ගැහැනු කෙනෙකුගේ වගේම පිරිමි කෙනකුගේ සුන්දර බව, පෞරුෂය, කඩවසම් බව ඉස්මතු කර පෙන්නන්න පුළුවන් ප්‍රධානම සාධකයක් තමයි හිසකෙස් කියලා කියන්නේ. නමුත් කෙනාගෙන් කෙනාට හිසකෙස් වර්ගය වෙනස් වෙනවා.
සමහර අයට උපතින්ම හොඳ Volume එකක් එක්ක දිග දීප්තිමත් කෙස් කලඹක් ලැබෙනවා වගේම සමහර අයට volume එක, දීප්තිය අඩු කෙටි හිසකෙස් කලඹක් ලැබෙනවා.
නමුත් අපි අපේ හිසකෙස්වලට හොඳින් සත්කාර කරනවා නම් කෙටි, දීප්තියෙන් අඩු හිසකෙස් පෝෂණය කර ගන්නත් දිගු, නීරෝගි හිසකෙස් තවත් ලස්සනට තියා ගන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ හිසකෙස් වැවීමේ වේගය මසකට (1.25 cm) වේ. නමුත්, විවිධ සත්කාර මඟින් අපේ හිසකෙස් වැවීමේ වේගය වැඩි කර ගන්න අපිට පුළුවන්.
ඒ වගේ සත්කාර විදිහට, Head massage, තෙල් සත්කාර, පැපිලාවට (Hair Pupilla) පෝෂණය ලබා දීම වගේ දේවල් කරන්න පුළුවන්.
හිස සම්බාහනය (Head massage)
Head massage එකකින් වෙන්නේ අපේ හිසකෙස් සම්බන්ධ වී ඇති රෝම කූප උද්දීපනය කරමින් හිසකෙස් වැවීමේ වේගය වැඩි කර ගැනීමයි.
තෙල් සත්කාර (Oil treatment)
තෙල් කියන්නේ ලිහිසි ද්‍රව්‍යයක්. එමඟින් අපේ හිසකෙස් සම්බන්ධ වී ඇති රෝම කූප තුළින් හිසකෙස් පිටතට පැමිණීමට අවශ්‍ය අවකාශය සකස් වෙනවා. එතකොට අපිට අපේ හිසකෙස් වර්ධන වේගය ක්‍රමයෙන් වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම තෙල් සත්කාරයක දී head massage එකක් ද කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
පැපිලාවට (Hair Papilla) පෝෂණය ලබා දීම
පැපිලාව කියන්නේ අපේ හිසකෙස් අභ්‍යන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙන තවත් කොටසක්. අපේ හිසකෙස්වලට පෝෂණය ලැබෙන්නේ මේ පැපිලාව මඟින්. ඒත් හිසකෙස්වලට පෝෂණය ලබා දෙන්න කලින් පැපිලාව පෝෂණය වී තිබිය යුතුය. ඒ සඳහා අපිට සමබර ආහාර වේලක් ලබා ගැනීම, කැල්සියම් යන යකඩ B සංකීර්ණ වර්ග ලබා ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්.
එමෙන්ම හිසකෙස් සඳහා තෙල් සත්කාර කිරීමේ දී කිසිවිටෙකත් තෙල් වර්ග හිසකෙස් අග ගැල්වීම ප්‍රතිඵලදායක නොවේ. එනම් අප තෙල් වර්ග ගැල්විය යුත්තේ හිස්කබලේයි.
මෙම ප්‍රතිකර්මවලින් පසු ඉලෙක්ට්‍රික් තෙරපී සහ PRP, මෙසෝ තෙරපි ප්‍රතිකාර සඳහා යොමුවේ නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
වැටෙන කොණ්ඩෙට මුරුංගා මැජික් එකක්.
