Monday, November 17, 2025
Epaper
Home ජ්‍යෙතිෂයමූල්‍යමය සම්පත් ලබාදෙන ගු ප්ත විද්‍යාව

මූල්‍යමය සම්පත් ලබාදෙන ගු ප්ත විද්‍යාව

by Shanaka Lakehouse

ජ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණ ගු ප්ත විද්‍යාව අපේ පැරැණි ගැමි සමාජය තුළ තිබිණ. සමහර ඒවා කෙම් ක්‍රම ලෙස හැඳින්විණ. එදිනෙදා කෘෂි කාර්මික වැඩකටයුතුවල දී ඇතිවන යම් යම් විපත්, අනතුරු බාධක, ඇස්වහ කටවහ, හෝවහ දෝෂයන්, සමනය කර ගැනීම සඳහා ප්‍රබල මන්ත්‍රධීජාක්ෂර උපයෝගි කරගත්හ. අද අපි ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ කාසිවලින් මූල්‍යමය සම්පත් සොයන ආකාරයකි.

ඔබ කැමැති කාසිගෙන කහ දියරෙන් සෝදා පවිත්‍ර කරගන්න. මෙම කාසි දමන මැටි කළය හෙවත් මැටි කැටය ද කහදියරින් සෝදාගන්න. උදේ පවිත්‍ර වී ආගමික වතාවත් කරන්න. පහත සඳහත් විශ්ව ශක්ති මන්ත්‍රයෙන් 21 වාරයක් කාසිය අතට ගෙන මතුරා කැටය තුළට දමන්න. මෙය දිනපතාම උදේ කාලයේ කළ යුතුයි.

විශේෂයෙන්ම වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේ. මූල්‍යමය සම්පත් වැඩි වේ. අඩපණ වී ඇති වෙළෙඳාම දිනෙන් දින දියුණුවට පත් වේ. එදිනෙදා තමා අතට මුදල් ලැබෙන එක්තරා ගුප්ත ක්‍රමයකි. තරුණී පාඨක හිතසුව පිණිස මෙසේ තිළිණ කරමු.

මන්ත්‍රය – ඕම් තාරේ තුන්තාරේ තූරේ සෝ හාම්

සියලුම ලග්න හිමියන්ට සෞභාග්‍යය උදාකර දෙන බලගතු අංක විද්‍යාත්මක යන්ත්‍රය

අංක විද්‍යා සම්පත් යන්ත්‍රය

අපේ රටේ පවතින බොහෝ ජ්‍යොතිෂ කටයුතු සඳහා මහා භාරතයේ පවතින ගුප්ත ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඈත අතීතයේ සිටම පැවත එන්නකි. අංක ගණිතයට ඇත්තේ පුදුම ගුප්ත බලශක්තියකි. අංක හරහා මුළු ලොවම සම්බන්ධ කර ගැනීමට හැකි වේ. නි‍ෙවසට සෞභාග්‍ය ලැබෙන යන්ත්‍රයකි.

ඉහත සඳහන් අක්ෂර සහිත යන්ත්‍රය තහඩු පත්‍රයක ඇඳ (හරි හතරැස්) අංක ලියා නි‍ෙවසේ ප්‍රධාන දොරටුවේ ඇතුළු පැත්තේ හරි මැද හෝ ව්‍යාපාරික ස්ථානයේ හෝ කන්තෝරු කාමරයේ දොරටු උළුවස්සේ මෙම යන්ත්‍ර අලවා තබන්න. කිසිදු මන්ත්‍රයක් නැත. කුමන අතකට අංක එකතු කළත් අවසන් අංක වන්නේ අංක 15 වේ. 5 සහ 1 එකතු කළ විට එන්්නේ 6 සිකුරුට අයත් වේ. ඔබේ ගෙදරට සෞභාග්‍ය උදා වේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?