සම්පත් ශ්‍රී රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා නිර්මාණය
“FIN – (වරල්)” ලෙස නම් කර තිබේ. මීට පෙර “ජූලියා” චිත්‍රපටය සිනමාවට රැගෙන ආ සම්පත් ශ්‍රී රෝෂන්ගේ “එමලි” නුදුරේදීම තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මුහුදේ සිදුවන කිසිවකුගේ ඇස නොගැටෙන ජීවී මංකොල්ලයක් ගැනත් ඉන් සිදුවන විනාශය ගැනත් සම්පත් මෙවර තම කතා තේමාව බවට පත්කරගෙන තිබේ.
‘එමලි’ හරහා සිංහල සිනමාවට එක් වූ දේවා ,FIN – (වරල්) හි ප්‍රධාන චරිතය රඟන අතර වෙනස්ම කතා තේමාවක් ගත් මෙම චිත්‍රපටයේ යුරේනි නොෂිකා,මහේන්ද්‍ර පෙරේරා සහ පාලිත සිල්වා රංගනයෙන් එක් වෙති. FIN – වරල් Pixl Dots සමාගමෙහි නිෂ්පාදනයක් සහ ඉදිරිපත් කිරීමකි.
රිහාන් රවීන්ද්‍රගේ තිර රචනයක් වන FIN – (වරල්) හි කැමරා අධ්‍යක්ෂණය රංග එස් බණ්ඩාරගෙනි. සරත් සේනාරත්න ‘වරල්’ හි සහාය අධ්යක්ෂවරයායි. වේශ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක, සංස්කරණයෙන් රංගන සිංහාරගේ, දෘශ්‍ය ප්‍රයෝග (Vfx) මහේෂ් චන්ද්‍රසේන සහ වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර වරල් සඳහා දායක වෙති.
රංග දසනායකගේ සංගීතයෙන් හැඩවන මෙය කැළුම් ශ්‍රීමාල් සහ ශෙහාන් ගලහිටියාවගේ ගී පදවලින් රසවත් වේ. රංග දසනායකගේ සහ පසන් ලියනගේ ගේ තනු නිර්මාණයෙන් ගීතවත් වේ. FIN – (වරල්) හි මාධ්‍ය ප්‍රචාරණ සැලසුම් white space විසිනි. නිශ්චල ඡායාරූප ඉන්දික මල්ලවාරච්චිගෙනි.
ශ්‍රී ලංකාවේ සුන්දර මුහුදුතීර ආශ්‍රිතව නවීනතම තාක්ෂණික ක්‍රමවේද යටතේ FIN – (වරල්) රූගත කිරීම් ඇරඹීමට නියමිතය.
මෙහි සමාරම්භක උලෙළ පසුගියදා කොළඹ ජෙයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
