Monday, December 29, 2025
Epaper
Home Highlightsරසින් රස මවන Christmas Sweets

රසින් රස මවන Christmas Sweets

by Shanaka Lakehouse

නත්තල යනු ලෝකවාසීන්ට සතුට, ආදරය සහ සාමය ගෙන එන කාලයකි. මෙම උත්සව සමයේදී පවුලේ අය සහ මිතුරන් සමඟ එක්ව රසවිඳින ආහාර වේලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. සාම්ප්‍රදායික කෑම වර්ගවල සිට අතුරුපස දක්වා, නත්තල් කෑම මේසය අලංකාරවත් මෙන්ම රසවත් කෑමවලින් පිරී යයි.

යූලොග් කේක්

යූලොග් කේක් යනු නත්තලටම ආවේණික වූ, ශාක කඳක හැඩයට සකසන ඉතා අලංකාර සහ රසවත් චොකලට් රෝල් කේක් එකකි.

අවශ්‍ය ද්‍රව්‍ය

චොකලට් ස්පොන්ජ් රෝල් එක සඳහා

බිත්තර (විශාල)4ක්

සීනි ග්‍රෑම් 100ක්

පාන් පිටි ග්‍රෑම් 80ක්

කොකෝවා පවුඩර් මේස හැඳි 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

උණු වතුර

චොකලට් බටර් ක්‍රීම් සඳහා

(පිරවුම සහ ආවරණය)

බටර් ග්‍රෑම් 250ක්

අයිසිං සීනි ග්‍රෑම් 350 – 400ක්

කොකෝවා පවුඩර් මේස හැඳි 4ක්

වැනිලා තේ හැඳි 1ක්

කිරි මේස හැඳි 2 – 3ක්

සැරසීමට අයිසින් සීනි ස්වල්පයක්

(හිම පෙනුම සඳහා)කුඩා චොකලට් හතු හෝ නත්තල් සැරසිලි අවශ්‍ය පරිදි

සාදන ආකාරය

පළමුව, බිත්තර සහ සීනි හොඳින් ගසා, ඉන්පසු පිටි, කොකෝවා පවුඩර් සහ බේකිං පවුඩර් මෘදුව මිශ්‍ර කර, එම මිශ්‍රණය තුනී ස්ථරයක් ලෙස සකස් කළ තැටියක අතුරා සෙල්සියස් අංශක 180 උදුනක විනාඩි 10-12ක් පුලුස්සන්න. කේක් එක උණුසුම්ව තිබියදී, එය පිරිසුදු පාච්මන්ට් කොළයක් මත පෙරළා, ප්‍රවේශමෙන් රෝල් කර සිසිල් වීමට තබන්න.

මේ අතර, බටර්, අයිසිං සීනි, කොකෝවා සහ වැනිලා යොදා චොකලට් බටර් ක්‍රීම් එක සකස් කරන්න. සිසිල් වූ කේක් එක දිගහැර, බටර් ක්‍රීම්වලින් කොටසක් ඇතුළත ආලේප කර, නැවත තදින් රෝල් කරන්න. ඉන්පසු, රෝල් කළ කේක් එක ශාක කඳක හැඩය ලැබෙන පරිදි කපා (ප්‍රධාන කඳ සහ අත්ත එකලස් කර, ඉතිරි බටර් ක්‍රීම්වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. අවසානයේදී, දර පොත්තක හැඩය මතුපිටින් නිර්මාණය කර, හිම පෙනුම සඳහා අයිසිං සීනි ඉස, අවශ්‍ය පරිදි සරසා සිසිල් කර පිළිගන්වන්න.


සාම්ප්‍රදායික ප්ලම් කේක්

ප්ලම් කේක් යනු නත්තල් මේසයේ අතිශයින්ම වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා, වියළි පලතුරු, කුළුබඩු සහ බොහෝ විට රම් හෝ බ්‍රෑන්ඩි යොදා සකස් කරන ලද ඝන, තද පැහැති කේක් වර්ගයකි.

