සින්ඩරෙල්ලා වගේ සුන්දර වෙන්න කවුද අනේ අකැමැති. සුන්දරත්වය අන්තිම මොහොත වෙනකන්ම පවත්වාගෙන යන්න ඊටත් වඩා කැමතියි. ලස්සන වීමේ උමතුවෙන් රුධිරය ස්නානය කරපු අධිරාජනියන් ගැන කතා ඉතිහාසයේ එහෙන් මෙහෙන් හම්බ වෙනවා.
වර්තමානයේ නළුනිළියෝ, නිරූපිකාවෝ විතරක් නෙවෙයි ලස්සන වෙන්න කැමැති ඕෙනම කෙනෙක් යොමු වෙන මිනිස් රුධිර ප්‍රතිකාරය නැත්තන් “Vampire treatment”එක ගැන ඔයා තවම දන්නේ නැද්ද? හව් සෑඩ් කෙල්ලනේ, ලස්සන වීමේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි Platelet-Rich Plasma – (PRP) ප්‍රතිකාරය කියන්නේ. ඔයාලට මේ ලස්සන රහස කියා දෙන්න මාත් එක්ක එකතු වෙනවා, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සන්නාමයක් ලෙස හඳුන්වන්න පුළුවන් වෛද්‍ය සාරා සාෆි නැතිනම් කවුරුත් දන්න doctor cherry.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවයක් කරපු” වැම්ෆයර් ප්‍රතිකාරය” නැතිනම් “පී.ආර්.පී” ප්‍රතිකාර ක්‍රමය කියන්නේ මොකක්ද?
“පී.ආර්.පී.”කියන්නේ “Platelet-Rich Plasma” නැතිනම් රුධිර පට්ටිකා බහුල ප්ලාස්මා ප්‍රතිකාරය කියන එකයි. රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාවේ දී තරුණ පෙනුම රැකගැනීමේ ප්‍රතිඵලදායක වගේම සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමයක් නමුත් පී.ආර්.පී. රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාවට පමණක් ආවේණික treatment එකක් නොවේ. වෛද්‍ය විද්‍යාවේදී වෙනත් රෝග සඳහාත් පී. ආර්.පී. භාවිතා කරනවා.
“පී.ආර්.පී.” ප්‍රතිකාරය සිදු කරන්නේ කොහොමද?
“පී.ආර්.පී”ප්‍රතිකාරය පියවර කිහිපයකින් යුක්තයි. මෙම ප්‍රතිකාරයට විනාඩි 45-60ක කාලයක් ගත වෙනවා. පළමුවෙන්ම සේවාදායකයාගේ රුධිරයෙන් රුධිර සාම්පලයක් ලබාගෙන (Blood Draw) යන්ත්‍රානුසාරයෙන් (Centrifugation) රුධිරයේ පට්ටිකා බහුල සරු ප්ලාස්මාව වෙන්කර ගත යුතුයි. මෙලෙස සකසා ගන්නා පී.ආර්.පී රුධිර සාම්පලය ප්‍රතිකාර කළයුතු ස්ථානයට එන්නත් කිරීම (Preparation and Application).හෝ microneedling හරහා ආලේප කිරීම කරනවා. ප්‍රතිකාරය අවසානයේ soothing gel එකක් ආලේප කිරීමෙන් හෝ cooling mask එකක් දැමීමෙන් පී. ආර්. පී ක්‍රියාවලිය අවසන් වෙනවා. සියල්ල අවසානයේ සේවාදායකයාට පී. ආර්.පී. ප්‍රතිකාරයෙන් පසු අනුගමනය කළ යුතු Aftercare rules පිළිබඳව දැනුම්වත් කිරීමත් වැදගත්.
මෙම ප්‍රතිකාර ක්‍රමයේ විද්‍යාත්මක පදනම කුමක්ද?
