Saturday, December 20, 2025
Epaper
Home කලා ලොවඅර්නස්ට් වඩුගේගෙන් සිනමාවට ‘රන් පොතක්’

අර්නස්ට් වඩුගේගෙන් සිනමාවට ‘රන් පොතක්’

by Shanaka Lakehouse

මෙරට ස්වර්ණමය සිනමා යුගයක් හා පුවත්පත් කලාව පැවති කාලවකවානුව තුළ සිනමා රසිකයන් වෙනුවෙන් සිනමා පුවත්පත් ලේඛකයන් විශිෂ්ට දායකත්වයක් ලබා දුනි. අර්නට්ස් වඩුගේ ද එවැනි විශිෂ්ට ලේඛකයන් අතර ප්‍රමුඛ ස්ථානයක වැජඹිණි.

නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු 1969 දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වී සරසවිය පුවත්පත තුළින් සිය වෘත්තීය පත්‍ර කලා ජීවිතය ආරම්භ කළේය. පසුව ප්‍රීති රාජ් වීරරත්න සමඟ එක්වී රස ප්‍රකාශන සමාගම තුළින් අති විශිෂ්ට ජනප්‍රියත්වයට පත් වූ රස, සුවඳ, සුමියුරු, බිරිඳ, සම්පත, ජීවිතය, ඈ ආදී ප්‍රකාශන ගණනාවක් පාඨකයින් වෙත පිරිනමමින් පොත්පත් කලාවේ පෙරළියක් ඇති කළ ඔහු මාධ්‍ය ලෝකයට නවකයන් රැසක් හැඳුන්වා දුන් ජ්‍යෙෂ්ඨයෙකි.

අර්නස්ට් වඩුගේ පත්‍ර කලාවේදියකු පමණක්ම නොවේ. චිත්‍රපට තිරනාටක හා දෙබස් රචකයෙකු, සහාය අධ්‍යක්ෂවරයකු ලෙස අනුෂා (1979) චිත්‍රපටයට සම්බන්ධ වූ ඔහු බට්ටි, චන්දිරා, ජෝඩු වළලු, තුත්තිරිමල් වැනි චිත්‍රපටවල නිෂ්පාදන අංශයට සම්බන්ධ වී කටයුතු කළේය. නවකතා 25ක් පමණ රචනා කර ඇති ඔහුගේ මුල්ම නවකතාව ‘ආදරය මිහිරක් නොවේ.’ ලෙස ප්‍රකාශයට පත්විය. පසුව පිනි කඳුළු, අමිල මල්, දේවතාවියේ මගේ මැණික, සුපුන්සඳ, රාහුල් වැනි නවකතා ඔහු අතින් නිර්මාණය විය. ‘ගම ගාල්ලේ,‘ ‘සදාදරණීය සිංහල සිනමාව‘, ‘යුග දිවිය‘, ‘මගේ බිරිඳ මගේ සම්පතයි‘ වැනි කෘති කීපයක් ද රචනා කළේය.

මේ වසරේ ‘සරසවිය’ සම්මාන උලෙළේදී රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

පසුගිය මස ජනගත වූ ‘සිනමා රන්පොත‘ ඔහුගේ නවතම කෘතියයි. 1947 සිට වසර 79 පුරා සිනමාව එක පිටට ගෙන පින්තූරවලින් පොතක් රචනා කළ පළමු අවස්ථාව ලෙස ඔහු එය හඳුන්වයි. ඉදිරියේදී එහි දෙවැනි කොටස එළිදැක්වීමේ අපේක්ෂාවෙන් ද ඔහු පසුවෙයි.

 

TEXT – ෂෙරීන් පිරිස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?