Monday, December 1, 2025
Epaper

COVER STORY

by Shanaka Lakehouse

මේ දිනවල තිරගතවන ලාල් වීරසිංහයන්ගේ ‘රැයක් හෝ පැයක්’ චිත්‍රපටයේ අපර්ණා ලෙස රඟන නොෂිකා ද සිල්වාගේ රුවින් මෙවර තරුණි කවරය සැරසේ.

තමාගේ රඟපෑම් සම්බන්ධයෙන් අතිශය තෘප්තිමත් වන ඇයගේ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය මෙයයි. ඉන්දියාවේ චෙන්නායිවල දකුණු ඉන්දීය සිනමාව සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකදී ඇයට ලාල් වීරසිංහයන්ගෙන් මෙම චිත්‍රපටය සඳහා ඇරියුමක් ලැබිණි.

ජපානයේ උපත ලැබූ නොෂිකා එහි අධ්‍යාපන කටයුතු හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා සිය මව සමඟින් අමෙරිකාව බලා යයි. පශ්චාද් උපාධිය දක්වාම හදාරන ඇය මූල්‍ය අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරයි.

කලාව කෙරෙහි බෙහෙවින් ලැදි නොෂිකා Photo Shoot, Modling සඳහා එක්වී සිටියි. ඉදිරියේදී උසස් නිර්මාණ සඳහා රංගන දායකත්වය ලබා දීමට සූදානමින් සිටින ඇය කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යෑමේ අපේක්ෂාවෙන් සිටියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?