සමාජයක මූලිකම පදනම වන්නේ පවුලයි. පවුලක් සතුටින් පවතිනවා යනු එම රටම සතුටින් පවතිනවා හා සමාන කරුණකි. ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ අප අතීතයේ සිටම අසා ඇති දෙයක් වන්නේ “ගෙදර බුදුන් අම්මා” සහ “නිෙවසක ශ්‍රියා කාන්තාව බිරියයි” යන්නයි. මෙමඟින් හැඟවෙන්නේ පවුලක සතුට සහ සාමය රඳා පවතින ප්‍රධාන අක්ෂය කාන්තාව බවයි. නමුත් වර්තමාන සංකීර්ණ සමාජ ව්‍යූහය තුළ මෙම වගකීම කාන්තාවට පමණක් පැවරිය හැකිද? පවුලක බැඳීම් ශක්තිමත් කරගැනීමට ඇය සතු රහස් මොනවාද? සහ සෙසු සාමාජිකයන්ගේ වගකීම කුමක්ද? මේ ඒ පිළිබඳව කෙරෙන ගැඹුරු විමසුමකි.
පවුලක් යනු හුදෙක් එකම වහලක් යට සෑමවිටම ජීවත් වන පිරිසක් නොවේ. එය හැඟීම්, අවශ්‍යතා සහ අරමුණු එකිනෙක පෑහුණු පද්ධතියකි. මනෝවිද්‍යාත්මකව බලන කල, නිෙවසක චිත්තවේගීය භාෂාව තීරණය කිරීමට කාන්තාවට සුවිශේෂී හැකියාවක් ඇත. දවස පුරා වෙහෙස වී නිෙවසට පැමිණෙන සැමියාට සහ අධ්‍යාපන කටයුතුවලින් විඩාවට පත් දරුවන්ට සැනසීම ලබා දෙන තෝතැන්න නිෙවසයි. කාන්තාවකගේ මුවග රැඳෙන සිනහව සහ කාරුණික වචනය මුළු නිවෙසටම ජීවය ගෙන එයි. පවුල් ජීවිතය සැමවිටම රෝස මළ යහනාවක් නොවේ. මතභේද, ආර්ථික දුෂ්කරතා සහ බාහිර බලපෑම් ඇති වන විට කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව කාන්තාව සතු ප්‍රධානම අවියකි. ඇය සන්සුන් වන විට මුළු පවුලම සන්සුන් වේ.
සන්නිවේදනය යනු පවුලක රුධිර නාල වැනිය. සන්නිවේදනය නැවතී ගිය තැන පවුල මියයයි. සමහර අවස්ථාවලදී නිහඬව සිටීමත්, තවත් අවස්ථාවලදී විවෘතව කතා කිරීමටත් අවශ්‍ය වේ. ප්‍රශ්නයක් ඇති වූ වහාම දොස් පැවරීම වෙනුවට, සුදුසු වේලාව පැමිණෙන තෙක් සිට සන්සුන්ව කරුණු පැහැදිලි කිරීම කාන්තාවකගේ පරිණතභාවයයි. සැමියාගේ රැකියා ප්‍රශ්න හෝ දරුවාගේ පාසල් ප්‍රශ්නය ගැන ඔවුන් පවසන විට, ඔබ අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය පසෙක තබා ඔවුන්ගේ දෑස් දෙස බලා සවන් දෙන්න. “මම ඔබ සමඟ ඉන්නවා” යන හැඟීම ලබා දීමට ඒ දෑස් දෙස බලා සිටීම පමණක් වුවද ප්‍රමාණවත්ය.
ඒවගේම තවද ඔබ පවුලේ සාමාජිකයන් කරන කුඩා හෝ හොඳ දෙයක් අගය කිරීමට මැළි නොවන්න. “අද කෑම ගොඩක් රසයි” කියා සැමියා පවසන විට ඔබට දැනෙන සතුට අතිවිශාලය. ඒවගේම ඔබත් “අද ඔයා මේ වැඩේ හරිම ලස්සනට කළා” කියා ඔබ සැමියාට පවසන විට ඔහුටද සතුට දැනේ. ඒවගේම ඔබේ දරුවන්වද කුඩා හොඳ වැඩක් කළද අගයන්නට කටයුතු කරන්න. ඒවගේම තවද ඔබේ ආදරය ඔවුන්ට නිතරම ප්‍රකාශ කරන්නට කටයුතු කරන්න. එනම් ” මම ඔබට ආදරෙයි” ලෙස නිතරම ප්‍රකාශ කරන්න. ආදරය යනු ලෝකය වෙනස් කරන්න පුළුවන් බලවත්ම ආයුධයක් බඳුය.