පී.ආර්.පී. ප්‍රතිකාරය විද්‍යාත්මකව පැහැදිලි කළොත්, මිනිස් රුධිරයේ රුධිර පට්ටිකාවල අඩංගු ප්ලාස්මාවේ සෛල වර්ධනයට හා පටක කොටස් අලුත්වැඩියා කිරීමට ඇති ස්වාභාවික වර්ධක ප්‍රෝටීන් සහ රුධිරයේ පවතින සුව කිරීමේ ගුණය මඟින් ශරීර අභ්‍යන්තරය අලුත්වැඩියා කිරීමක් තමයි සිදු කරන්නේ. පී. ආර්.පී. ප්‍රතිකාරයේ විශේෂත්වය වෙන්නේ පී.ආර්.පී. රුධිර සාම්පලය නිර්මාණය කරගන්නේ අප වෙත එන සේවාදායකයාගේ රුධිරයෙන්ම වීමයි. පී.ආර්.පී එන්නත් කළ විට සමේ කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය ඉහළ යාම, රුධිර සංසරණය වැඩිදියුණු වීම හා සෛල අලුත් වීම නිසා කාලයත් සමඟ පැහැපත් තරුණ පෙනුමක් ලැබෙනවා.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පී.ආර්.පී ප්‍රතිකාරය වැඩි වශයෙන් යොදා ගන්නේ කවර ගැටලු සඳහාද?
පී.ආර්.පී. කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ සමේ සහ හිසකෙස්වල පවතින රූපලාවණ්‍ය ගැටලුවලට විසඳුම් ලබා දෙන ආසාත්මිකතා රහිත ප්‍රතිඵලදායී ප්‍රතිකාර ක්‍රමයක්. පුද්ගලයකුගේ සුන්දරත්වයට බාධා කරන සමේ රැළි වැටීම්, කුරුලෑ කැළැල්, සමේ පැල්ලම් සහ සමේ අඳුරු බව අඩු කොට සමට තරුණ බවක් ලබා ගැනීමට මෙන්ම හිස කෙස්වල පවතින කෙස් තුනී වීම,අසාමාන්‍ය ලෙස හිස කෙස් හැලීම වැනි ගැටලු අවම කරගනිමින් නිරෝගී කොණ්ඩයක් ලබා ගැනීමට මෙම ප්‍රතිකාරය යොදා ගන්න පුළුවන්.
“පී.ආර්.පී.” ප්‍රතිකාරය “Vampire treatment ” ලෙස හඳුන්වන්නේ ඇයි?
“පී.ආර්.පී.” ප්‍රතිකාරයෙන් පසු දින කිහිපපයක් (දින 1-2ක් අතර) සම ළා රතු පාට ස්වභාවයක් ගන්න නිසාත් ප්‍රතිකාරයට භාවිතා කරන රුධිර සාම්පලය සේවාදායකයාගේ රුධිරයෙන් නිර්මාණය කරගන්නා නිසාත් කෙනෙක්ට මෙම ප්‍රතිකාරයට “Vampire treatment .”කියලා කියන්න පුළුවන් .
“පී.ආර්.පී.” ප්‍රතිකාරයෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණුමොනවා ද?
ප්‍රතිකාරයෙන් පසු දින දෙකක් පමණ ගත වනතුරු සම රතු වීමක්, ඉදිමීමක් හෝ සියුම් වේදනාවක් දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථා වල මේකප්වලින් වැළකීම, අධික ව්‍යායාමවලින් වැළකීම, සෘජුව හිරු එළියට නිරාවරණය නොවීම, sunscreen එකක් භාවිත කිරීම, සම මෘදුව පිරිසුදු කිරීම සහ සමේ තෙතමනය මනාව පවත්වා ගැනීම ආදී Aftercare rules අනුගමනය කිරීමෙන් ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. කෙසේ නමුත් බොහෝ දෙනෙක් පී.ආර්.පී. ප්‍රතිකාරයෙන් පසු එදිනම අපහසුතාවකින් තොරව සාමාන්‍ය පරිදි වැඩකටයුතුවල නිරත වෙනවා.
මෙම ප්‍රතිකාරයෙන් ගුණාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට ප්‍රතිකාර සැසි කීයකට සම්බන්ධ විය යුතුද?
සාමාන්‍ය පුද්ගලයෙකුට දින 30ක පරතරයක් තබා ප්‍රතිකාර සැසි තුන හතරකට යොමු වීමෙන් වඩා ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. නමුත් සේවාදායකයාගේ වයස, සමේ හා හිසකෙස්වල පවතින ගැටලුකාරී තත්ත්වයන්ගේ බරපතළකම, අනුව යොමු විය යුතු පී.ආර්.පී. සැසි ගණන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. පී.ආර්.පී. ප්‍රතිකාරයෙන් අනතුරුව සෑම මාස හයකට හෝ වසරකට වරක් පී.ආර්.පී. නඩත්තු සැසි( Maintenance sessions)වලට සම්බන්ධ වීමෙන් සුන්දරත්වය දීර්ඝකාලීනව පවත්වා ගන්න පුළුවන්.
මෙම ප්‍රතිකාරයේ අතුරු ආබාධ හෝ අවදානම් තත්ත්වයන් තිබෙනවාද?