සෑම කෙෙනකුම පාහේ හඳුනන එමෙන්ම එදිනෙදා ආහාරයට ගන්නා වූ ශාකයක් ලෙස මුරුංගා හැඳින්විය හැකිය. එම ශාකය විස්මිත ගුණ රැසක් ලබා දෙන්නා වූ ශාකයකි. මෙම ශාකය මුළුමනින්ම මිනිසාගේ පරිභෝජනය සඳහා යොදා ගනී. කොළ, කරල්, මුල්, පොතු යනාදී සමස්ත ශාකයේ කොටස් සියල්ල ප්‍රයෝජනයට ගනී. මුරුංගා කොළවල ඇති පෝෂණ සංඝටක පිළිබඳ කතා කිරීමේ දී අතිවිශාල පෝෂක ප්‍රමාණයක් එහි අන්තර්ගත වෙයි. ඒ අනුව ශරීරයේ බර හා කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීම මෙය කදිම ඖෂධයකි. මුරුංගා පත්‍රවල ඉතා විශාල මට්ටමකින් විටමින් c පවතියි. එය දොඩම්වල තිබෙන විටමින් c ප්‍රමාණය වගේ හත් ගුණයකි. එයින් ප්‍රතිශක්තිකරණය වර්ධනයට, සම පැහැපත් කිරීමට, නීරෝගි කර ගැනීමට හැකියාව ලැබේ. තවද මෙම පත්‍රවලින් ශරීරයට හොඳ පොටෑසියම් ප්‍රමාණයක් ලැබේ.
හදවතේ ක්‍රියාකාරිත්වය මනාව පාලනය වීමට, ස්නායුවල නීරෝගි බව රැක ගැනීමට, මාංසපේශී සංකෝචනය කිරීමට පොටෑසියම් උපකාරි වන බැවින් මුරුංගා කදිම ශාකයකි. ඊට අමතරව කිරිවල තිබෙන කැල්සියම් ප්‍රමාණය වගේ දහස් ගුණයක කැල්සියම් ප්‍රමාණයක් මෙම පත්‍රවල අඩංගු වෙයි. එය අස්ථි සහ දත් ශක්තිමත් වීමට උපකාර කරයි. මෙම ශාකයේ නිවිතිවල මෙන් විසිපස් ගුණයක් යකඩ අන්තර්ගත වන අතර බිත්තරවල මෙන් මැග්නීසියම් තිස්හය ගුණයක් අන්තර්ගත වේ.
මැග්නීසියම්වලින් ශරීරයේ පවතින ක්‍රියාකාරකම් 300ක් පමණ පාලනය කරනු ලබයි. නින්ද ආශ්‍රිත රෝග දුරුකර ගැනීමට, ශරීරය තුළ ශක්තිය නිපදවීමට, ආතතිය දුරු කර ගැනීමටත් මෙම මැග්නීසියම් උපකාරී වේ. තවද මුරුංගා පත්‍රවල විටමින් B3 මෙන්ම විටමින් B2 විශාල ප්‍රමාණයක් පවතී. උදාහරණයක් ලෙස ගත් විට රටකජුවල පවතින විටමින් B3 ප්‍රමාණය වගේ පනස් ගුණයක් විටමින් B3 මෙම පත්‍රවල අඩංගු වේ.
ඒ අනුව මෙම පත්‍රවලින් ශරීරයේ පවතින තුවාල සුව කිරීමට, මාංසපේශීවල පවතින රෝගී තත්ත්වයන් දුරු කර ගැනීමට මෙන්ම ලේ පිරිසුදු කිරීමටත් උපකාරි වේ.
ඒ අනුව ශරීරයට ඉතාම හිතකර, ඉතාම පහසුවෙන් සොයාගත හැකි විස්මිත ඖෂධයක් වන මුරුංගා ශාකය විවිධ අයුරින් පරිභෝජනය කරනු ලබයි. මුරුංගා කොළ පානය, මුරුංගා කොළ සම්බෝල, මුරුංගා කොළ මැල්ලුම, මුරුංගා කොළ තෙම්පරාදුව, මුරුංගා කරල් ව්‍යංජනය යනාදිය එදිනෙදා ගෘහිණියන් විසින් පිළියෙල කරනු ලබයි.
