ගී ලොව ආදරණීයයන්ගේ ප්‍රේමණීය හදවත් වසඟයට පත් කරමින් සදා නොමියෙන ගී නිර්මාණ රැසක් ශ්‍රාවක සවනට තිළිණ කළ ගී ලොව කෝකිලයා මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගමන් මඟ විදහා දක්වමින් තැනෙන “එදා රෑ” සංගීතමය සිනමා නිර්මාණය නොබෝ දිනකින් සිනමාලෝලී ඔබ අතට පත්වනු ඇත.
මෙම චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතයට පණ පොවන්නේ රොෂාන් රවීන්ද්‍රයි. නෙත්මි රොෂෙල්, ශේෂාද්‍රි ප්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිත වෙනවා.
” එදා රෑ ” සංගීතමය සිනමා නිර්මාණයේ සමාරම්භක මුහුරත් උලෙළ පසුගියදා පැවතියේ, ඔහුගේ සමකාලීන හා ප්‍රවීණ කලාකරුවන් මෙන්ම විශේෂ ආරාධිතයන් රැසක් මධ්‍යයේදී ඉතාමත් ආකර්ෂණීය අයුරිනි. ධම්මික සල්වතුර ගොනුකළ කතාවට අනුව, සුනෙත් මාලිංග ලොකුහේවා සමඟින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව ලියූ තිර පිටපත ඇසුරෙන් නිර්මාණය වන ” එදා රෑ” ප්‍රවීණ නිර්මාණවේදී අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන අතර , ONE LINE PRODUCTION & ENTERTAINMENT ( PRIVATE ) LIMITED වෙනුවෙන් , රනිල් මල්ලවාරච්චි, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ චමක මංජුල එක්ව නිෂ්පාදනය කර ඇත.
රොෂාන් රවින්ද්‍ර, ශේෂාද්‍රි ප්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා දුලංජන දිල්ෂාන් , නෙත්මි රොෂෙල් , විශ්ව කොඩිකාර , උදිත් අබේරත්න, අමිත්ත වීරසිංහ, දිනෙත් ද සිල්වා, දිලීප අබේසේකර, ඉශාන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, දිනිති වල්ගම , චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ, ෆර්ණි රෝෂණී, සප්නා පාදුක්ක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, නිහාරි පෙරේරා, පියුමාලි එදිරිසිංහ, , ප්‍රසන්න දැකුම්පිටිය, සුරන් දසනායක, ජනිත් වික්‍රමගේ, හිමාලි සිරිවර්ධන, මයුර කාංචන, කලණ ගුණසේකර, නයෝමි පෙරේරා, ජෙහාන් අප්පුහාමි, ආචාර්ය සෙනේෂ් දිසානායක, බියංකා අමරසිංහ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් විශාල පිරිසක් රංගනයෙන් දායකත්වය දක්වනු ඇත.
චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද, සුරේෂ් මාලියද්ද පසුබිම් සංගීත හා ගීත නිර්මාණයෙන් ද, තරිඳු ආරච්චිගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, අකුරම්බොඩ පියතිස්ස කලා අධ්‍යක්ෂණයෙන් ද , පවිත්‍රා අබේසිංහ ඇඳුම් නිර්මාණයෙන් ද, සශින් ගිම්හාන් පෙරේරා ශබ්ද සැලසුම්කරණයෙන් ද, සංක අබේසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් මාලිංග ලොකුහේවා නිර්මාණ සැලසුම්කරණයෙන් ද, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් ද, ගීත ගායනයෙන් රනිල්
මල්ලවාරච්චි, පවන් මල්ලවාරච්චි, සමිතා මුදුන්කොටුව සමඟින් උරේෂා රවිහාරි ද, නිෂ්පාදන කළමනාකරණයෙන් තරිඳු දිල්හාර, අංග රචනයෙන් බුවනෙක රණවක, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් චාමින්ද රත්නසූරිය, නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි ” එදා රෑ ” සිනමා නිර්මාණය සඳහා එක්වනු ඇත.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
