අද කාලයේ බොහෝ තරුණියන් “සුදු වෙන්න” තියෙන දැඩි ආශාව නිසාම වෙළඳපොලේ ඇති විවිධ බ්ලීචින් ක්‍රීම් වර්ග භාවිතා කර තම ස්වාභාවික සම මෙන්ම රූපයද විනාශ කරගන්නා අවස්ථා අපට ඕනෑතරම් දැකගත හැකිය. රුපියල් දහස් ගණන් වැය කර වස විස ශරීරයට උරා ගැනීමට ඉඩ දෙනවා වෙනුවට, අපේම කුස්සියේ ඇති තක්කාලි (Tomato) භාවිතයෙන් හානියක් නැතිව සම පැහැපත් කරගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? තක්කාලි යනු ස්වාභාවික බ්ලීචින් ගුණ සහිත අගනා පළතුරකි. මෙහි අඩංගු විටමින් C සහ ලයිකොපීන් (Lycopene) මගින් අව්වට පිලිස්සුණු සම යථා තත්ත්වයට පත් කර, සමට දිදුලන රෝස පැහැයක් ලබා දෙයි. නිවෙසේදීම ඉතා පහසුවෙන් කරගත හැකි පියවර දෙකකින් යුත් මේ සත්කාරය පිළිබඳව අද අපි විමසා බලමු.
මැරුණු සම ඉවත් කරන “තක්කාලි ස්ක්‍රබ් එක” (Tomato Sugar Scrub) මුහුණේ තැන්පත් වී ඇති කුණු දූවිලි සහ මැරුණු සමේ සෛල ඉවත් කර සම මෘදු කිරීමට මෙමඟින් හැකියාව ලැබේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
තක්කාලි පෙත්තක් සහ සීනි ස්වල්පයක්.
සාදාගන්නා ක්‍රමය: තක්කාලි පෙත්තක් ගෙන එහි එක පැත්තක සීනි තවරන්න. ඉන්පසු එම පෙත්ත භාවිත කර මුහුණ වටා ඉතා මෘදුව රවුම් ආකාරයට (Circular motion) විනාඩි 3-4ක් සම්බාහනය කරන්න. සීනි කැට නිසා සම තුවාල විය හැකි බැවින් කිසිවිටෙකත් තදින් අතුල්ලන්න එපා. පසුව සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
දෙවන පියවර: සම සුදු කරන “මැජික් පැක් එක” (Whitening Face Pack)
කුරුලෑ ලප සහ අඳුරු ගතිය ඉවත් කර සමේ වර්ණය ඒකාකාරී කිරීමට මෙම පැක් එක බෙහෙවින් උපකාරී වේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
නැවුම් තක්කාලි යුෂ මේස හැඳි 2ක්.
කස්තුරි කහ ස්වල්පයක් (සමට වඩාත් සුදුසුයි).
යෝගට් හෝ මී පැණි තේ හැන්දක්.
සාදාගන්නා ක්‍රමය:
ඉහත අමුද්‍රව්‍ය සියල්ල භාජනයකට දමා හොඳ පේස්ට් එකක් වන තෙක් කලවම් කරන්න. ඇස් වටා ප්‍රදේශය හැර මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න. විනාඩි 20ක් පමණ වියළෙන්නට හැර, පසුව වතුර ස්වල්පයක් ගා මෘදුව පිරිමදිමින් සෝදා හරින්න.
තක්කාලි වල ස්වභාවික අම්ල ගතියක් ඇති බැවින් මුලින්ම ආලේප කළ විට මද දැවිල්ලක් ඇති විය හැක.
එය සාමාන්‍ය තත්ත්වයකි. නමුත් දැඩි දැවිල්ලක් හෝ පලු දැමීමක් ඇති වුවහොත් වහාම සෝදා ඉවත් කරන්න. සත්කාරය කළ සැණින් තද හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වළකින්න. සතියකට දින 3ක් පමණ මෙය අඛණ්ඩව කිරීමෙන් සති කිහිපයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. රුපියල් දහස් ගණන් වැය කර සමේ පිළිකා ඇති කරන රසායනික ක්‍රීම් වලට ඇබ්බැහි නොවී, ස්වාභාවික දේ තුළින් ඔබේ රුව රැක ගැනීමට අදම උත්සාහ කරන්න.
TEXT – හිරුණි කාවින්ද්‍යා
