ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව අපි සියලු දෙනාම පැහැපත් සමක් ලබා ගැනීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. සම යනු අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි. එසේම අපගේ නීරෝගි භාවය පෙන්නුම් කිරීමේ ප්‍රධානතම අවයවය වන්නේත් සමයි. සම දීප්තිමත් වීම, පැහැපත් වීම, වියළි බවින් තොර වීම යනු අපගේ සමෙහි නිරෝගී බව සහ සෞඛ්‍යාරක්ෂිත බව කියන සාධකයයි. අපි ගනු ලබන ආහාර මඟින් සමෙහි නිරෝගි බවට හා පැහැයට විශාල බලපෑමක් සිදු කරනු ලබයි. එම නිසා ඒ සඳහා භාවිත කරනු ලබන ආහාර, එළවළු, පානයන් ඉතාම වැදගත් වේ.
තක්කාලි
එළවළුවක් ලෙසත්, පලතුරක් ලෙසත් සැලකෙන තක්කාලි ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වේ. එසේම විටමින් වර්ග බොහෝමයක් ද අඩංගු වේ. සම රැලි වැටීම නවතා තරුණ පෙනුම වර්ධනය කිරීමටත්, හිරු එළියෙන් පිලිස්සී සම දුර්වර්ණ වූ විට එය යථා තත්ත්වයට පත් කර ගැනීමටත් තක්කාලිවලට තිබෙන්නේ මනා හැකියාවකි. තක්කාලි පිස ආහාරයට ගැනීමේදී ආම්ලික බව ඉහළ යන අතර සමට සුදුසු පරිදි පෝෂණය ලබා ගැනීමට වඩාත් සුදුසු වන්නේ පානයක් ලෙස සකසා ගැනීමය.
පැපොල්
තවද රුව ලස්සන කරන සම සහ සමේ පැහැය වර්ධනය කරන රසවත් පලතුරක් ලෙස ගස්ලබු හඳුන්වා දිය හැකිය. ගස්ලබුවල අඩංගු පැපේන් එන්සයිමය නිසා අපගේ සමෙහි ඇදෙනසුලු බව වැඩි කර සමට අවශ්‍ය පෝෂණය ලබා දීම සිදුවේ. එම නිසා සම පැහැපත් කර ගැනීමට උනන්දු වන ඔබට පැපොල් යුෂ පානය කිරීම ඉතාමත් ගුණදායක වේ.
දොඩම්
“විටමින් – සී” බහුල ලෙමන් සහ ඉඟුරු එකට එකතු කර නිතර නිතර පානයක් ලෙස සකසා ගෙන බීමෙන් සමේ දීප්තිය වර්ධනය කරගත හැකිය. එසේම, දොඩම් යනු ,”විටමින් – සි” බහුල පලතුරකි. ඒ මඟින් මුහුණේ සමට නව පෙනුමක් ලබා ගත හැකිය. එමෙන්ම දොඩම් වල සමේ අලුත් සෛල නිෂ්පාදනය වේගවත් කිරීමට
හැකි රසායනිකයක් අඩංගු වන නිසා මළානික නොවූ සමක් ලබා ගැනීම සඳහා උපකාරී වේ.
කෝමාරිකා
සමෙහි ඇතිවන කුරුලෑ, ලප කැළැල්, අව්වට පිලිස්සීම, අහිතකර ආලේපන නිසා සමට ඇති වූ ආසාදන ආදී සමට සිදුවන බොහෝමයක් ගැටලු සඳහා හොඳම පිළිතුර ලෙස කෝමාරිකා අතිශයින්ම වැදගත් වේ. කෝමාරිකා බාහිර ආලේපනයක් ලෙස සමේ ගැල්වීමට වඩා, පානයක් ලෙස ශරීර අභ්‍යන්තරයට ලබා ගැනීමෙන්, සම අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීම සිදුවේ. කෝමාරිකාවල අඩංගු ඔක්සින් සහ තිබරලින් නම් සංයෝග දෙකෙහි සම පැහැපත් කිරීමේ සහ සමෙහි තෙතමනය රැකීමේ බලය අන්තර්ගත ෙව්.
