Wednesday, February 4, 2026
Epaper
Home Highlightsදෙසැම්බරය හැඩකරන වෙනස් විදිහේ නත්තල් ගස්

දෙසැම්බරය හැඩකරන වෙනස් විදිහේ නත්තල් ගස්

by Shanaka Lakehouse

නත්තල් සමය ඇරඹීමත් සමඟ සැරසිලිවලින් අලංකාර වේ. ඒ අතර හැම වසරකම ලොව පුරා මිලියන ගණනක් නිවෙස්තුළට ආදරය, උණුසුම, එකමුතුව අරගෙන එන නත්තල් ගහට තිබෙන්නේ සුවිශේෂ තැනකි. අතීතයේ නම් නත්තලට දින දෙක තුනකට කලින් පයිනස් වර්ගයේ ගහක කොටසක් කපාගෙන නත්තල් ගස් සාදයි.

නමුත් වර්තමානයේ විවිධ අමුද්‍රව්‍ය ඇසුරු කරගෙනත්, විවිධ ආකාරයෙනුත් සාදයි. ප්ලාස්ටික්, රබර්, රෙදි කැබලි, කඩදාසි, කම්බි විතරක් නෙමෙයි වියළි පොල් මල්, හනසු මටලුවලින් පවා නිර්මාණය කර ගත හැකියි. ඒ කුමන ආකාරයෙන් සෑදුවත් හැඩය වෙනස් නොකරන්නත් වග බලාගනියි. ඒ අනුව 2025 නත්තල සඳහා භාවිත කළ හැකි නත්තල් ගස් සැරසිලි කිහිපයක් බලමු.

Cone tree ( කේතු හැඩැති )

සාම්ප්‍රදායිකව නිවෙස් පුරා පැතිර යන පයින් ගස්වලට අමතරව නත්තල් සමයේදී cone tree සැරසිල්ල ශ්‍රි ලාංකීය නිවෙස් සඳහා නවීනත්වය සහ සරල බව රැගෙන එමින් පවතී.

ලංකාවේ බොහෝ නූතන නිවෙස්වල ඉඩකඩ සීමිතය. එම නිසා cone tree ඉතා පහසුවෙන් තබා ගත හැකිය. ගස කුඩා බැවින් සැරසිලි සඳහා යන වියදමද පාලනය කර ගත හැකිය.

Brush tree forest

නත්තල් සැරසිලි මෝස්තරයකි. එහිදී විවිධ ප්‍රමාණවලින් සමූහගත කර තැබිය හැකිය. වනාන්තර දර්ශනයක් ලෙස නිර්මාණය කරනු ලබයි. මෙය සාමාන්‍යයෙන් මේස, ජනෙල්, කවුළු හෝ රාක්ක මත තබන සැරසිලි මෝස්තරයකි.

Portable pine tree

Portable pine tree සැරසිල්ල අලංකාර බඳුනක හෝ භාජනයක් මත තැබිය හැකිය. බැල්කනි, වැරන්ඩා හෝ පිවිසුම් මාර්ගය දෙපස සමමිතිකව තැබීමෙන් ගෙට ඇතුළුවන අමුත්තන්ට උණුසුම් පිළිගැනීමක් ලබාදිය හැකිය.

Faux blossom tree

නත්තලට පමණක් නොව අලුත් අවුරුදු සහ අනෙකුත් විශේෂ උත්සව සඳහා යොදාගත හැකිය. මල් පිපුණු ස්වභාවයක් ගන්නා අලංකාර අතු සහිත ගසකි. සාමාන්‍යයෙන් චෙරි මල්, මැග්නෝලියා මල් හෝ වෙනත් සුදු රෝස පැහැති මල් ආකාරයෙන් සාදගත හැකිය.විශේෂයෙන් රාත්‍රියේදී ඉතා ආකර්ෂණය හා දීප්තිමත් ආලෝකයක් ලබා දෙයි.

Scandi fir tree

ස්කැන්ඩිනේවියානු මෝස්තරයේ ආභාසය ලැබූ නත්තල් ගසකි. මෙම සැරසිල්ල සඳහා පිදුරු, ලී, ලොම්, පාසි, පයින් කේතු වැනි ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කරයි. නිවාසවල ව්‍යාපාරික ස්ථානවල මෙන්ම අවශ්‍ය ඕනෑම ස්ථානයක් සඳහා කදිමම තේරීමකි.

Eucalyptus tree

යුකැලිප්ටස් අතු සහ කොළ නත්තල් සැරසිලි සදහා භාවිත කිරීම නූතන නත්තල් සැරසිලි ප්‍රවණතාවයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල යුකැලිප්ටස් පහසුවෙන් සොයා ගත හැකිය.ලංකාවේ නිවෙස් අලංකාර කිරීමට භාවිත කළ හැකි ඉතා ප්‍රයෝජනවත්, ලාභදායි හා ආකර්ෂණීය අංගයකි.

2025 නත්තල යනු ලාංකීය අපිට අලංකාරවත් සුවපහසු මතකයේ රැඳෙන උත්සව සමයකි. ඔබ නවීන Faux Blossom Tree එකක් තෝරා ගත්තත්, සරල Scandi Fir එකකට කැමැති වුවත්, හෝ Brush Trees Forest එකක් ඔබේ මේසය මත තැබුවත් අලංකාර වර්ණවලින් සහ වයනයෙන් යුත් බෝලවලින් එය සරසා, එමඟින් ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සතුට, සාමය සහ අලංකාරය ගෙන දෙන අමතක නොවන නිවාඩු සමයක් නිර්මාණය කළ හැකිය. මේ නත්තලට, ඔබේ නි‍ෙවස වඩාත් දීප්තිමත් හා අලංකාරව සකසා ගන්න.

 

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?