Monday, October 27, 2025
Epaper
Home Highlightsපුංචි පුතුගේ කාමරයට තාරා පැංචෙක්

පුංචි පුතුගේ කාමරයට තාරා පැංචෙක්

හරියටම මහගන්න පුළුවන් නිවැරැදි ප්‍රමාණයේ කතිර රටාව මේ සමඟ

by Thanushika

පුළුන් ගු ළියක් වගේ පුංචි තාරා පැටියෙක්. හරි ලස්සනයි. අහිංසකයි. මේ තාරා පැටියාට කතිර මැස්මෙන් ජීවය දෙන්න ඔබටත් හැකියි. පුංචි පුතු නිදනා කාමරේ සරසන්න කදිමයි. ඒ වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි, අත් ලේන්සු වගේ දේවල් සරසන්නත් පුළුවන්.

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති
සුදු පැහැති අයිඩා රෙදි
නොම්බර 24 සිට නොම්බර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර

මෙම නිර්මාණය අඟල් 4.7 x 6.0 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?