එහෙත් ඊට අමතරව මුරුංගා අතුරුපසක් ලෙස ද සකසා ගනු ලබයි. මුරුංගා අයිස් ක්‍රීම්, බිස්කට්, කේක් වැනි අතිරේක කෑම වර්ග ද නිර්මාණය කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව ලෝකයේ පෝෂණීය ගුණයෙන් පොහොසත්ම ශාක අතරින් එකක් ලෙස මෙම මුරුංගා ශාකය හැඳින්විය හැකියි. එහි පවතින අසීමිත ගුණය නිසා එය ආහාරයක් ලෙස පමණක් නොව රූපලාවණ්‍ය කටයුතු සඳහා ද භාවිත කරනු ලබන ඖෂධයක් ලෙස ද ලොව පුරා ප්‍රචලිතව ඇත. ඒ අනුව හිසකෙස් වර්ධනය කර ගැනීමට, හිසකෙස් සුදු වීම අවම කර ගැනීමට, හිසහොරි මෙන්ම ආසාදන අවම කිරීමට, හිස්කබලට පෝෂණය ලබාදීමට යනාදී හිස්කෙස් සම්බන්ධ ප්‍රශ්න රැසකට පිළියමක් ලෙස මෙය භාවිත කරනු ලබයි.
ඒ සඳහා මෙයින් තෙල් වර්ග සැකසීම Hair mask සකසා ගැනීම සිදු කරනු ලබයි. සම පැහැපත් කර ගැනීමට, සම රැලි වැටීම අවම කිරීමට, සමෙහි ඇති ලප කැළැල් දුරු කර ගැනීමට, සමට ඇතිවන බාහිර බලපෑම් දුරු කර සම ශක්තිමත් කිරීමට මෙම ශාකය යොදා ගනී. මෙම විස්මිත ගුණදෙන පෝෂණ උල්පත නිවෙස්වල ඉතා පහසුවෙන් හිටවා ගත හැකි ශාකයකි. ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා
පවතින්නා වූ රෝග රැසක ගැලවුම්කාරයා ලෙස මෙම මුරුංගා හැඳින්විය හැකියි.
Facemask
- මී පැණි මේස හැන්දක්
- රෝස වතුර මේස හැන්දක්
- ලෙමන් යුෂ මේස හැඳි භාගයක්
- මුරුංගා පවුඩර් මේස හැන්දක්
මෙම ද්‍රව්‍ය පිරිසුදු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එය ඝන වැඩි නම් වතුර ස්වල්පයක් එක් කරන්න. තලපයක් ආකාරයට සකසා ගත් මෙම ආලේපනය පිරිසුදු කරගත් මුහුණෙහි ආලේප කරන්න.
එයින් පසුව මිනිත්තු දහයක පමණ කාලයක් තබා සිසිල් වතුරෙන් සෝදා හරින්න.
Hair mask
- මුරුංගා කොළ
- උළුහාල් මේස හැඳි 2ක්
- කෝමාරිකා මදය
උළුහාල් මේස හැඳි 2ක් ජලය මිලි ලීටර් 200ක පෙඟෙන්න හරින්න. මුරුංගා කොළ කෝප්පයක් වැනි ප්‍රමාණයක් ගන්න. කෝමාරිකා මදය ගෙන එය ද වෙනම Blender කර ගන්න. ඉන්පසු මුරුංගා කොළ Blender එකට දමා පොඟවා ගත් උළුහාල් සමඟ එම වතුර ද එකතු කර හොඳින් Blender කරගන්න. පසුව එය හොඳින් පෙරා එයට අඹරාගත් කෝමාරිකා එකතු කරන්න. ස්නානය කිරීමට පැයකට පෙර මෙම Hair
mask එක භාවිත කර සෝදා හරින්න. සතියට දවස් දෙකක් මෙම Mask එක භාවිත කිරීම මඟින් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
TEXT – ඉරේෂා ගුණසේකර, ටිරුණි ඉමායා
