ප්‍රංශ ටෝස්ට් සඳහා
* ගනකම් පාන් පෙති 4ක්
* බිත්තර 2
* කිරි කෝප්ප 1/2 (හෝ ෆ්‍රෙෂ් ක්‍රීම්)
* කුරුඳු කුඩු තේ හැන්දක්
* වැනිලා සාරය තේ හැන්දක්
* සීනි තේ හැන්දක්
* බටර් ස්වල්පයක්
* ලුණු ස්වල්පයක්
කස්ටඩ් සෝස් සඳහා
* කිරි කෝප්ප 1ක්
* කස්ටඩ් කුඩු මේස හැන්දක් 1 (වැනිලා රස)
* සීනි මේස හැන්දක්
* වැනිලා සාරය තේ හැඳි 1/4ක්
ටොපිං සඳහා
* නැවුම් ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක් (පෙති කපාගත්)
* මී පැණි හෝ මේපල් සිරප් තේ හැන්දක්
සාදන ක්‍රමය
1. පළමුව කස්ටඩ් සෝස් සකස් කරන්න.
මෘදු පේස්ට් එකක් සෑදීමට කස්ටඩ් කුඩු, කිරි මේස හැඳි 2ක් සමඟ මිශ්‍ර කරන්න.
ඉතිරි කිරි සීනි සමඟ රත් කර, පසුව කස්ටඩ් පේස්ට් එකතු කරන්න.
ගන සහ ක්‍රීම් වනතුරු අඩු ගින්දරේ නිරන්තරයෙන් කලවම් කරන්න.
වැනිලා එසන්ස් එකතු කර තරමක් සිසිල් වීමට පසෙකින් තබන්න.
දැන් ප්‍රංශ ටෝස්ට් එක සාදමු.
බිත්තර, කිරි, කුරුඳු, වැනිලා එසන්ස්, සීනි සහ ලුණු බඳුනට දමා ගසා ගන්න.
එක් එක් පාන් පෙත්ත මිශ්‍රණයේ ගිල්වන්න.
පෑන් එකක බටර් රත් කර දෙපස රන්වන් පැහැවන තෙක් සෑම පෙත්තක්ම බැද ගන්න.
මෙලෙස සාදාගත් ප්‍රංශ ටෝස්ට් එක පිඟානක් මත තබා, උණුසුම් කස්ටඩ් සෝස් ඒ මත වත් කර, පෙති කපන ලද ස්ට්‍රෝබෙරිවලින් සරසා ගන්න.
වැඩි රසයක් සඳහා මී පැණි හෝ මේපල් සිරප් ඉසිය යුතු ය.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
