අද කතා කරන්නේ ලංකාවට අලුත් කලාවක් ගැන. මොනවාද මේ කොකෙඩාමා කියන්නේ….මේක ජපන් රටට ආවේණික ඉතාම කලාත්මක කලාවක් කිවුවොත් හරි.
ජපන් ජාතිකයන්ගේ ආයු අපේක්ෂාව ලංකාවට වඩා වැඩි වෙන්න එක හේතුවක් තමයි ඔවුන්ගේ යහපත් ජීවන පුරුදු සහ යහපත් ජීවන රටාවන්. ඔවුන් සෑම විටෙකම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර නිසාම ඔවුන් වැඩි කාලයක් ආයු වළඳනවා. නිවාස තුළ තිබෙන ගෘහ භාණ්ඩ ප්‍රමාණය බොහෝම සීමිතයි. ඒ තුළින් ඔවුන් නිෙවස තුළ නිදහස් සාමකාමී වටපිටාවක් බලාපොරොත්තු වෙනවා සේම නිෙවසේ පිරිසුදු කිරීම් කටයුතු මනාව කර ගැනීමට ඉඩකඩ වැඩිපුර තිබීම වඩා ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔවුන්ගේ මෙම ක්‍රියාවන් සියල්ල අපට ලොකු ආදර්ශයක්. රටේ මේ වනවිට Indoor plant කලාව බොහෝම ජනප්‍රිය කලාවක්. ලොකු කුඩා සියලුදෙනා පාහේ මෙම කලාව දැන් වැලඳගෙන හමාරයි.
වෙනදා උපන් දිනයකදී කේක් කපා උපන් දිනය සමරපු අපේ මවුුපියන්, දැන් දැන් උපන් දිනයකදී, මංගල උත්සවයකදී පැළයක් තිළිණයක් ලෙස ලබාදීමට ඔවුන්ගේ මනස වෙනස් කරෙගන තිබීම ඉමහත් සතුටට කාරණාවක්. ජපානයේ ගොඩාක් ප්‍රසිද්ධ මේ කොකෙඩාමා මල් පැළ කලාව හරිම ස්වාභාවිකයි.
ඔවුන් කිසිම විටෙක කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ.නිවාස අලංකරණයට, හෝටල් ව්‍යාපාරයේ නියැළෙන අයට මේ කලාව ගොඩාක් විශේෂයි. ඒ වගේම මංගල උත්සව සඳහාද, උපන් දින සැමරුම් සඳහාද, සංවත්සර සැමරුම් වැනි ජීවිතයේ විශේෂ අවස්ථා සඳහා ද මෙවැනි පැළයක් තිළිණ දීමට යොමුවී තිබීම සතුටට කාරණාවක් වෙනවා.
කෘත්‍රිම ද්‍රව්‍ය කිසිවක් නොයොදා සාදන නිසා මෙම කලාව හරිම ස්වාභාවිකයි. ඒ වගේම සිත්ගන්නාසුලු පෙනුම හා නඩත්තුව ඉතා පහසුයි. එබැවින් විදේශිකයින් පවා මෙම කලාවට බොහෝම ළැදිකමක් දක්වනවා. නඩත්තුව පහසුවීම විශේෂ වාසියක් වෙනවා. අද කාලයේ නිවාස අලංකරණයේ මූලික තැනක් ගෙන තිබෙන indoor plant කලාව දැන් එක්තරා විදිහක ලොකු ට්‍රෙන්ඩ් එකක්.
අපි බලමු කොහොමද මේ පැළ හදන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
කොහුබත්
කොහු කෙඳි
වතුර
කොම්පෝස්ට්
මතුපිට පස්
පොහොර
පදම් කළ මැටි
ගෝණි නූල්
මල් පැළයක්
ඉදිකටු/නූල්
සකසා ගත් ස්වාභාවික මල් පෝච්චිය
1) පළමුව පදම් කරන ලද මැටි ගෙන මල් පැළයේ මුල මැටිවලින් ආවරණය කරගන්න.
2) කොහුබත්, කොම්පෝස්ට් සමාන ප්‍රමාණවලින් ගෙන වතුර මිශ්‍ර කරමින් මිශ්‍රණය සාදා ගන්න.
3) එම මිශ්‍රණය පැළය වටා තබමින් හොඳින් තදකරමින් රවුමට සකසා ගන්න. එම පැළය සකසා ගත් බඳුන තුළ බඳුන්ගත කරන්න.
4) ඉන්පසු ගෝණිනූල් භාවිත කරමින් පැළය රටාවකට ආවරණය කරන්න. නිර්මාණයේ අවසාන පෙනුම ලස්සනට ලැබී ඇති.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
