Monday, January 19, 2026
Epaper
Home කලා ලොවසිනා සාගරයකට පාර කියන ‘මළ මගු ලයි’

සිනා සාගරයකට පාර කියන ‘මළ මගු ලයි’

by Shanaka Lakehouse

නව වසරේ ආරම්භක මාසයේදීම තවත් සුන්දර සිනමා සිත්තමක වැඩ කටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ වූයේ, බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදීය.

” මළ මගුලයි” නමින් හැඳින්වෙන මෙය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි. මීට පෙර ” අපේ ප්‍රින්සිපල් ” හා ” පාස්පෝට්” චිත්‍රපට යුගලය තිරයට රැගෙන ආ ක්‍රිස් ඇන්තනිගේ සිව්වන සිනමා නිර්මාණය ලෙසින් මෙය තිරයට එක්වීමට නියමිතව ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ” අන්ලොක්” සිනමාපටය ද නුදුරේම තිරගත වීමට නියමිතයි. ඒ ටූ ඉසෙඩ් ( A to Z) නමින් හැඳින්වෙන ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යමින්, ඒ තුළින් උපතේ සිට විපත දක්වා සිදුවන ඕනෑම උත්සව අවස්ථාවක් නිර්මාණාත්මකව සංවිධානය කිරීම මෙම ආයතනයේ අරමුණයි. ඒ පිළිබඳව කිසිදු දැනීමක්, අවබෝධයක් හෝ උගත්කමක් නොමැති මෙම පිරිස අදාළ උත්සව අවස්ථාවන් සංවිධානය කිරීමේදී ඇතිවන විවිධ ගැටලුකාරි තත්වයන් පිළිබඳව මෙතුලින් අවධානයට ලක්කර ඇත. ක්‍රිස් ඇන්තනි, චාලින් මනුරංග, එල්. දුල්ශාන් සිල්වා එක්ව ලියූ ” මළ මගුලයි” තිර පිටපත කෝසල ගමගේ විසින් නිෂ්පාදනය කර ඇත. ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, මිහිර සිරිතිලක, පබෝදා සංදීපනි, රිචඩ් මානමුදලි, විදුරංග සිරිමාන්න, දයා වයමන්, රංජිත් රූබන්, රාජා ගනේෂන්, තරිඳු කාවින්ද ගමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් මේ සඳහා එක්ව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කෝස්තා, සහය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න, සංස්කරණයෙන් ශාන් අල්විස්, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ලක්මාල් ජයකොඩි, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, ඇඳුම් නිර්මාණයෙන් ජීවන්ති පෙරේරා, ප්‍රචාරක නිර්මාණ කටයුතු අංශයෙන් සිනෙත් මාලක පතිරණ ඇතුළු පිරිසක් “මළ මගුලයි ” සඳහා එක්වී ඇත. මෙම ජනවාරි මාසය ඇතුළත මෙහි සම්පූර්ණ රූපගත කිරීම් නිම කිරීමට ” මළ මගුලයි ” කණ්ඩායම සූදානමින් සිටී.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?