Wednesday, February 4, 2026
Epaper
Home Highlightsකිතුනු නිවෙස හැඩකරන වියළි මල් බඳුන්

කිතුනු නිවෙස හැඩකරන වියළි මල් බඳුන්

by Shanaka Lakehouse

තත්ත්පර, මිනිත්තු, පැය දවස්වලින් කාලය මැන්නට මේ කාලය වැය කරනවාද? ආයෝජනය කරනවාද? කියලා ඔබට අදහසක් තියෙනවාද? සාමාන්‍යයෙන් කාලය වැය කරන්නත් පුළුවන්. ආයෝජනය කරන්නත් පුළුවන්. මොකද කාලයත් එක්ක ගෙවෙන්නේ ඔයාගේ ජීවිතය. සාර්ථක ජීවිතයකට කාලය කළමනාකරණය කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. දවසට අයිති පැය විසි හතරේ ඔබට ඵලදායී ලෙස යෙදවිය හැකි කාලය තෝරා ගන්න.

අද අපි බලමු නත්තල වෙනුවෙන් වියළි මල් ආශ්‍රිත නිර්මාණ කරන අයුරු. තමන්ගේ ගෙදර කැඩී බිඳී අපතේ යන වීදුරු බඳුනක්, මැටි බඳුනක් එසේත් නැත්නම් ප්ලාස්ටික් බඳුනක් යළි පිළිසකර කර ගන්නා අන්දම බලමු. මෙවැනි කඩතොලු වූ බඳුනක් නිවෙසේ තවදුරටත් තියාගන්න කවුරුත් කැමැති නැහැ. එහෙත් එයට තව තවත් කොටස් එකතු කර පිළිසකර කර විසිත්ත කාමරයට, කෑම කාමරයට, කාර්යාලයේ හැඩට තබා ගන්න පුළුවන්. අන්න ඒ ක්‍රමය තමයි මේ කියා දෙන්න සූදානම.

ඔයාටත් දැන් මතක් වෙනවා නේද නිවෙසේ දර මැස්සේ හෝ ගබඩා කාමරයට විසි කරපු පරණ කැඩී බිඳී ගිය මල් බඳුන් ගැන. අන්න ඒ බඳුන හොඳින් පිරිසුදු කර අතට ගන්න. මේකට ගම් ටේප් හෝ පළල ඩබල් ටේප් එකක්, ග්ලූ ගන් එකක් හා වියළා ගත් මල්, කොළ, බජිරි යන අමුද්‍රව්‍ය අවශ්‍යයි. දැන් කැඩුණු බඳුන ගෙන එය මේසයක් උඩ තබා ගත හැකි පරිදි අඩිය සකසා ගන්න. මුලින්ම බඳුන වටේට ඩබල් ටේප් එක අලවා ගන්න. නිර්මාණය කිරීමේදී උසේ පිළිවෙළට වියළා ගත් සහ වර්ණ ගන්වා ගත් මල්, කොළ, කිනිති රඳවා ගන්න. මෙහි උඩින් දෙවැනි තට්ටුවක් ද යවා ගැනීමෙන් ඝනකම් බව රැකදේ. එබැවින් ඒ උඩින් නැවත ඩබල් ටේප් අලවා ගන්න.

මේ නිර්මාණයේදී කම්බි යොදා ගන්නේ නැත. උස, කොට පිළිවෙළින් සම්පූර්ණයෙන්ම දඬු කැබැලි, මල් සහ වැල් අලවා ගන්න. පුංචි කෘත්‍රිම මල් කිහිපයක් තැනින් තැන අලවා ගැනීමෙන් නිර්මාණශීලිත්වය වැඩිකර ගත හැකියි. මෙම නිර්මාණයේ වඩාත් වැදගත්ම පුහුණුව වන්නේ කාල කළමනාකරණය සහ ඉවසිලිවන්ත බවයි.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

Design By – Madura Prabath

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?