පිහිය භාවිත කිරීමෙන් පසු පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මඳ උණුසුම් ජලයෙන් හෝ මෘදු සබන් වර්ගයක් යොදා පිහිය පිරිසුදු කරන්නට ඔබට පුළුවනි. පිරිසුදු කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම පිහිය වියළා ගත යුතුයි. පසුව වියළි ස්ථානයක රඳවන්නට අමතක කරන්න එපා. බොහෝවිට පිහියක් මලකඩ බඳින්නට තෙතමනය හේතු වේ.
වර්තමාන කාර්යබහුල ගෘහිණියන් ඩිෂ් වොෂර් එක භාවිතයෙන් සියලුම දෑ පිරිසුදු කරගන්නට පුරුදු වී ඇත. නමුත් පිහියක් එයට දමන විට එහි උෂ්ණත්වය හා රසායනික ද්‍රව්‍ය නිසාවෙන් පිහියේ ලෝහයට හානි වන්නට පුළුවන්. ඒ නිසා පිහියක් එවැනි යන්ත්‍රවලට දැමීමෙන් වළකින්න.
ඒ වගේම තමයි පිහියක් ලෝහ භාජන සමඟ එකට තැබීමෙන් වළකින්න. එවැනි ලෝහ භාජන සමඟ ප්‍රතික්‍රියාකොට පිහියේ කැපුම් තලය පලුදු වන්නට පුළුවනි. ඔබ නිෙවසේ නිතර භාවිත කරන දෙහි, විනාකිරි වැනි ආම්ලික ද්‍රව්‍ය තවරා ගැනීමෙන් පිහියේ මල බඳින්නට පුළුවනි. ඒ පිළිබඳ ද සැලකිලිමත් වන්න.
අවුරුද්දට කිහිප වතාවක් කපු රෙදි කැබැල්ලකට පොල්තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමා පිහිතලය පිරිමැදීමෙන් ද පිහිතලය ඔබට දිගු කාලයක් හොඳින් තබා ගැනීමට පුළුවනි.
ඒ වගේම පිහි රඳවනය වතුර නොගැටෙන ස්ථානයක තැබීමට මෙන්ම වියළි ස්ථානයක තැබීමටත් වගබලා ගන්න.
පිහි නිසිලෙස ඇසුරුම් කරන ආකාරය
Magnetic knife strip නොහොත් චුම්බක පිහිරඳවනය.
මෙහි පිහි ඇතුළු කරන තැන චුම්බකයක් ඇති නිසාවෙන් පිහිය බොහෝම පහසුවෙන්ම රඳවා තබන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම විනිවිද පෙනෙන ස්වභාවයක් මෙහි තිබෙන නිසාත් ඔබට පිහි වර්ග පහසුවෙන් හඳුනා ගන්නට පුළුවනි. පිහිතල එකිනෙකට නොගෑවෙන සේ කොටස් කර ඇති නිසා මලකඩ බැඳීම ද පාලනය වේ.
In-Drawer knife organizer නොහොත් ලාච්චු තුළ පිහි ගබඩා කිරීම.
ඔබ නිෙවසේ තිබෙන පිහි නිතරම පෙනෙන තැනක තබන්නට අකැමැති අයෙක් නම් මෙම ක්‍රමය ඔබට වඩාත් ගැළපෙනවා. දරුවන් සිටින නිවාසවල වගේම ඔබගේ කවුන්ටර් ටොප් එක පිරිසුදුව තබා ගැනීමටත් මෙම පිහි රඳවන ක්‍රමය වඩාත් සුදුසු වේ.
Traditional knife block නොහොත් සාම්ප්‍රදායික පිහි රඳවනය.
ලී වලින් සකසන ලද මෙවැනි පිහිරඳවන ඔබ අප කාගේත් නිවෙස්වල සුලබව දක්නට ලැබෙන උපකරණයකි. නිතරම පිහි භාවිත කරන අයෙක් නම් ඔබ මෙම පිහි රඳවනය ඔබගේ මුළුතැන්ගෙයට වඩාත් සුදුසු වේ.
Roll-Up Knife Bag.
මෙය පිහිරඳවන බෑගයකි. ඔබට චාරිකාවක දී පහසුවෙන්ම ආරක්ෂාකාරීව පිහි වර්ග කිහිපයක්ම මෙම බෑගයේ ගෙනයා හැකිය
Glass Knife Block නොහොත් වීදුරු පිහි රඳවනය.
මෙමඟින් ඔබට ඉතා පහසුවෙන්ම ඔබගේ කාර්යයට අවශ්‍ය පිහිය තෝරා ගැනීමට උපකාරී වනු ඇත. මෙම පිහි රඳවන ඔබගේ මුළුතැන්ගෙට නවීන පෙනුමක් නිසැකවම එක් කරයි.
මේ අයුරින් පිහි රඳවන ආකාරය නිසි ලෙස තෝරා ගැනීමෙන් ඔබගේ කුස්සියේ ආරක්ෂාව, පිරිසුදු බව සහ කලාත්මක පෙනුම සුරකින්නට ද එය උපකාරී වේ.
