රාධා සහ ක්‍රිෂ්ණා අතර ඇති සබඳතාව හුදෙක් ලෞකික ප්‍රේමයක් නොවේ. එයින් නිරූපණය වන්නේ පරමාත්මය (දෙවියන් – ක්‍රිෂ්ණා) සහ ජීවාත්මය (මිනිස් ආත්මය – රාධා) අතර ඇති අසීමිත බැඳීමයි. රාධා යනු ක්‍රිෂ්ණා කෙරෙහි ඇති පරම භක්තියේ ප්‍රතිමූර්තියයි. හින්දු දර්ශනයට අනුව රාධා යනු ක්‍රිෂ්ණාගේම ශක්තියේ කොටසකි. ඇය ඔහුගේ “හ්ලාදිනී ශක්තිය” හෙවත් සතුට සහ ප්‍රීතිය ලබා දෙන ශක්තිය ලෙස හැඳින්වේ. ක්‍රිෂ්ණා ලෝකය මෝහනය කරන අතර, රාධා විසින් ක්‍රිෂ්ණාව පවා මෝහනය කරනු ලබන බව කියැවේ. අද අප කතිර නිර්මාණයෙන් ගෙත්තම් කරන්නේ ඔවුන්ගේ දිව්‍යමය ප්‍රේමයේ සිතුවමකි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර
නිර්මාණය කිරීම:-
මෙම නිර්මාණය අඟල් 8.0 x 5.3 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
ඇන්කර් නූල්වලට අදාළ වර්ණ සංකේත


