Friday, February 6, 2026
Epaper
Home Highlightsසිලි බෑගයට ටටා බායි පරිසර හිතකාමි ටෝට් බෑගයක්

සිලි බෑගයට ටටා බායි පරිසර හිතකාමි ටෝට් බෑගයක්

by Shanaka Lakehouse

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ පරිසර හිතකාමී බෑගයක්. එදිනෙදා ගමනට බිමනට මෙන්ම කාර්යාලයේ භාවිතයට ද සුදුසු මේ බෑගය නිර්මාණය කිරීමෙන් ස්වයං රැකියාවක් කරන ඔබටත් ජීවිතය ජයගන්න පුළුවන්. එසේ නම් අප අද මේ බෑගය නිර්මාණය කරන හැටි බලමු.

සිතුවම් කරන ලද ටෝට් බෑගයක් නිර්මාණය කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය :- (බෑගය සාදා ගැනීමට)

  • අමු රෙදි‍, කැන්වස් හෝ බෑගය සාදා ගැනීමට සුදුසු ඝනකමින් වැඩි රෙදි
  • නූල්
  • කතුරක්

සිතුවම පින්තාරු කර ගැනීමට‍ අවශ්‍ය ද්‍රව්‍ය:-

  • පතරොම
  • අල්පෙනෙති
  • කාබන් කොලයක්
  • කඩදාසි
  • රෙදි පින්තාරු කරන තීන්ත (fabric paint)
  • පින්සල්

 

නිර්මාණය කිරීම :-

රෙදි කොටස අඟල් 15ක් හෝ අඟල් 16ක් (අවශ්‍ය පළල) සහ අඟල් 36ක් (අවශ්‍ය උස) ලෙස රෙදි කොටස කපාගන්න. කාදුවට අවශ්‍ය දිගින් යුතු රෙදි කොටස (දිග අඟල් 28 හෝ 29 සහ පළල අඟල් 6ක් හෝ අවශ්‍ය ප්‍රමාණය) කපාගන්න. බෑගය සඳහා ගත් කොටස නමා රූපය(1) හි දැක්වෙන පරිදි, කාදු දෙක බෑග් කොටසට සම්බන්ධ කරගන්න. ඉන්පසු රූපය (2) හි පරිදි, බෑගයේ දෙපස මසාගන්න. බෑගය අනෙක් පස හරවා නැවතත් දෙපස මසාගන්න. (මෙම බෑගයට අවශ්‍ය නම් සිපර්, ඇතුළු පැත්තෙන් සාක්කුවක් හෝ ලයිනින් යොදා මසා ගත හැකිය)

රූපය (3) හි පරිදි, පින්තාරු කිරීමට අවශ්‍ය සිතුවමට අදාළ පතරොම කාබන්⁣ කොලයක් භාවිත කර බෑගයෙහි පිටපත් කරගන්න. මෙහිදි අල්පෙනෙති ආධාරයෙන් පතරොම බෑගයට රඳවා පිටපත් කිරීම සිදු කරන්න. මීට අමතරව නිදහස් අතින් සිතුවම් බෑගය මත ඇඳගත හැකිය.

ඉන්පසු බෑගය අැතුළු පැත්තෙන් කඩදාසියක් තබා රූපය (4) පරිදි, පින්තාරු කිරීම ආරම්භ කරන්න. රෙදි පින්තාරු කිරීමට යොදා ගන්නා තීන්ත මෙහිදී භාවිත කළ යුතුය. තීන්ත සහ පින්සල් තෝරා ගැනීමේදී සැලකිලිමත් වීම අනිවාර්ය වේ. තීන්ත ජලය හා මිශ්‍ර කර පින්තාරු කිරීම ආරම්භ කරන්න. අවශ්‍ය වර්ණ සංකලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

තවද ඔබට මේ සඳහා එම්ඩ්‍රොයිඩරි මල් වැලක් නිර්මාණය කරගත හැකියි. එයට බෑගය අඩක් සම්පූර්ණ කරගන්න. අනතුරුව වෙනම රෙදි කොටසකට රිබන් එම්බ්‍රොයිඩරි මල් නිර්මාණය කර එය බෑගයේ මැදට තබා මසාගන්න. මෙහි දී බෑගයට සහ රිබන් මල්වලට ගැළපෙන ලෙස රෙදි කොටස තෝරා ගන්න. ලිනන්, ලේස් කොට්න් වැනි රෙදි වර්ග යෝග්‍ය වේ.

රිබන් මල් මසාගැනීමට අඟල , අඟල් භාගය, අඟල් කාල ප්‍රමාණයේ රිබන් අවශ්‍ය වේ.

ළා කහ පැහැති මල මැසීමට මලේ මැදට ප්‍රංශ ගැටය භාවිත කළ යුතුය. ඒ සඳහා අඟල් කාල ප්‍රමාණයේ රිබන් පිළිවෙළින් කළු සහ දුඹුරු වර්ණ යොදා ගන්න. මල් පෙති සඳහා රිබන් අඟල් භාගය ප්‍රමාණය යොදා ගත හැකියි. මෙහිදී රිබන් එක සහිත ඉදිකටුව රෙද්දෙන් උඩට ගෙන මල් පෙත්තට අවශ්‍ය දුර ප්‍රමාණයට අරගන්න. පසුව රිබන් එක උඩින්ම ඉදිකටුව නැවත රෙදි කොටසත් ඇල්ලෙන ලෙස මසා ගන්න. මේ අයුරින් මල සම්පූර්ණ කර ගන්න. පත්‍ර අඟල් කාල රිබන් එකෙන් මසාගන්න.

නටුව කොටස මසා ගැනීමේ දී අඟල් කාල දුඹුරු පැහැති රිබන් එක ගන්න. එහිදී රිබන් එක අඹරවා ගනිමින් නටුව කොටස මසාගන්න.

මල මසා ගැනීමේ දී අඟලේ රිබන් රතු වර්ණයෙන් යොදා ගන්න. මෙහිදී රිබන් මැස්මෙන් මල් පෙති මසා ඇත. මලේ මැද කොටස ප්‍රංශ ගැටය යොදා ගනිමින් මසා ඇත. අඟල් කාල රිබන් එක මඟින් සුපුරුදු පරිදි පත්‍ර මසා ගන්න.

අවසානයේ දී රිබන් එම්බ්‍රොයිඩරි මෝස්තරය සහිත රෙදි කොටස ටෝට් බෑගයට තබා මසාගෙන බෑගයේ ඉතිරි කොටස සම්පූර්ණ කර ගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?