Monday, November 17, 2025
Epaper
Home ස්වයං රැකියාකෙසෙල් පත්‍රයෙන් මැවෙන සීගිරි අප්සරාවිය

කෙසෙල් පත්‍රයෙන් මැවෙන සීගිරි අප්සරාවිය

by Shanaka Lakehouse

පාසල් දරුවන්ට, පාසල් හැරගිය දරුවන්ට මෙන්ම ස්වයං රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කාන්තාවකට සහ වැඩිහිටියකුට මෙම නිර්මාණ කටයුත්ත ප්‍රගු ණ කිරීමෙන් අත්විඳිය හැකි වාසි අපමණය. මෙම නිර්මාණයන් හැදෑරීමෙන් මානසික සංයමය වර්ධනය කර ගැනීමට, සිත එක් අරමුණක තබා ගැනීම, ඉවසීම ආදී ගු ණාංග ප්‍රගු ණ කර ගැනීමට හැකිවනවා සේම ඉතාම සාර්ථක ධනෝපායන මාර්ගයක් ලෙස ආර්ථිකයට රුකුලක් වනවා නොඅනුමනය.

2025 වසරේ ශ්‍රී ලාංකේය කාන්තා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සම්මාන උලෙළේ දී වඩාත්ම නිර්මාණශීලී කාන්තා ව්‍යාපාරය සඳහා ජාතික සම්මානය දිනා ගැනීම තුළින් මෙම නිර්මාණ කලාව කෙරෙහි කෙතරම් සමාජ අවධානයක් යොමුවී ඇත්දැයි ඔබට වැටහෙනු ඇත. මෙම පාඩම් මාලාව නිවැරදිව ග්‍රහණය කරගෙන ජීවිතයට අත්වැලක් සපයාදීම මෙම ලිපි පෙළෙහි අරමුණයි.

මෙම නව නිර්මාණකරණයට යොමුවන ඔබ මූලිකව දැනගත යුතු කරුණු 10කි.

(ඉන් මූලික වශයෙන් දැනගත යුතු කරුණු 4කි)

නිර්මාණයක් සඳහා වියළි කෙසෙල් පත්‍ර තෝරා ගන්නේ කෙසේද ?

ගසෙහි ස්වභාවික ලෙස වියළී ගිය කෙසෙල් පත්‍ර නිර්මාණයන් සඳහා සුදුසුද යන්න ඔබ මුලින්ම හඳුනාගත යුතුය. මෙය ඉතා සූක්ෂ්ම නිරීක්ෂණයකින් සහ අවධාරණයෙන් කළ යුත්තකි.

කෙසෙල් පත්‍ර තද අව්වේ පූර්ණ වශයෙන් ස්වභාවිකව වියළී තිබිය යුතුය. (එසේ නොමේරූ පත්‍ර භාවිත කිරීමේදී නිර්මාණය ඇලවූ විට පත්‍ර කැබැලි ගුළිවී මතුවී පෙනෙන්නට ඉඩ ඇත)

ගසෙන් වියළි පත්‍ර වෙන්කර ගැනීමට පෙර එය සුදු හෝ කළු පුස්වලින් තොර බව තහවුරු කරගත යුතුයි.

(පුස් යනු දිලීර විශේෂයකි. වියළි පත්‍ර දිරාපත් වීමත් සමඟම ඒ මත දිලීර වර්ධනය වීම ස්වාභාවික පරිසර ක්‍රියාදාමයකි.)

ස්වාභාවික ලෙස පරිසරය විසින් ඇති කරන ලද වර්ණ වෙනස්කම් සහිත, වියළී ගිය පත්‍ර මේ සඳහා නුසුදුසුය.

දිලීර විශේෂයක් නොවන, එහෙත් වර්ණ ලප මතුව ඇති ඉරි සහිත පත්‍ර දාර මතුවූ වියළි පත්‍ර සුදුසුය.

පත්‍රයේ කුමන මතුපිට වුවද ඇඟිල්ලෙන් ස්පර්ශ කරන විට, කළු-සුදු තිත් හෝ ලප මතුවී ඇති බවක් ඇඟිලි තුඩුවලට දැනෙන පත්‍ර තෝරා ගැනීමෙන් වළකින්න.

වැසි කාලවලදී හා පරිසර ආර්ද්‍රතාව සහිත සමයන්හි පත්‍ර එකතු කර ගැනීම නුසුදුසුය. බොහෝ සෙයින් ඉරීගිය කුඩා තීරු වශයෙන් කැබැලිවලට වෙන්වී ඇති පත්‍ර භාවිතයෙන් වළකින්න.

(ඒවා දිරාපත්වීම ආරම්භ කර ඇති පත්‍රයි.)

එම වියළි පත්‍රවල වර්ණ වෙනස්කම් හඳුනාගන්නේ කෙසේද?

වියළි කෙසෙල් පත්‍රවල විවිධ වර්ණ වෙනස්කම් පවතින බව පරිසරයට වඩාත් සමීපවීමේදී ඔබට තහවුරු වනු ඇත.

කෙසෙල් වර්ගය අනුව එහි වියළි පත්‍රයේ පැහැයද වෙනස් වේ. (අළු, තද දුඹුරු, ළා දුඹුරු, රතු දුඹුරු මෙසේ හඳුනා ගත හැකි සුලබ වර්ණයන් වේ. )

එසේම එකම කෙසෙල් වර්ගයේ පත්‍ර වුවද, දේශගුණික සාධක යටතේ වර්ණ විපර්යාසයන්ට ගොදුරු වේ. (එහෙයින් ඔබට හැකිනම් විවිධ ප්‍රදේශවලින් වියළි පත්‍ර ගෙන්වා ගැනීම සාර්ථක වර්ණ එකතුවකට මඟපාදනු ඇත. )

එකම වියළි පත්‍රයේ මතුපිට හා යටිපිට අතරද බොහෝ පැහැදිලි වර්ණ වෙනස්කම් පවතී.

පත්‍රය සම්පූර්ණයෙන් වියළී ගිය පසු ඒවා ගසින් වෙන්කර ගන්නේත්, ඒවා රෙදි මදින ස්ත්‍රික්කයෙන් මැද ගන්නේත් කෙතරම් කාලයකින් පසුවද යන කරුණු මතත් වියළි පත්‍රවල පැහැය වෙනස් වේ.

පත්‍ර ඇලවීම සඳහා ඔබ යොදා ගන්නා පසුබිම අනුවද එක් වර්ණයක් වටා යොදා ගන්නා තද පැහැ හෝ ළා පැහැ පත්‍ර වර්ණ අනුවද, මඳ වශයෙන් පෙනෙන වර්ණ ප්‍රභේදයක් වුවද තීව්‍ර කර පෙන්වීමේ හැකියාව ඇත.

TEXT & Pix ටෙනිසන් එදිරිසිංහ

ඉගෙනගන්නා සිසුන්

ඉගෙනගන්නා සිසුන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?