මේ දවස්වල පාන්දර හරිම සීතලයිනේ. උඳුවප් මාසය එහෙමත් නැතිනම් දෙසැම්බරය කියන්නෙ ආසා හිතෙන සීතලක් තියෙන මාසයක්. මේ සීතලට හරියටම ගැළපෙන්නෙ උණුසුම් කෝපි කෝප්පයක්. හැබැයි ඉතින් මේ කෝපි අපිට විවිධ රසයට හදාගන්න පුළුවනි. කැපචිනෝ, ලතේ, ඇමෙරිකානෝ, ක්‍රීමි කොෆි ආදී නම්වලින් හඳුන්වන්නෙ මේ විවිධ රසයට හදාගන්න කෝපි වර්ග තමයි. එහෙම නම් මේ සීතල උඳුවප් නත්තලේ නිවෙසට ගොඩවදින අමුත්තන්ටත් ඔබේ අතින්ම හදන මේ රසවත් පානයක් උණුසුම්ව පිළිගන්වන්න.

Double Layer Latte
අවශ්‍ය ද්‍රව්‍ය
* කෝපි තේ හැඳි 02ක්
* නටන උණු වතුර කෝප්ප 01ක්
* උකු කිරි කෝප්ප 1 1/2ක්
* රස පදමට සීනි
* කැරමල් සෝස් ටිකක් (අවශ්‍යම නැත)
* විපිං ක්‍රීම් ටිකක් (අවශ්‍යම නැත)
සාදන්නේ මෙහෙමයි
උණු වතුරට කෝපි සහ සීනි ටික දමා කලවම් කරලා හොඳට තැම්බෙන්න දෙන්න. (කෝපි ගන්නකොට නෙස්කැෆේ වගේ කෝපි එකක් ගන්න. නැත්නම් ලතේවලටම ගෙන්වන කෝපි වර්ග තියෙනවා. මොකද අපේ රටේ තියෙන හැම කෝපි වර්ගයකින්ම ලතේ හදන්න බැහැ. ඒකට හොඳට කළු පාටක් සහ හොඳ සුවඳක් ඕනේ.)
ඉන්පසුව විස්ක් එකකින් හොඳට විස්ක් කරන්න ටිකක් පෙණ එන්න. ඒ අතරේ කිරි ටිකට සීනි රස අනුව දාලා උණු කරලා අරගෙන හොඳට ක්‍රීම් වෙන්න බීට් කරන්න. (මෙතැනදි කිරි විදිහට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මේස හැඳි කිහිපයක් දාලා හදාගත්ත කිරි ගන්න පුළුවනි. පිටිකිරිවලින් හැදුවාම පෙණ එන්නේ නැතිව කිරි එක ක්‍රීම් එකක් වගේ ගන්නවා. එකෙන් ලතේ එක ලස්සනට හදාගන්න පුළුවනි.)
දැන් ඔයා බීට් කරගත් උණු කිරි එක කෝප්පයට සෙමෙන් වත්කරන්න. කෝප්පයේ භාගයකට වඩා පුරවන්න නම් සෙමෙන් තමා දාන්න ඕනේ. (කිරි බීට් කරපු එකේ ක්‍රීම් ටිකක් අවසානයට තියාගන්න.) අනතුරුව බීට් කරපු කෝපි ටිකත් කිරි එකට දාන්න. මෙතැනදි කිරි සහ කෝපි මිශ්‍ර නොවන ආකාරයට පරෙස්සමට දමාගන්න වගබලාගන්න.
දැන් ඔයාට කිරි ලේයර් එකකුත්, කෝපි ලේයර් එකකුත් බලාගන්න පුළුවනි. අවසානයට ඔයාගේ කෝපි මිශ්‍රණයේ හා කිරි මිශ්‍රණයේ ක්‍රීම් පෙණ ඉතිරි වෙලා තියෙනවානේ ඒවා අර හදාගත්ත ලේයර් එකේ උඩට ලස්සන art එකක් එන්න දාන්න තමයි ඉතින් තියෙන්නේ.
අමුත්තන්ට පිළිගන්වද්දි විපිං ක්‍රීම් ටිකක්, කැරමල් සෝස් ටිකක්, මාෂ්මෙලෝස් දෙක තුනක් පොඩ්ඩක් රත් කරලා උඩින් තියලා ලස්සනට පිළිගන්වන්න.

