Monday, December 8, 2025
Epaper
Home Highlightsනත්තල් සමයේ ඉටිපන්දම් සැරසිලි

නත්තල් සමයේ ඉටිපන්දම් සැරසිලි

by Shanaka Lakehouse

අවුරුද්දකට වතාවක් උදාවෙන නත්තල යනු ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ඉහළතම සැමරීමකි.එනිසා නත්තල් උත්සවය වඩාත් විවිත්‍රවත් කිරීමට ඔවුන් බොහොමයක් සැරසිලි චාරිත්‍ර විධි ආදිය යොදාගනිති. එම සැරසිලි අතරින් ඉටිපන්දම්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

නත්තල් සැරසිල්ලක් ලෙස මුල්වරට ඉටිපහන් යොදාගත් බව සඳහන් වන්නේ මධ්‍යතන යුගයේදීය.එය මඟින් ජේසු බිලිඳා උපත ලැබූ වේලාවේ බෙත්ලෙහමට ඉහළ අහසේ පෑයූ තරුව සංකේතවත් කරයි. එසේම ජේසුතුමා ලෝකයේ ආලෝකය බව පෙන්නුම් කිරීම සඳහා ඉටිපහන් භාවිත කරයි.

අතීතයේදී නත්තල් ගස සැරසිලි සඳහා විවිධ වර්ණවල නත්තල් ඉටිපහන් යොදාගෙන ඇත. සුදු පැහැති ඉටිපහන් මඟින් සාමය, නිර්මල බව සහ නපුරු බලවේග පරාජය කිරීමද, රතු පැහැ ඉටි පහන් මඟින් මිත්‍රත්වය ආදරය සහ සතුටද සංකේතවත් කරයි.

ඔබටත් මේ නත්තල් සමය විවිධ ඉටිපන්දම් සැරසිලි වලින් අලංකරණය කරගත හැකිය.advent candles ලෙස නත්තලට පෙර සති හතරේ ආගමික සූදානම නියෝජනය කරමින් දැල්විය හැකිය. මේවා නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයන්ට සහ අනෙකුත් අවස්ථාවන් සඳහා ඉතා යෝග්‍ය වේ.

Taber candles රතු, රිදී හෝ තද කොළ පැහැති ආදී වර්ණවලින් භාවිත වේ.

නත්තල් සුවඳ යනු මතකය හා බැඳුණු අසමසම අත්දැකීමකි.Scented candles මඟින් මුළු නි‍ෙවසම සුවඳවත් කරගත හැකිය. තාක්ෂණයේ දියුණුව සමඟ LED ඉටිපන්දම් සාම්ප්‍රදායික ඉටිපන්දම්වලට වඩා ආරක්ෂිත හා පහසු විකල්පයක් බවට පත්වී ඇත. ගින්නක් ඇතිවීමේ අවදානමකින් තොරව ළමුන් සහ සුරතල් සතුන් සිටින නිවෙස් සඳහා වඩාත් සුදුසුය.

Pillar candles යනු කල් පවතින ඝනකම වැඩි ඉටිපන්දම් වර්ගයකි.මේවා දිගු වෙලාවක් දැල්වෙන බැවින් උත්සව සමය පුරාම භාවිතා කළ හැකිය. Pillar candles උත්සව සමයට විශේෂිත වයනයක් සහ දිස්නයක් එක්කරයි.

ඒ වගේම votive candles සහ tealight candles ලෙස කෙටි කාලීන දීප්තියක් ලබාදෙන ඉටිපන්දම් විවිධ වර්ණවලින් ලබාගත හැකිය. මේවා පහන් කූඩු තුළ නත්තල් ගස අවට සැරසිලි සඳහා වඩාත් කදිමයි.

අප කැමති ආකාරයට ඉටිපන්දම් සැරසිලි නිර්මාණය කරගත හැකිය.ඉටිපන්දම් තෝරා ගැනීමේදී තේමාවට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය. ඒ වගේම ආරක්ෂාව පිළිබඳත් සැලකිලිමත් විය යුතු වේ.

නත්තලට ඉටිපන්දම් එකතු කිරීම යනු ඔබගේ නි‍ෙවස අලංකාර කිරීම පමණක් නොව වසරේ වඩාත් සුන්දර කාලය තුළ බලාපොරොත්තුවේ සහ සැනසීමේ ආලෝකය දැල්වීමයි.

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?