මේ හැඩකාර අපූරු මීමැසි යාළුවා අපට තිළිණ කරන්නේ සොබාදහමේ අපූරු දායාදයක් ලෙසිනි.
කතිර මැහුම් කලාවට මූලික දැනුමක් නොමැති ඔබටද මේ ලබා දෙන ගෙත්තම පහසුවෙන් නිර්මාණය කරගත හැකියි. පුංචි බබාලාගෙ ගවුම් පොඩි හැඩකරන්න වගේම කොට්ට උර, මේස රෙදි, බිත්ති සැරසිලි හැඩ කරන්න මේ නිර්මාණය කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති
සුදු පැහැති අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වාම ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර
නිර්මාණය කිරීම
මෙම නිර්මාණය අඟල් 4.7 x 7.0 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.


