරට්, අමු කහ තෙල් එකට දමා ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු දොඩම් ලෙලි පවුඩර්, කස්තුරි කහ ටිකත් එකතු කරගන්න.

තෙල් එක හොඳින් රත් වූ පසු ඔයිල් එකේ පාට වෙනස් වේ. ඉන්පසු ළිපෙන් බා තෙල් පමණක් පිරිසුදු බෝතලයකට දමා භාවිතයට ගන්න. වියළි සමක් නම් විටමින් E කරලකුත් දමා භාවිත කළ හැකිය.

නෑමට පැය 2කට පෙර ගා ශරීරය මසාජ් කරන්න.

රාත්‍රියටත් බොඩිලෝශන් එක්ක හෝ කැරට් ඔයිල් භාවිත කළ හැකිය.

දිනපතා භාවිත කර ප්‍රතිඵල අත්විඳිය හැකිය.

කැස්සට ගුණදෙන කැරට් පානය

සීත කාලගුණවලදී පමණක් නොව නිතර නිතර මිනිසුන්ට වදදෙන රෝගී තත්ත්වයක් ලෙස කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හඳුන්වන්න පුළුවනි. කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණාම අල්ලක් පිරෙන්න බෙහෙත් අහුරක් බොන්න අකැමැති කෙනෙක් නම් ඔබ මෙන්න මේ බෙහෙත ගැන දැනුම්වත්ව සිටීම වැදගත් වේවි. අධිරුධිර පීඩනයට වගේම දියවැඩියාව රෝගයටත් මෙම පානය ඉතාම ගුණදායක වේ.

සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය:

කැරට්

පිරිසුදු මී පැණි මේස හැඳි 4ක්

ජලය

සකස් කරගන්නා අන්දම:

පළමුව පිරිසුදු කරගත් කැරට් කුඩා කැබලිවලට කපා ගන්න. ඊට පස්සේ කැරට් කෑලි මෙලෙක් වන තරමට තම්බා ගන්න. කැරට් තම්බා ගත් වතුර විසි කරන්න නම් එපා. එය පැත්තකින් තබා ගන්න. තම්බාගත් කැරට් කෑලි ටික blend කර juice එක හදාගන්න. අපි අර කලින් පැත්තකින් තිබ්බ කැරට් තම්බපු වතුර එක දැන් අරගෙන එයට මී පැණි ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි හදපු carrot juice එක එකතු කර හොඳින් කලවම් කරගන්න.

අපි කැස්සට ගුණදෙන කැරට් පානය දැන් සකසා ගෙන අවසන්. දිනපතා මෙම පානයෙන් තේ හැඳි 3 ක් හෝ 4ක් බොන්න. දින 2කින් ඔබට සහනයක් ලැබේවි.

මෙයින් ඔබේ පෙණහලුවල ඇති සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් සහනයක් ගෙන දේවි.

ඔබේ අතින්ම සකස් කරගන්නා මෙම පානය වෙනත් ඖෂධවලට වඩා ආරක්ෂාකාරී වෙනවා මෙන්ම අතුරු ආබාධවලිනුත් තොර වේ.

උපදෙස්- ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
කුමාරි ගුණසේකර
salon bio & academy
බියගම

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?