cappuccino
අවශ්‍ය ද්‍රව්‍ය
* කැමැති වර්ගයක ක්ෂණික
කෝපි මේස හැඳි 03ක්
* සීනි මේස හැඳි 03ක්
* වතුර මේස හැඳි 03ක්
* කිරි කෝප්පයක්
සාදන්නේ මෙහෙමයි
මුලින්ම කෝපි, සීනි සහ වතුර මේස හැඳි තුන බැගින් අරගෙන ගැඹුරු පතුලක් සහිත කෙක් බීටරයෙන් බීට් කළ හැකි බඳුනකට දමාගන්න. ඉන්පසුව බීටර් එකෙන් නොනවත්වා බීට් කරගන්න. මේ විදිහට බීට් කරගෙන යද්දි කෝපිවල පාට ටික ටික වෙනස් වෙනවා. හොඳටම බීට් වුණාම හරියට මූස් එකක් වගේ ක්‍රීම් පාටට උඩට එනවා එතකොට නවත්තන්න. මේක ඔයාට ඕනෙ නම් වැඩිපුර හදලා ශීතකරණයේ දලා තියාගන්නත් පුළුවන්. ඔයාට බීටර් එකක් නැත්නම් විස්ක් එකකින් හොඳට විනාඩි 10ක් වගේ වික්ස් කරන්න.
ඉන්පසුව කිරි ටික මඳ වේලාවක් රත් වෙන්න දෙන්න. උතුරනකම් රත් කරන්න අවශ්‍ය නැහැ. රත් වූ කිරි ටික මඳක් බීට් කරන්න. එවිට කිරි ටික තවත් උකු වෙනවා.
දැන් කෝප්පයක් හෝ මග් එකක් අරගෙන මුලින් සාදාගත් කෝපි මිශ්‍රණයෙන් තේ හැඳි 1 1/2ක් 02 ක් විතර දමන්න. එයටම බීට් කරගත් කිරිත් ටිකක් දාන්න. හොඳට මිශ්‍ර කරගන්න. දැන් නැවතත් කිරි ඕනේ ප්‍රමාණයට දාලා කලවම් කරගෙන තව උඩින් කෝපි මිශ්‍රණයෙන් ටිකක් දාලා ඔයා කැමැති විදිහට ලස්සන කරගන්න.

creamy hot coffee
අවශ්‍ය ද්‍රව්‍ය
* නෙස්කැෆේ කෝපි තේ හැඳි 01ක්
* සීනි මේස හැඳි 01ක්
* උණු කරගත් කිරි කෝප්ප 01ක්
* හෙවි ක්‍රීම් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් මේස
හැඳි 02ක්
සාදන්නේ මෙහෙමයි
කෝපි, සීනි සහ හෙවි ක්‍රීම්වලින් මේස හැන්දක් දාලා උණු කරගත් කිරිත් දාලා හොඳට කලවම් කරන්න. පොඩි විස්ක් එකක් හෝ පොඩි බීටර් එකක් තියෙනවා නම් මේ කිරි මිශ්‍රණය හොඳට බිට් කරගන්න. එවිට වඩාත් හොඳින් ක්‍රීමී ගතියට උකුවට එනවා වගේම හරිම රසයි. අවසානයට තව හෙවි ක්‍රීම් ටිකක් උඩින් දාලා ඔයා කැමැති විදිහට අලංකාර කරගන්න.
සීනි ඔයාගේ රස අනුව යොදා ගතහැකි අතර හෙවි ක්‍රීම් නැතිනම් ඒ වෙනුවට කිරිපිටි මේස හැඳි 1 1/2ක් අරගෙන මේ කිරිවලින්ම කිරි මේස හැන්දක් දෙකක් දාලා හොඳට කලවම් කරලා බීට් කරලා ගන්න.
TEXT – චම්පා වරුසප්පෙරුම