පවුලක මූලිකම ගඩොල වන්නේ සැමියා සහ බිරියයි. එම ගඩොල් දෙක අතර බන්ධනය ශක්තිමත් නැත්නම් මුළු නිෙවසම කඩාවැටෙනු ඇත. තවද ආදරයට වඩා ගෞරවය වැදගත් වන අවස්ථාද තිබේ. දරුවන් ඉදිරියේ හෝ පිටස්තරයන් ඉදිරියේ තම සහකරුට අපහාස නොකිරීම සතුටු පවුලක රහසකි. එසේම විවාහ වූ පමණින් දෙදෙනාටම තමන්ගේම කියා නිදහසක් අවශ්‍ය බව තේරුම් ගන්න. සැමියාට ඔහුගේ මිතුරන් සමඟ හෝ විනෝදාංශයක නිරත වීමට ඉඩ දෙන්න. එම නිදහස ඔබත් භුක්ති විඳින්න. එය සතුටු පවුලක මූලිකම රහසයි. කිසිදු අවස්ථාවක අනෙකාගේ නිදහසට බාධා නොකරන්නට කටයුතු කිරීමෙන් ඔබේ පවුලේ සතුට රැඳෙනු නොඅනුමානය.
ඒවගේම ලාංකේය පවුල් සංස්ථාව තුළ මුදල් පාලනය බොහෝ විට කාන්තාව සතු වේ. අනවශ්‍ය වියදම් පාලනය කරමින්, අසල්වැසියාගේ හෝ යාළුවන්ගේ අනිසි තරගකාරීත්වයට හසු නොවී, ඇති ප්‍රමාණයෙන් සතුටු වීමට උත්සාහ කළ යුතුය. “සතුට මුදලට ගත නොහැකි” බව සැබෑවක් වන්නේ එවිටය. එසේම දරුවන් සමඟ බැඳීම ගොඩනැඟීමද සතුටු පවුලේ රහසකි. එනම් දරුවන් යනු පවුලේ කැඩපතයි. මවුපියන් හැසිරෙන ආකාරය දරුවන් අනුගමනය කරනු ලබයි. එනම් ඔබ අන් අයට ගරු කරනවා නම්, දරුවන්ද එය ඉගෙන ගනී. ඔබ සැමියා සමඟ රණ්ඩු කරනවා නම්, දරුවන් ද ප්‍රචණ්ඩත්වය ඉගෙන ගනී. එම නිසා සැම මොහොතකම ආදරයෙන් සිටීමට වග බලා ගත යුතුය.
එසේම තවද දිනකට එක වේලක් හෝ පවුලේ සැමට එකට වාඩි වී ආහාර ගැනීමට සැලසුම් කරන්න. එහිදී දුරකතන හෝ රූපවාහිනිය ක්‍රියා විරහිත කර එකිනෙකාගේ දවස ගෙවුණු ආකාරය කතා කරන්න. එබැවින් පවුල අතර ඇති සම්බන්ධතාවන් තවත් සමීප වේ. ඔබ අතර පවතින පරතරය අඩු වේ. එසේම තවද පිරිමි දරුවාට මෙන්ම ගැහැනු දරුවාටත් නිෙවසේ වැඩ කටයුතු බෙදා දෙන්න. එවිට ඔවුන් වගකීම්සහගත වැඩිහිටියන් බවට පත් වේ.
එසේම කාන්තාව වන ඔබ තමන්ගේ සතුට ගැනත් සිතිය යුතුය. එනම්, බොහෝ කාන්තාවන් කරන වැරැද්දක් නම් පවුල වෙනුවෙන් තමන්ගේ සතුට සම්පූර්ණයෙන්ම කැප කිරීමයි. නමුත් ඔබ අසතුටින් නම්, ඔබට අනෙක් අයව සතුටින් තැබිය නොහැකිය. ඔබේ පෙනුම, සෞඛ්‍යය සහ මානසික සහනය ගැන සැලකිලිමත් වන්න. පොතක් කියවීමට, සංගීතයට සවන් දීමට හෝ ඔබ කැමැති විනෝදාංශයකට කාලය වෙන් කරගන්න. ඒවගේම ඔබ සියලු වැඩ තනිවම කිරීමට උත්සාහ නොකරන්න. නිෙවසේ වැඩ කටයුතුවලදී සැමියාගේ සහ දරුවන්ගේ සහය ඉල්ලන්න. එය ඔවුන්ව පවුලේ වගකීම්වලට සම්බන්ධ කරගැනීමේ ක්‍රමයකි.
