Tuesday, December 16, 2025
Epaper
Home Highlightsඉදිකටු තුඩින් මතුවන නත්තල් සීයා

ඉදිකටු තුඩින් මතුවන නත්තල් සීයා

by Shanaka Lakehouse

ළඟ ළඟම එන නත්තල තවත් හැඩ කරන්න ඔයාගේ අතින්ම ලස්සන කුෂන් කවරයක් මසමුද?

අද අපි කතා කරන්න යන්නේ මේ වෙද්දි අත්කම් නිර්මාණ අතර ජනප්‍රිය දෙයක් වෙලා තියෙන පන්ච් එම්බ්‍රොයිඩර් නිර්මාණයක් සකස් කරන විදිහ ගැන. විශේෂයෙන්ම කුඩා දරුවකුට වුණත් මේ පන්ච් ඉදිකටුව භාවිත කරලා නිර්මාණකරණය කරන්න පුළුවන්.

නිර්මාණයේ අලංකාරය වැඩි වෙන්න භාවිත කරන වර්ණ සහ මෝස්තරය ගොඩක් බලපානවා. ඉදිකටුවේ උස අඩු වැඩි කර සහ විවිධ මැහුම් ක්‍රම භාවිත කර විවිධ ලස්සන රටා මැවීම කරන්න පුළුවන්. අමතර ආදායම් මාර්ගයක් නැත්නම් තමන්ගේ මානසික සුවතාව උදෙසා මේ වගේ ශිල්ප ක්‍රමයක් උපකාරී වෙනවා.

බිත්ති සැරසිලිවලට අමතරව සිදුකළ හැකි නිර්මාණ බොහෝමයි. ඒ අතර කුෂන් කවර, ටෝට් බෑග්, කොණ්ඩා කටු, විසිතුරු කණ්ණාඩි, කාපට් ආදිය ඇතුළත්.

අද අපි බලමු පන්ච් ඉදිකටුව භාවිත කර ඉදිරියේ එන නත්තල් සමය වෙනුවෙන් හදන්න පුළුවන් බිත්ති සැරසිල්ලක්.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි කෑල්ලක්

එම්බ්‍රොයිඩර් රාමුවක්

පන්ච් ඉදිකටුවක්

වූල් (රතු, සුදු, කළු, ක්‍රීම් පාට)

ෆැබ්රික් ගම්

කතුරක්

ෆෙල්ට් කෑල්ලක්

ග්ලු ගන් එකක්

සෑදීමේ පියවර

1. මුලින්ම ලිනන් රෙදි කැබැල්ල හොඳින් තද වන ආකාරයට රාමුවට දමන්න.

2. රාමුවේ කණපිට පැත්ත හරවා රූපය ඒ මත තබා වටේට අල්පෙනෙති ගසාගන්න.

3. දැන් රාමුවේ ඉදිරිපසින් හොඳින් රූපය මතුවී ඇත. පෑනක් ගෙන එය රෙදි කැබැල්ලට පිටපත් කරගන්න.

4. පන්ච් ඉදිකටුවට කළු පාට නූල දමා උස ඔබට පහසු ආකාරයට සකස් කර ගන්න.

5. මුලින්ම කළු පාටින් අවුට් ලයින් (out line) එක මහන්න.

6. ගැළපෙන පරිදි වර්ණ භාවිත කර නත්තල් සීයාගේ ඉතුරු කොටස් මසා අවසන් කරන්න.

7. දැන් කතුරක් භාවිතයෙන් රාමුවේ කණපිට පැත්තේ ඇති අනවශ්‍ය නූල් කපා දමන්න.

8. පිටුපසට ෆැබ්රික් ගම් යොදා හොඳින් අලවා ගන්න.

9. බිත්ති සැරසිල්ල සම්පූර්ණ කිරීම සඳහා රාමුවේ ප්‍රමාණයටම කපා ගත් ෆෙල්ට් කෑල්ලක් රාමුවේ පිටුපසට අලවා ගන්න.

10. නිර්මාණයේ අවසන් පෙනුම.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?