දේශීය කුළුබඩු හා රසකාරක වන කරපිංචා, කුරුඳු, කරාබුනැටි භාවිතය ද මස්තිෂ්කය වෙත රුධිර චලනය වැඩි කිරීම, මනස ශක්තිමත් කිරීම, මතක ශක්තිය සහ අවධානය වැඩි කිරීම වැනි ප්රතිලාභ රැසක් ගෙන දේ. එම නිසා කිරි, තේ හා ව්‍යංජනවලට මේවා එක් කර ගත හැකිය. මේධ්‍ය ඖෂධ සමඟ සුදුසු පලතුරු සහ එළවළු ලෙස බෙරි වර්ග, දෙළුම්, නිවිති, ගොටුකොළ, වට්ටක්කා ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය. මේවායින් පිළිකා නසන ප්‍රතිඔක්සිකාරක (antioxidant) ගුණය ලබාදෙන අතර ඛනිජ අවශ්‍යතාව ද සපුරා දෙයි. රතු කැකුළු බත්, ඔට්ස්, බාර්ලි, මුං ඇට ආහාරයට එකතු කරගත හැකි නම් එයද ගුණදායක වේ. එමෙන්ම ප්‍රමාණවත් වතුර පානය, ප්‍රමාණවත් නින්ද, අධ්‍යාපනයේ යෙදෙන විට නිවැරදි රටාවකට හුරු වීම, සැහැල්ලු ව්‍යායාමවල යෙදීම, සීනි භාවිතය අඩු කිරීම ආදී කරුණු ද කෙරෙහි අවධානය යොමු කිරීම ඖෂධවල ප්‍රතිඵල වැඩි කිරීමටන් මානසික යහ පැවැත්ම සඳහාත් බලපායි. අධික ලෙස ක්ෂණික ආහාර, බදින ලද ආහාර, පැණිබීම වර්ග භාවිතය සීමා කිරීම හා රාත්රියේදී ගුරු ආහාර වෙනුවට සැහැල්ලු ආහාරයකට යොමු වීම කළ යුතුය.
වර්තමානය වන විට ඖෂධ ලෙස හා ආහාරමය අතිරේක මෙන්ම බුද්ධි වර්ධක ලෙස ද වෙෙළඳපොළ තුළ හර්බල් ටී, හර්බල් පවුඩර්, හර්බල් ඔයිල්, හර්බල් කැප්සූල් ද ඊට අමතරව ඖෂධ රසායන, චූර්ණ, ආලේපන ලෙස ද මෙම ඖෂධ අඩංගු නිෂ්පාදන හමු වේ. සාමාන්‍ය ජීවිතයේ දී මේධ්‍ය වර්ධනය සඳහා ඉහත ඇතැම් යෝග විස්තර කළද මානසික රෝගවලට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය නිර්දේශ මත ඒවාට යොමු වීම සුදුසුය. සාමාන්‍ය ජීවිතයේ දී වුවද දීර්ඝකාලීනව අධික භාවිතයක් සිදු කරන්නේ නම් නිසි උපදෙස් හා වෛද්‍ය අධීක්ෂණය වැදගත් වේ.
ස්වාභාවිකත්වය හා දේශීයත්වය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු වන වර්තමානය තුළ, මනසට හා ශරීරයට හානිදායක ප්‍රතිඵල නොමැතිව රෝග සුව කිරීමටත් නීරෝගි බව පවත්වා ගැනීමටත් උපකාරී වන මෙම ඖෂධ, සැලකිය යුතු
අයුරින් මහජන අවධානය දිනා ගනිමින් පවතින බව පැහැදිලි ය. ආයුර්වේදයේ දැනුමට අනුව, මෙවැනි ඖෂධ නිවැරදි ලෙස, නිසි ආහාර පුරුදු, නිද්‍රා, චර්යා සමඟ භාවිත කිරීම මානසික පෝෂණය උදෙසා නිසැකවම උපකාරී වන බව නවීන
විද්‍යානුකූල පර්යේෂණවලින් ද මේ වන විට තහවුරු වෙමින් පවතී.