ඕනෑම පවුලකට රෝගාබාධ, රැකියා අහිමි වීම් හෝ මරණය වැනි කනගාටුදායක අවස්ථා පැමිණිය හැකිය. එහිදී කාන්තාවගේ භූමිකාව “නැංගුරමක්” වැනිය. එනම් එවැනි ඕනෑම අවස්ථාවකට අනුව ඔබට හැඩගැසීමට හැකි විය යුතුය. එසේ නොවේ නම් ඔබේ පවුල කඩාවැටෙනු ඇත. එහිදි ඔබ “අපිට මේක ජය ගන්න පුළුවන්” යන විශ්වාසය පවුලේ සාමාජිකයන් තුළ ඇති කරන්නට කටයුතු කළ යුතුය. තවද ප්‍රශ්නයක් ඇති වූ විට පැරණි වැරදි මතක් කරමින් රණ්ඩු වීම වෙනුවට, වර්තමාන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට අවධානය යොමු කළ යුතුය. අතීතය අමතක කර වර්තමානය සාර්ථකව ජය ගැනීමට කටයුතු කළ යුතුය.
පවුලක ගැටලු පැනනැඟීම සාමාන්‍ය වුවත්, ඒවා විසඳා ගත නොහැකිව දිගුකාලීනව පැවතීම සමස්ත පවුල් ඒකකයේම බිඳවැටීමට හේතු විය හැකිය. විශේෂයෙන්ම, පවුලේ සාමාජිකයන් තුළින් නිතර හදිසි කෝපය ප්‍රදර්ශනය වීම, දරුවන්ගේ අධ්‍යාපන කුසලතා අඩාළ වීම හෝ වැඩිහිටියන්ගේ සේවා කාර්යසාධනය පහත වැටීම වැනි ලක්ෂණ මතු වන්නේ නම් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය. මීට අමතරව, නිසි ලෙස නින්ද නොයාම සහ ආහාර රුචිය අඩුවීම වැනි ශාරීරික හා මානසික ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, එය වෘත්තීය මනෝ විද්‍යාත්මක උපදේශනයක් අවශ්‍ය බවට කෙරෙන පෙරනිමිත්තකි. මෙවැනි අවස්ථාවක ප්‍රමාද නොවී මනෝ විද්‍යාඥයකු හෝ පළපුරුදු මනෝ උපදේශකවරයකු හමුවීම තුළින් පවුලේ සාමය හා මානසික සුවතාව යළි තහවුරු කර ගැනීමට මඟ පෑදේ.
අවසාන වශයෙන්, සතුටු පවුලක රහස ඇත්තේ කාන්තාව අතේම පමණක් නොවේ. ඇය පවුලේ මඟ පෙන්වන්නිය සහ ජීවය වුවද, පවුලේ සතුට යනු සාමූහික ප්‍රයත්නයකි. කාන්තාවකට ආදරය, ආරක්ෂාව සහ අගය කිරීම ලැබෙන විට ඇය මුළු නිෙවසම සතුටින් පුරවන්නීය. එම නිසා සැමියා සහ දරුවන් ඇයව රැකබලා ගත යුතු අතර, ඇය තම ප්‍රඥාවෙන් සහ ආදරයෙන් පවුල මෙහෙයවිය යුතුය. පවුලක සැබෑ සතුට පවතින්නේ එකිනෙකා වෙනුවෙන් කැපවෙන, එකිනෙකාට ගරු කරන සහ කොන්දේසි විරහිතව ආදරය කරන හදවත් තුළය. එසේම ඔබේ නිෙවසත් එවන් සතුටු පාරාදීසයක් කර ගැනීමට අදම කුඩා පියවරක් තබන්න. එය ආදරණීය වචනයකින් හෝ මිහිරි සිනහවකින් ආරම්භ කළ හැකිය.
TEXT – පවනි උමේෂා