පිපිඤ්ඤා
පිපිඤ්ඤා සතු “කැෆේයික්” අම්ලය ඇතුළු අනෙකුත් පෝෂක සංයෝග ද සමේ තෙතමනය හා දීප්තිය රැක දීමට ඉටු කරන මෙහෙය විශාලය. ඒ නිසාම පොත්ත ඉවත් කර ගත් පිපිඤ්ඤා ගෙඩියක් ගෙන ජලය යොදා හෝ නොයොදා “බ්ලෙන්ඩර්” කර උදෑසන පානය කිරීමෙන් ඉතා වේගයෙන් සමේ පැහැය වර්ධනය කර ගත හැකිය. පිපිඤ්ඤාවල තිබෙන ස්වාභාවික රසවත් බව ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වන නිසා ලුණු හෝ සීනි එම පානයට එකතු නොකළ යුතුය.
කැරට්
“කැරට් කෑවම සුදු වෙනවා” කියන ජනප්‍රිය කියමන අපි අසා තිබේ. සම සුදු වීමට බලපානු ලබන “විටමින් සී” සහ “කැරොටින්” යන පෝෂණ සංඝටක දෙක කැරට්වල අඩංගු වේ. එම සංඝටක දෙක සම පැහැපත් වීමට සුවිශාල කාර්යක් ඉටු කරනු ලබයි. කැරට් “බ්ලෙන්ඩර්” කර පානය කිරීම වඩාත්ම ගුණදායක වේ. එසේම බීට්රූට් යනු සම ඇතුළතටම ගමන් කර සම පිරිසුදු කළ හැකි පිරිසිදුකාරකයකි. එසේම යකඩ ඇතුළු විටමින් රාශියකින් පොහොසත් ආහාරයකි. මේවායින් රුධිර සංසරණය ක්‍රමවත් වේ. රුධිර සංසරණය ක්‍රමවත් වීමෙන් අභ්‍යන්තරවත් නීරෝගී බවට පත්වන නිසා සම දීප්තිමත් වීම සිදුවේ. “බ්ලෙන්ඩර්” කර යුෂ ලෙස පානය කිරීම වඩාත් සුදුසුය. බීමක් ලෙස මෙන්ම පැක් එකක් ලෙස මුහුණට භාවිත කිරීමත් වඩාත් යෝග්‍ය වේ.
දෙළුම්
දෙළුම් යනු පලතුරු අතර පෝෂ්‍ය ගුණය ඉහළ පලතුරකි. එහි අඩංගු “විටමින් සී” එන්සයිම සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක මඟින් සම පැහැපත් කරනු ලබන අතර සමේ උෂ්ණත්වය පාලනයට මනා පිටිවහලක් ලබා දේ. කුරුලෑ සහ අඳුරු ලප ඇතිවීම පාලනය කර දීප්තිමත් වූ සමක් ලබා දීම සිදුවේ.
මීකිරි
කැල්සියම් අඩංගු මී කිරිවලට ද අපගේ සම පැහැපත් කිරීමේ සහ සමෙහි තෙතමනය අවශ්‍ය අයුරින් පවත්වා ගත හැකිය. එහි අඩංගු “ලැක්ටික් ඇසිඩ්” මඟින් සමට නව පෙනුමක් ලබාගත හැකිය.