ප්ලම් කේක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

වියළි මිදි

සුල්තානා

චෙරි

තැඹිලි ලෙලි

කජු මිශ්‍රණයක්

ග්‍රෑම් 500 හෝ බ්‍රැන්ඩි (පෙඟවීම සඳහා)අවශ්‍ය ප්‍රමාණයට

කේක් මිශ්‍රණය

පාන් පිටි ග්‍රෑම් 250ක්

බටර් ග්‍රෑම් 200ක්

සීනි ග්‍රෑම් 150ක්

බිත්තර (විශාල)3ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

කුළුබඩු මිශ්‍රණය (කුරුඳු, එනසාල්, සාදික්කා කුඩු)තේ හැඳි 1/2ක්

මොලැසස් (Molasses) හෝ දියකළ සීනි සිරප් මේස හැඳි 2ක්

සකස් කරන ආකාරය

සාම්ප්‍රදායික ප්ලම් කේක් සෑදීම ආරම්භ වන්නේ වියළි පලතුරු (මිදි, චෙරි, ආදී) සති ගණනකට පෙර රම් හෝ බ්‍රැන්ඩි වැනි දෙයක හෝ සිරප් එකක පොඟවා ගැනීමෙනි. පළමුවෙන්ම, බටර් සහ සීනි (දුඹුරු සීනි වඩාත් සුදුසුයි) ක්‍රීම් වන තුරු හොඳින් ගසා, ඉන්පසු බිත්තර එකින් එක එකතු කර මිශ්‍රණය සකස් කරගන්න. වෙනම මිශ්‍ර කර පෙරන ලද පිටි, බේකිං පවුඩර්, කුළුබඩු මිශ්‍රණය (කුරුඳු, එනසාල්, සාදික්කා) සහ මොලැසස් (Molasses) මෙම මිශ්‍රණයට යොදාගන්න. අවසාන වශයෙන්, පොඟවන ලද වියළි පලතුරු මිශ්‍රණය සහ කජු එකතු කර ඝන මිශ්‍රණයක් සාදාගන්න. මෙම ඝන මිශ්‍රණය සකස් කළ කේක් තැටියක දමා, සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයකදී පැය 1 1/2 සිට 2 දක්වා ඉතා සෙමින් පුලුස්සා ගත යුතුයි. පිලිස්සීමෙන් පසු කේක් එක සිසිල් වීමට ඉඩ දී, සාම්ප්‍රදායිකව එහි රසය හා ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා වරින් වර උඩින් රම් හෝ බ්‍රෑන්ඩ් ස්වල්පයක් ඉසිනු ලබයි.


ජින්ජර් බ්‍රෙඩ් කුකීස්

නත්තලට ඉතාමත් ජනප්‍රිය සහ දරුවන් සමඟ සෑදීමට පහසු තවත් අතුරුපසක් වන්නේ කුකීස්ය. විශේෂයෙන්ම ජින්ජර් බ්‍රෙඩ් කුකීස් (Ginger bread Cookies) සහ බටර් කුකීස් (Butter Cookies) නත්තල් සමයට ඉතාමත් ගැළපේ.

මෙය නත්තලේ සුවිශේෂී සුවඳ දනවන, කුරුඳු සහ ඉඟුරු රසයෙන් යුත් ඉතාමත් ජනප්‍රිය කුකීස් වර්ගයකි. මෙහි විශේෂත්වය වන්නේ කුකීස් පිලිස්සීමෙන් පසු, අයිසිං (Icing) යොදා “ජින්ජර්බ්‍රෙඩ් මෑන්” හැඩයට අලංකාර කිරීමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 300ක්

