Monday, December 8, 2025
Epaper
Home Highlightsමතකය, අවධානය, විචාර බුද්ධිය වඩවන ආයුර්වේදයේ රහස්

මතකය, අවධානය, විචාර බුද්ධිය වඩවන ආයුර්වේදයේ රහස්

by Shanaka Lakehouse

මදුරුතලා

මීට අමතරව ගෙවත්තේ නිතර හමු වන මදුරුතලා ශාකය ද මෙම ඛාණ්ඩයේ ඖෂධයක් ලෙස දැක්විය හැකි අතර තේ පානයක් ලෙස සකසා සුවඳ ආඝ්‍රාණය කරමින් පානයට ගැනීම ඉතා සුදුසු වේ. කුෂ්මාණ්ඩ හෙවත් අළුපුහුල් ද (Benincasa hispida) මේ හැකියාව ඇති ඖෂධීය ගුණයෙන් යුක්ත ආහාරයකි. ව්‍යංජනයක් ලෙස, කැඳ හෝ සුප් ලෙස, යුෂ ගෙන පානයක් ලෙස මෙන්ම රසායනයක් ලෙස ද ගත හැකිය. ස්මෘති වර්ධන, ප්‍රතිශක්ති වර්ධන හා මනස ශාන්තියට පත් කිරීමේ හැකියාවක් කුෂ්මාණ්ඩ තුළ පවතී.

 


වදකහ

මනසට සුවය දෙන අනෙකුත් ආයුර්වේද ඖෂධ යටතේ අශ්වගන්ධා (Withania somnifera), වචා හෙවත් වදකහ (Acorus calamus), ගුඩුචි එනම් රසකිඳ හා ජටාමාන්සි (Nardostachys jatamansi) ද දැක්විය හැකිය. කෙසේ නමුත් පෙර සඳහන් කළ ආහාරයට එකතු කර ගත හැකි ඔසු මෙන් නොව වෛද්‍ය උපදෙස් මත විවිධ මානසික රෝගී තත්ත්වවලදී හෝ අවශ්‍යතාව මත භාවිත කරන ඖෂධීය යෙදීම් ලෙස මේවා වැදගත් වේ.

 

ශල්‍යකර්මයකින් තොරව මූත්‍රා ගල් දියකර හරින මොණරකුඩුම්බිය

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පහසුවෙන් දකින්න ලැබෙන, අපේ ගෙවත්තේම හැදෙන අපූරු ඔසු පැළයක් තමයි මොණරකුඩුම්බිය කියන්නේ. මේ පුංචි පැළෑටියේ මුල සිට අග දක්වාම තියෙන්නේ පුදුමාකාර ඖෂධීය ගුණ. ඒ නිසාම මොණරකුඩුම්බිය කියන්නේ ඉවතලන්නට කිසිම කොටසක් නැති වටිනා සම්පතක්. නිල් සහ සුදු පැහැති මල්වලින් යුතු ප්‍රභේද දෙකකින් අපට මේ ශාකය දකින්න ලැබෙනවා. මේක දේශීය වෙදකමට වගේම අපේ කෑම මේසයටත් එකතු කරගන්න පුළුවන් හරිම රසවත් පැළෑටියක්.

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පහසුවෙන් දකින්න ලැබෙන, අපේ ගෙවත්තේම හැදෙන අපූරු ඔසු පැළයක් තමයි මොණරකුඩුම්බිය කියන්නේ. නිල් සහ සුදු පැහැති මල්වලින් යුතු ප්‍රභේද දෙකකින් දකින්න ලැබෙන මේ පුංචි පැළෑටියේ මුල සිට අග දක්වාම තියෙන්නේ පුදුමාකාර ඖෂධීය ගුණ. ඒ නිසාම මොණරකුඩුම්බිය කියන්නේ ඉවතලන්නට කිසිම කොටසක් නැති, දේශීය වෙදකමට වගේම අපේ කෑම මේසයටත් එකතු කරගන්න පුළුවන් වටිනා සම්පතක්.

ළදරු රෝගවලට ගු ණදායකයි

ආයුර්වේදයට අනුව, පොඩි දරුවන්ගේ මාන්දම් රෝගය සහ සෙංගමාලය වැනි තත්ත්වයන්ට මොණරකුඩුම්බිය ගුණදායකයි. මේ සඳහා හීනටි සහල් සමඟ කැඳ සාදා දීම ඉතා හොඳයි.

මුත්‍රා පද්ධතියේ රෝග සඳහා

දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන විදිහට, මොණරකුඩුම්බිය වෙනත් ඖෂධ සමඟ යෙදීමෙන් ශල්‍යකර්මයකින් තොරව මුත්‍රා ගල් දියකිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම, ශාකය තම්බා බොන එකෙන් මුත්‍රා පිටවීම පහසු වෙනවා.

TEXT – ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය භාග්‍යා ගීගණගේ (BAMS)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?