Monday, December 29, 2025
Epaper
Home කලා ලොවවසරේ අවසන් සිනමා දිගහැරුම “සයනයිඩ්” තිරයට එක්වෙයි

වසරේ අවසන් සිනමා දිගහැරුම “සයනයිඩ්” තිරයට එක්වෙයි

by Mavan Perera

බල තණ්හාවෙන් හා ආත්මාර්ථකාමිත්වයෙන් යුතුව, එකිනෙකාට එරෙහිව ඇණ කොටා ගන්නා ඕනෑම කෙනෙකුට සත්‍ය අවබෝධ වන මොහොතක් කිසියම් දිනෙක උදාවෙනවා නිසැකවම. ඒ වන විට ප්‍රමාද වුණත්, තම ආත්ම විමුක්තිය වෙනුවෙන් හෝ හරි මඟ දැකීමට ඔවුන් පෙළඹෙනවා.

මෙයද එවැනි කතා පුවතක් තේමාව කරගෙන මනුෂ්‍යත්වය හා මිත්‍රත්වය පෙරදැරිව, බිහිසුණු යුද්ධයේ තවත් එක් නොමියෙන මතකයක් තුළින් නිර්මාණය වූ “සයනයිඩ් ” චිත්‍රපටය, මෙරට පැවැති යුද සමයේදී ඊ.පී.ආර්.එල්.එෆ්. නායක වර්ධරාජා පෙරුමාල් මහතා ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද එල්.ටී.ටී.ඊ ඝාතන උත්සාහය පිළිබඳව දිගගැරෙන සිනමා නිර්මාණයකි.

මෙයට ප්‍රථම “අඟර දඟර ” සහ ” රේන්බෝ” වැනි සිනමා නිර්මාණ රිදී තිරයට එක්කළ නලින් රාජපක්ෂ විසින් කතාව සහ තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ ” “සයනයිඩ්” චිත්‍රපටය ඉකුත් 26 දින සිට , එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙස දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ඇරඹීය.

දකුණු ඉන්දීය කාර්මික හා නළු නිළියන්ගේ දායකත්වයෙන් නිමවා ඇති මෙහි රංගනයෙන් රනීෂ් හේවගේ , රාජා ගනේෂන් , ජගත් ගලප්පත්ති , ගීතාකාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා රාජපක්ෂ , ක්‍රිස්ටිනා බිටෝ , සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු , අසංක දේවමිත්‍ර , රාජා බාලසූරිය , දුමිදු කන්නංගර සමඟින් ප්‍රකාෂ් දසාරි, මහේන් කුමාර , මොහාන් පඩාලා, වීනූ මල්ලා වීදී , බාලු අකුලා ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්ව ඇත. සහාය අධ්‍යක්ෂණයෙන් , දමිළ භාෂාව හා හඬ පුහුණුවෙන් රාජා ගනේෂන්, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න සහ සායි ටෝනි, සංස්කරණයෙන් සහ දෙබස් පටිගතකිරීමෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, අංගරචනයෙන් තරංග රුක්මල්, කලා අධ්‍යක්ෂණයෙන් ඇලෙක්සි ප්‍රනාන්දු , පසුබිම් සංගීතයෙන් හා ගායනයෙන් දුල්ෂාන් සුලක්ෂණ, 7.1 ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ, සටන් අධ්‍යක්ෂණයෙන් හා ගීත රචනයෙන් නලින් රාජපක්ෂ එක්ව ඇති “සයනයිඩ්” මූන්ලයිට් චිත්‍රපට ඉදිරිපත් කිරීමක් ලෙසින් තිරගත වන අතර , මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දර්ශනීය ස්ථානයන් හිදී රූපගත කිරීම් සිදුකර ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?