බටර් ග්‍රෑම් 100ක්

දුඹුරු සීනි ග්‍රෑම් 100ක්

මී පැණි (Molasses හෝ Golden Syrup)මේස හැඳි 3ක්

බිත්තර කහමදයක්

ඉඟුරු කුඩු, කුරුඳු තේ හැඳි 2ක්

බේකිං සෝඩා තේ හැඳි 1ක්

සකස් කරන ආකාරය

බටර් සහ දුඹුරු සීනි ක්‍රීම් වන තුරු ගසා, ඉන්පසු මී පැණි සහ බිත්තර කහමදය එකතු කරන්න. වෙනම මිශ්‍ර කළ පිටි, කුළුබඩු සහ බේකිං සෝඩා මෙම මිශ්‍රණයට යොදා තද පිටි ගුළියක් සාදා ගන්න. මෙම පිටි ගුළිය ප්ලාස්ටික් කොළයක ඔතා පැය භාගයක් ශීතකරණයේ තබන්න. ඉන්පසු, පිටි ගුළිය තුනී කර, කුකී කටර් (Ginger bread Man හැඩැති කටර්) භාවිතයෙන් හැඩ කපා, සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් උදුනක විනාඩි 8-10ක් පුලුස්සන්න. සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු, රෝයල් අයිසිං යොදා ඇස්, මුඛය සහ බොත්තම් ඇඳ අලංකාර කරන්න.

නත්තල් බටර් කුකීස්

නත්තල් බටර් කුකීස් යනු ඉතා සරල අමුද්‍රව්‍ය කිහිපයකින් සාදා ගත හැකි නමුත්, බටර්වල සුවඳ සහ හැපෙන සුලු බව නිසා බෙහෙවින් ජනප්‍රිය අතුරුපසකි. මෙම කුකීස්, නත්තල් තේමාවට අනුව විවිධ හැඩතලවලට කපා, වර්ණවත් අයිසිං සහ ඉසින ද්‍රව්‍ය (Sprinkles) යොදා අලංකාර කිරීම මෙහි සිරිතයි.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 225ක්

සීනි ග්‍රෑම් 200ක්

බිත්තර එකක්

වැනිලා තේ හැඳි 1ක්

පාන් පිටි ග්‍රෑම් 300ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

ලුණු

තේ හැඳි 1/4ක්

අලංකරණයට

රෝයල් අයිසිං සහ වර්ණවත් Sprinkles

සාදන ආකාරය

පළමුව බටර් සහ සීනි එකතු කර ළා පැහැති ක්‍රීම් එකක් වන තෙක් හොඳින් බීට් කරන්න. ඉන්පසු වැනිලා සාරය සහ බිත්තරය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. වෙනම භාජනයක පිටි, බේකිං පවුඩර් සහ ලුණු එකට මිශ්‍ර කර පෙරන්න. මෙම පිටි මිශ්‍රණය තෙත් මිශ්‍රණයට කොටස් වශයෙන් එකතු කර තද පිටි ගුළියක් සාදා ගන්න. පිටි ගුළිය ප්ලාස්ටික් කොළයක ඔතා පැයක් පමණ ශීතකරණයේ තබා සිසිල් කරන්න. සිසිල් කළ පිටි ගුළිය පිටි ඉසින ලද මතුපිටක තුනී කර, නත්තල් තරු, සීයා, ගස් හෝ හිම පියලි හැඩැති කුකී කටර් භාවිතයෙන් කපා ගන්න. කපාගත් කුකීස් පාච්මන්ට් කොළයක් එළා ඇති තැටියක තබා, සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් උදුනක විනාඩි 8-12ක් පමණ රන්වන් පැහැ වන තුරු පුලුස්සන්න. සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු, රෝයල් අයිසිං සහ වර්ණවත් Sprinkles හෝ ග්ලැසින්ග් සීනි යොදා අලංකාර කර ගන්න.

