Wednesday, January 28, 2026
Epaper
Home Beautyතාරුණ්‍යය රැකදෙන COFFEE BODY MASK රහස

තාරුණ්‍යය රැකදෙන COFFEE BODY MASK රහස

by Shanaka Lakehouse

ලස්සන වෙන්න වෙහෙසෙන බොහෝ යුවතියන්ගේ වැඩි අවධානයක් යොමු වෙන්නේ මුහුණටයි. රූපලාවණ්‍යාගාරයකට ගියත් නි‍ෙවසේදී සත්කාරයක් කළත් මුහුණට ලැබෙන තැන සිරුරේ සෙසු කොටස්වලට ලැබෙන්නේ කලාතුරකින්. නමුත් සැබෑ රූප ශෝභාව රඳා පවතින්නේ මුහුණේ සිට දෙපා ඇඟිලි දක්වාම විහිදුණු ඒකාකාරී පැහැපත් බව මතයි.

ඔබ මුහුණට දක්වන ඒ සෙනෙහසම බෙල්ල, අත් සහ පාදවලටත් ලබා දෙන්නේ නම් ඔබේ සමට ඇත්දළ පැහැති දීප්තියක් ලබා ගැනීම අපහසු නැහැ. අද අපි ඔබට කියා දෙන්නේ කුස්සියේ ඉතිරි වන පොල් වතුර සහ කෝපි කුඩු භාවිතයෙන් වියපත් වූ සම යථා තත්ත්වයට පත් කරවන අපූරු රහසක් ගැනයි.

ඔබගේ සිරුරේ සම ඉක්මනින් වියපත් වීමට බලපාන හේතු, ස්වාභාවික සත්කාරයක් කිරීමට පෙර අපේ සම අවලස්සන වීමට බලපාන හේතු හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. වයසට වඩා සම වයසට යාම විශේෂයෙන්ම වයස අවුරුදු 40න් පසුව සම වියපත් වීම වේගවත් වේ. ඔබ නිතර නැවුම් එළවළු, පලතුරු ආහාරයට ගන්නා අයෙක් නම් සහ ස්වාභාවික සත්කාරවල නිරත වන්නේ නම් මෙය පාලනය කරගත හැකියි. බොහෝ කාන්තාවන්ට විවාහයෙන් පසු තම සම පිළිබඳ හෝ ශරිර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමට අමතක වේ.

එවැනි කාන්තාවන්ට නි‍ෙවසේ සිට ඉතා පහසුවෙන් සුන්දර වීමට මේ සත්කාරය වැදගත් වේ. අධික රසායනික ද්‍රව්‍ය භාවිතය අද වන විට ඉහළ ගොස් තිබේ. කෘත්‍රීම ආලේපනවලට පමණට වඩා හුරු වීම මීට බලපායි. එසේම රෙදි සේදීමේදී, ගෙවත්තේ වැඩ කිරීමේදී හෝ මුළුතැන්ගෙයි වැඩ කටයුතුවලදී රසායනික ද්‍රව්‍ය සෘජුව සමේ ස්පර්ශ වීම (අත්වැසුම් භාවිත නොකිරීම) නිසා සම රළු වී වියපත් වේ.

සිරුරට සත්කාර නොකර මුහුණට පමණක් Face Packs හෝ Scrubs භාවිත කර සිරුර නොසලකා හැරීම නිසා මැරුණු සෛල කාලයක් පුරා එකතු වී සම අවපැහැ ගන්වයි. ඒ වගේම මොයිස්චරයිසර් භාවිත නොකිරීම කාන්තා ඔබ ඕනෑම සත්කාරයකින් පසු සමට අවශ්‍ය තෙතමනය ලබා නොදුනහොත් සම ඉක්මනින් වියළී රැලි වැටීමට පටන් ගනී. අපගේ ශරීරය තුළ ඇතිවන බොහෝ රෝගවලට හේතුව වන්නේ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමයි. අවම වශයෙන් දිනකට වතුර බෝතල් 5ක් හෝ 6ක් පානය නොකරන අයගේ සමේ දීප්තිය ඉක්මනින් ගිලිහී යයි. රැකියාව හෝ වෙනත් හේතු මත දීර්ඝ වේලාවක් වායු සමීකරණය කළ කාමරවල සිටින විට සමේ තෙතමනය උරා ගන්නා බැවින් සම ඉක්මනින් වියපත් වේ. එසේම දැඩි මානසික පීඩනය සමේ නීරෝගි බව නැති කරයි. ඒ සඳහා භාවනා කිරීම, පොත් කියවීම හෝ සංගීතයට සවන් දීම වැනි දේ මඟින් මනස සන්සුන් කර ගැනීම අත්‍යවශ්‍යයි.

කාන්තා ඔබට මෙම බොඩි මාස්ක් එකෙන් ලැබෙන බොහෝය.

සමේ තෙතමනය ආරක්ෂා කිරීම.

මැරුණු සමේ සෛල ඉවත් කර පැහැපත් බවක් ලබා දීම.

සම වියපත් වීම අවම කර ලප කැළැල් මැකී යාම.

නි‍ෙවසේ සිට කෝපි සත්කාරය සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඒවායේ සුවිශේෂී බව

පොල් වතුර- විටමින් B2, B3 සහ C අඩංගු වේ. සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කර දීප්තිය ලබා දෙයි.

කෝපි කුඩු- හිරු එළියෙන් වන හානි වළක්වා මැරුණු සම ඉවත් කරයි.

සීනි- ස්වාභාවික මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියා කරමින් සමේ තෙතමනය රැක දෙයි.

අලිගැටපේර- සම සුමුදු කර පෝෂණය ලබා දෙයි.

කහ දොඩම්- විටමින් C මඟින් සමේ පැහැය වැඩි දියුණු කරයි.

කස්තුරි කහ- විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරමින් සමට ස්වාභාවික දීප්තියක් එක් කරයි.

මාස්ක් එක සාදාගන්නා සහ භාවිත කරන ආකාරය

ඉහත අමුද්‍රව්‍ය සියල්ල ඔබේ ශරීරයේ ආලේප කිරීමට අවශ්‍ය ප්‍රමාණයට ගෙන කෝපි මේස හැඳි 2ක්, සීනි හැඳි 1ක් පොල් වතුර ස්වල්පයක්, අලිගැටපේර, කහ දොඩම් ‍යුෂ, කස්තුරි කහ හොඳින් මිශ්‍ර කර උකු ආලේපනයක් සාදාගන්න.

භාවිත කරන ආකාරය

පළමුව මෘදු සබන් හෝ Body Wash එකක් යොදා සිරුර පිරිසුදු කර තෙත මාත්තු කරගන්න. සකස් කරගත් මාස්ක් එක ඇඟිලි තුඩුවලින් හෝ බ්‍රෂ් එකක් ආධාරයෙන් මුළු සිරුරේම ආලේප කරන්න. විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර පසුව ජලය ස්වල්පයකින් තෙත් කර කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරමින් සෝදා හරින්න. අවසානයේදී හොඳ මොයිස්චරයිසර් එකක් ආලේප කිරීමට අමතක කරන්න එපා.

ස්වාභාවික සත්කාර මඟින් සමට අහිතකර බලපෑම් ඇති නොවන නිසාත්, පෝෂණය උපරිමයෙන් ලැබෙන නිසාත් ඔබත් අදම මෙම සත්කාරය අත්හදා බලා ඇත්දළ පැහැති සමක හිමිකාරියක් වන්න.

 

TEXT – සදුනි මුණසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?