පෝෂණය සම්පූර්ණවත් බඩට බර නොවන ආහාරයක් රාත්‍රියට තෝරා ගැනීම අපේ සෞඛ්‍යට ඉතා වැදගත්ය. දවස පුරා වෙහෙසුණු ශරීරයට විවේකයක් ලබා දෙන අතරම නිදහසේ නිදාගැනීමට ද සැහැල්ලු රාත්‍රිය ආහාරයක් මහත් උපකාරයක් වෙයි. එවන් අවස්ථාවල බත් හෝ බර ආහාර වෙනුවට උණුසුම් සුප් කෝප්පයක් තෝරාගැනීම හොඳම විකල්පයකි. රසයෙන් පිරි, පෝෂණයෙන්සම්පන්න, පහසුවෙන් දිරවන රාත්‍රී ආහාරයක් ලෙස ඔබට ගැළපෙන රසවත් සුප් වර්ග 3ක් ගැනයි මේ ලිපිය.
Cream of Mushroom Soup
අවශ්‍ය ද්‍රව්‍ය
ඔලිව් තෙල් තේ හැඳි 1ක්
බටර් තේ හැඳි 1ක්
චොප් කරගත් බී ලූනු මේස හැඳි 1ක්
චොප් කරගත් සුදුලූනු තේ හැඳි 1ක්
හීනියට ලියාගත් Button mushroom කෝප්ප 1ක්
පාන්පිටි තේ හැඳි 1ක්
ගම්මිරිස්
ලුණු
Dry herbs තේ හැඳි 1ක්
උකු ක්‍රීම් කෝප්ප බාගයයි
වතුර කෝප්ප 3ක්
සාදන ක්‍රමය
භාජනයක් ළිප තබා එයට ඔලිව් තෙල් සහ බටර් එකතු කරන්න.බටර් දියවුණු පසු එයට බී ලූනු සහ සුදුලූනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.පසුව එයට Button mushroom එකතු කර මිශ්‍ර කර වතුරද එකතු කරන්න. දැන් රස අනුව ලුණු, ගම්මිරිස් සහ dry herbs එකතු කර විනාඩි පහක් තැම්බෙන්නට හරින්න. විනාඩි පහකට පසුව මිශ්‍රණයෙන් බාගයක් ගෙන බ්ලෙන්ඩර් කරන්න. පේස්ට් එකක් වනතුරු බ්ලෙන්ඩර් කරගත් පසු එය නැවත ඉහත මිශ්‍රණයට එකතු කර උකු ක්‍රීම් ද එකතු කරන්න. විනාඩි දෙකක් පමණ මිශ්‍ර කරමින් හොඳින් පිසගන්න. පිළිගන්වන විට සුප් එක උඩින් නැවත ගම්මිරිස් ස්වල්පයක් ඉසගන්න.
Tomato Soup
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් තේ හැඳි 1ක්
කොටු කපාගත් බීලූනු ගෙඩි බාගයක්
තළාගත් සුදුලූනු බික් 2ක්
කොටු කපාගත් තක්කාලි ගෙඩි 3ක්
කොටු කපාගත් කැරට් ගෙඩි බාගයක්
රස අනුව ලුණු
සීනි තේ හැඳි 1ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
උකු ක්‍රීම් තේ හැඳි 1ක්
වතුර
සාදන ක්‍රමය
භාජනයක් ළිප මත තබා එයට බටර් තේ හැන්දක් දමන්න. බටර් දියවුණු පසු එයට බී ලූනු සහ සුදු ලූනු එකතු කරන්න. බී ලූනු රන්වන් පාටවුණු පසු එයට තක්කාලි, කැරට් සහ ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තක්කාලි බාගෙට තැම්බුණු පසු එයට වතුර කෝප්ප බාගයක් එකතු කර මිශ්‍ර කර පියනකින් වසා විනාඩි දහයක් මඳ ගින්නේ පිසෙන්නට හරින්න. විනාඩි දහයකට පසුව ළිප නිවා මඳ වේලාවක් මිශ්‍රණය නිවෙන්නට හැර හොඳින් බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගන්න. ඉන්පසු එම පේස්ට් එක පෙනේරයක් ආධාරයෙන් පෙරා නැවත ළිප තබන්න. එයට වතුර කෝප්ප බාගයක් එකතු කර සීනි රස අනුව ලුණු සහ ගම්මිරිස් ද අවසානයට උකු ක්‍රීම් ද එකතු කර මිශ්‍ර කරන්න. විනාඩියක් පමණ මඳ ගින්නේ පිසගෙන ඉන්පසු පිළිගන්වන්න.
Hot Sour Soup
අවශ්‍ය ද්‍රව්‍ය
ඔලිව් තෙල් තේ හැඳි 1ක්
කොටු කපාගත් බීලූනු කෝප්ප බාගයයි
ඉඟුරු සුදුලූනු මිශ්‍රණය මේස හැඳි 1ක්
කැරට් කෝප්ප 1ක්
ගෝවා කෝප්ප 1ක්
බෝංචි කෝප්ප 1ක්
Button mushroom කෝප්ප 1
වතුර
සෝයා සෝස් තේ හැඳි 2ක්
දිය කරගත් කෝන් පිටි කෝප්ප බාගයයි
රස අනුව ලුණු
ගම්මිරිස්
විනාකිරි තේ හැඳි 1ක්
සාදන ක්‍රමය
භාජනයක් ළිප තබා එයට තෙල් දමන්න. තෙල් රත්වුණු පසු බීලූනු, ඉඟුරු, සුදුලූනු එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු එයට කැරට්, ගෝවා සහ බෝංචි එකතු කරන්න. විනාඩියක් පමණ එය මිශ්‍ර කර පසුව එයට Button mushroom එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු වතුර කෝප්ප එකහමාරක් පමණ එකතු කර විනාඩි පහක් තැම්බෙන්නට හරින්න.
සෝයා සෝස් රස අනුව ලුණු සහ දියකර ගත් කෝන් පිටි එකතු කර මිශ්‍ර කර තවත් විනාඩි දෙකක් පිසගන්න. පසුව විනාකිරි සහ ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරගන්න. ඕනෑම සුප් වර්ගයක් උණුවෙන්ම පිළිගන්වන එක ගොඩක් වැදගත්. එවිට සුප් එකක රසය තව තවත් වැඩිය. ඉතින් මෙම සුප් වර්ග ඔබේ කෑම මේසය තවත් රසවත් කරන බවට කිසිම සැකයක් නැත.
TEXT – සඳුනි මුණසිංහ