Christmas suger cookies

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් කප් 1

සීනි කප් 1 1/2

බිත්තර 2

වැනිලා මේස හැඳි 2

පාන් පිටි කප් 3 1/2

බේකිං පවුඩර් මේස හැඳි 1

ලුණු මේස හැඳි 1/2

සාදන ක්‍රමය

මුලින් බටර් හා සීනි ක්‍රීම් එකක් වනතුරු බීට්කර, එයට බිත්තර හා වැනිලා එකතු කරගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍ර කර, එයට මුලින් සාදා ගත් බටර් මිශ්‍රණය එකතුකර ‍ෙහාඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව සාදාගත් මිශ්‍රණය ශීතකරණයේ පැයක් පමණ තබන්න. පසුව එම මිශ්‍රණය අඟල් 1/4 ක ඝනතැටිය තුනී කොට කැමැති හැඩවලින් කපා 1800 c ට අඩුවෙන් ප්‍රීහිට් (උණුසුම්) කරන ලද අවන් එකක විනාඩි 10-12 අතර කාලයක් බේක් කර ගන්න. මෙය මඳ ‍ෙව්ලාවක් නිවෙන්නට තබා ලස්සනට සරසාගන්න.


Muffin

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කප් 2 1/4ක්

බේකිං සෝඩා මේස හැඳි 1ක්

ලුණු මේස හැඳි 1ක්

දියකරගත් බටර් කප් 1ක්

සුදු සීනි කප් 3/4ක්

දුඹුරු සීනි කප් 3/4ක්

බිත්තර 2ක්

වැනිලා එසන්ස් මේස හැඳි 2ක්

චොකලට් චිප් කප් 2ක්

සාදන ආකාරය

පිටිවලට බේකිං සෝඩා, ලුණු පදමට දමා‍ හොඳින් මිශ්‍ර කරගන්න. වෙනත් බඳුනක් ‍ෙගන එයට බටර්, සුදු සීනි හා රතු සීනි එකතු කර ‍ෙහාඳින් බීට් කර ගන්න. එයට බිත්තර හා වැනිලා එකතු කර මිශ්‍ර කරගන්න. ඉන්පසුව මුලින් සාදා ගත් පිටි මිශ්‍රණය එකතුකර ‍ෙහාඳින් මිශ්‍ර කරගන්න. සාදා ගත් මිශ්‍රණයට ‍ෙචාකලට් චිප්ස් එකතුකර මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදා සෙල්සියස් අංශක 1800c ට ප්‍රිහීට් (උණුසුම්) කරන ලද අවන් එකෙහි විනාඩි 10 – 12 අතර කාලයක් බේක් කරගන්න.

Classic chocolate chips cookies

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කප් 11/2ක්

සීනි කප් 1ක්

බේකිං පවුඩර් මේස හැඳි 2ක්

කිරි කප් 1/2ක්

දියකර ගත් බටර් කප් 1/2ක්

බිත්තර 2ක්

වැනිලා එසන්ස් මේස හැඳි 1ක්

චොකලට් චිප්ස්/පලතුරු/නට්ස්

සාදන ආකාරය

පිටිවලට සීනි හා බේකිං පවුඩර් දමා හොඳින් මිශ්‍ර කරගන්න. වෙනමම බඳුනක් ‍ෙගන එයට කිරි, බටර්, බිත්තර හා වැනිලා දමා ‍ෙහාඳින් මික්ස් කරගන්න. මෙම මිශ්‍රණය මුලින් සාදාගත් මිශ්‍රණයට දමා ‍ෙහාඳින් කලවම් කරගන්න. සාදාගත් මිශ්‍රණයට චිප්ස්, පලතුරු, නට්ස් ආදිය දමා මිශ්‍ර කරගෙන මෆින් කප්ස්වලට දමා සෙල්සියස් අංශක 1800 c ප්‍රීහීට් (උණුසුම්) කර ගත් අවන් එකෙහි මිනිත්තු 15-20 අතර කාලයක් බේක් කරගන්න.

TEXT – හර්ෂි මධුෂිකා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?