අලිගැටපේර
අලිගැටපේරවල අඩංගු “බයොටින්”, “විටමින් ඊ” සම ස්වාභාවිකව ආරක්ෂා කරයි. මෙහි අඩංගු මේද අම්ල මගින් සමේ වියළි බව නැති කරයි. අලිගැටපේර ආහාරයට ගැනීමෙන් හෝ සම මත ආලේප කිරීමෙන් දීප්තිමත් සමක් ඇතිවේ. කෙසෙල්වලද විශාල පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා සමේ තෙතමනය ආරක්ෂා කර සමේ වියළි බව නැති කරයි. මෙහි සමට යෝග්‍ය වන විටමින් A, E වැනි පෝෂ්‍යය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු නිසා සම රැලි වැටීම, සුදුමැලි වීම අඩු කර සම පිරිසුදු කිරීම සිදු වේ. කුඩා මාළුවල අඩංගු “ඔමේගා -3” සමට ඉතා වැදගත් මේද අම්ලයකි. එසේම මෙම මාළුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සමස්ත ශරීරයේම නීරෝගි භාවයට හේතු වේ. එසේම මේ තුළින් අපට පැහැපත්, දිදුළන සමක් ලබා දේ. විශේෂයෙන්ම පොඩි මාළු, කුඩා කටු සහිත මාළු හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමට හා නීරෝගි සමක් සඳහා වැදගත් වේ.
බීටා කැරොටින්
“බීටා කැරොටින්” යනු ශාකවල දක්නට ලැබෙන පෝෂකයකි. එය “ප්‍රෝවිටමින් A” ලෙස ක්‍රියා කරයි. එයින් අදහස් කරනු ලබන්නේ එය ශරීරයේ “විටමින් A” බවට පරිවර්තනය වන බවයි. “බීටා කැරොටින්” බතලවල දක්නට ලැබෙන අතර එය සම නිරෝගීව තැබීමට උපකාරීවෙි. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කිරීමට, සමේ වියළි බව දුරු කිරීමට හා තෙතමනය රැකදීම මෙන්ම සිත්ගන්නා සුළු ඉතාමත් අලංකාර සමක් උරුම කර ගැනීමට ද හැකි වේ. බතල මෙන්ම බෙල්පේපර් ද “බීටා කැරොටින්” වල ප්‍රභල ප්‍රභවයක් වන අතර එමගින් සම ශක්තිමත් වීම සහ සම රැලි වැටීම වළක්වාලයි. එසේම ෙබ්‍රාකලිද සමේ සෞඛ්‍යයට වැදගත් වන සින්ක් “විටමින් ඒ සහ සී” වලින් පොහොසත්ය. ඒ සමඟින් සම හිරු රශ්මියෙන් ආරක්ෂා කිරීම හා තෙතමනය රැක දෙමින් සම රැලි වැටීම අවම කරනු ලබයි. මෙම ආරක්ෂාව සැපයීමට ප්‍රමුඛ වන්නේ ෙබ්‍රාකලිවල අඩංගු “සල්ෆෝරාපේන්” මගින්ය.
ගොටුකොළ
දිව්‍ය මහා ඖෂධ ලෙස හඳුන්වනු ලබන ගොටුකොළ හෙළ වෙදකමේදී භාවිත කරනු ලබන්නේ හීං ගොටුකොළයි. ආහාරයක් ලෙස හා ඖෂධයක් ලෙස භාවිත කළ හැකි විටමින්, කැල්සියම්, පොස්පරස් යකඩ හා කැරොටින් ද ඉතා ඉහළ මට්ටමක පවතී. පවතින පෝෂණ ගුණය නිසා සමේ රෝග සුවපත් කොට තරුණ බව රැක දීමේ හැකියාවෙන් යුක්ත වේ.
මේ ආකාරයට ශරීරයේ සුන්දරත්වය රැක ගැනීමට විවිධ ආහාර වර්ග භාවිතයට ගැනීමෙන් හැකියාව ඇත. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් සමට හානියක් නොවන සේ සුන්දර රුවක් පවත්වාගෙන යාමට ඔබට ද දැන් හැකියාව ඇත.
TEXT – සදුනි මුණසිංහ කැලණිය විශ්වවිද්‍යාලය