පී.ආර්.පී.යන පුද්ගලයකුට සුන්දර වීමට ඇති ආරක්ෂාකාරීම ප්‍රතිකාර ක්‍රමයක්. පී.ආර්.පී. එන්නත් කිරීමෙන් පසු තාවකාලික වේදනාවක්, ඉදිමීමක් ඇති වීම ස්වාභාවිකයි. පී.ආර්.පී. ප්‍රතිකාරයට අවශ්‍ය රුධිර සාම්පලය සේවාදායකයාගේ රුධිරයෙන්ම නිර්මාණය කරගන්නා නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලු හෝ අසාත්මිකතා ඇතිවීමක් වෙන්නේ නෑ. තවදුරටත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා පී.ආර්.පී. ප්‍රතිකාරය නිසි මාර්ගෝපදේශ සහිතව කරවා ගැනීමෙන් ආරක්ෂාකාරීව යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
අනෙකුත් රූපලාවණ්‍ය ප්‍රතිකාරයන්ගෙන් ” පී.ආර්.පී.” ප්‍රතිකාරය වෙනස් වෙන්නේ කෙසේද?
fillers , Botox වැනි රූපලාවණ්‍ය ප්‍රතිකාර වගේ නෙවෙයි පී.ආර්.පී. කියන්නේ කෘත්‍රිම ද්‍රව්‍ය යොදා ගැනීමකින් තොරව කරන ස්භාවික රූපලාවණ්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. පී.ආර්.පී මඟින් ක්ෂණික සුන්දරත්වයක් ලබා දෙන්නේ නෑ. සමේ හා හිසකෙස්වල නිරෝගී බව ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු කරමින් සුන්දරත්වය ලබා දීමක් තමයි කරන්නේ. “microneedling”, “laser resurfacing” හෝ “chemical peels” “පී.ආර්.පී.” ප්‍රතිකාරය සමඟ එකතු කිරීමෙන් කෙනෙක්ට වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
“පී.ආර්.පී.” සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද?
සාමාන්‍යයෙන් ප්‍රතිකාරය කරන ස්ථානය (ඇස්, මුහුණ, හිසකෙස්….) වෛද්‍ය සායනයේ ප්‍රමිතිය, වෛද්‍යවරයාගේ විශේෂඥතාව හා අත්දැකීම් කියන සාධක මත “පී.ආර්.පී. “සැසියකට වැයවන මුදල තීරණය වෙනවා.
ශ්‍රී ලංකාවේ “පී.ආර්.පී.” ප්‍රතිකාරයට පවතින ඉල්ලුම කවරාකාරද?
වර්තමාන තරුණ තරුණියන් අතර trend එකක් වෙලා තියෙන සුන්දරත්වය වැඩි කරන ශල්‍යකර්මයක් නොවන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පී.ආර්.පී. හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු විසිපහ – හතළිස් පහ වයස් සීමාවල කාන්තාපිරිමි භේදයකින් තොරව හිස කෙස්වල තුනී බව නැතිකර ගැනීමට, හිස කෙස් හැලීම අවම කර ගැනීමට සහ හිසකෙස් වර්ධනය කර ගැනීමට මෙන්ම ලප කැළැල්වලින් තොරව සම පැහැපත් කර ගනිමින් තරුණ පෙනුම පවත්වා ගැනීමට, මෙම ප්‍රතිකාරයට යොමු වෙනවා. කොළඹ වැනි නගරාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය රූපලාවණ්‍ය ප්‍රතිකාර ක්‍රමයක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
මෙම ප්‍රතිකාරය ලබා ගැනීමට වඩා විශ්වාසදායී රූපලාවණ්‍ය මධ්‍යස්ථාන පවතිනවාද?
මේ වෙනකොට පී.ආර්.පී ප්‍රතිකාරය කරන විවිධ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන තියෙනවා. මෙම ප්‍රතිකාරය සඳහා SLMC-ලියාපදිංචි MBBS වෛද්‍යවරුන් සිටින අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන රූපලාවණ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු වීම වැදගත්. මේ වගේ පිළිගත් රූපලාවණ්‍ය මධ්‍යස්ථානවලින් පී.ආර්.පී. ප්‍රතිකාරය කර ගන්නවා නම් ඕනෑම කෙනෙක්ට දිගු කාලීනව සුන්දරත්වයක් නොපමාව ළගා කරගන්න පුළුවන්.
TEXT රසාංජලී වාසල
