Monday, February 9, 2026
Epaper
Home Highlightsපෝෂණීය ගු ණයෙන් ඉහළ කටු අනෝදා

පෝෂණීය ගු ණයෙන් ඉහළ කටු අනෝදා

by Shanaka Lakehouse

කටු අනෝදා පලතුරක් මෙන්ම රෝග රැසකට ගුණදායක ඖෂධීය ශාකයකි. මෙහි විටමින් C කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, ප්‍රෝටීන් ආදී විවිධ පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් අඩංගුවේ. එම නිසාවෙන් අනෝදා සිරුරට ඉතාමත් ගුණදායක පලතුරක් ලෙස හැඳින්විය හැකිය. මෙම කටු අනෝදාවල පිළිකා ශෛල විනාශ කිරීමේ විය්ස්ත හැකියාවක් ද ඇත. මීට අමතරව රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට, වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග සුව කිරීමට, අධි රුධිර පීඩනය අඩු කිරීමට ද කටු අනෝදා උපකාරී වේ. එමෙන්ම මෙය කිරි දෙන මමුවරුන්ට ඉතාමත් ගුණදායක පලතුරක් ලෙස ද හඳුන්වයි.


අනෝදා බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු අනෝදා ගෙඩියකින් කැබැල්ලක්

වතුර

ගම්මිරිස්

ලුණු

සීනි

සාදන ආකාරය

මුලින්ම ඉදුණු අනෝදා ගෙඩියෙහි පොත්ත ඉවත් කර මදුළු වෙන්කර ගන්න. ඉන්පසුව අනෝදා මදුළුවල ඇති ඇට ඉවත් කර බ්ලෙන්ඩරේකට දමා ගන්න. එයට අවශ්‍ය පදමට වතුර, ගම්මිරිස්, සීනි හා ලුණු එක්කර බ්ලෙන්ඩ් කරගන්න.

 


අනෝදා චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු අනෝදා ගෙඩි – 1

පාන් පිටි කෝප්ප – 1

කෝන් පිටි හෝ හාල් පිටි මේස හැඳි – 3

කහ කුඩු

ලුණු

වතුර

සාදන ආකාරය

මුලින්ම අනෝදා ගෙඩියෙහි පොත්ත ඉවත් කර එය කොටු හැඩයට කපාගන්න. ඉන්පසු භාජනයක් ගෙන අවශ්‍ය පමණට පාන් පිටි, කෝන් පිටි හෝ හාල් පිටි, කහ කුඩු හා ලුණු කුඩු දමා වතුර ස්වල්පය බැගින් එකතු කර උකු බැටර් එකක් සාදා ගන්න. පසුව කපාගත් අනෝදා කැබලි සාදාගත් බැටර් එකෙහි හොඳින් තවරා ගැඹුරු තෙලෙහි රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

අනෝදා ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැසුණු අනෝදා ගෙඩි – 1

බී ලූනු ගෙඩි – 1

අමුමිරිස් කරල් – 2

සුදු ලූනු බික් – 3

ඉඟුරු කැබැල්ලක්

කරපිංචා ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි -1/4

මිරිස් කුඩු තේ හැඳි – 11/2

බැදපු තුනපහ තේ හැඳි – 11/2

අබ තේ හැඳි – 1

උළු හාල් තේ හැඳි – 1/4

උම්බලකඩ තේ හැඳි – 1

ගම්මිරිස් කුඩු තේ හැඳි – 1/2

මිටිකිරි කෝප්ප – 3

රස අනුව ලුණු

තෙල් මේස හැඳි – 2 හෝ 3

සාදන ආකාරය

මුලින්ම අනෝදා ගෙඩිය හොඳින් සෝදා එහි පොත්ත ඉවත් කරගන්න. ඉන්පසුව අනෝදා ගෙඩියෙහි ඇති ඇට ඉවත් කර එය කුඩා කැබලිවලට කපා දෙහි මිශ්‍ර කර ගත් වතුර බඳුනකට දමන්න (කහට පිපීම වළක්වා ගැනීම සඳහා) කපාගත් අනෝදා දෙහි මිශ්‍ර වතුරෙහි මඳ වේලාවක් තබා නැවතත් හොඳින් සෝදා වතුර බේරා ගන්න. පසුව භාජනයක් ළිපෙහි තබා එයට තෙල් ස්වල්පයක් එක් කරගන්න. තෙල් රත් වූ පසුව එයට අබ හා උළුෙහාල් එකතු කරගන්න. එය තෙම්පරාදු වූ පසුව එයටම සිහින්ම කපා ගත් ලූනු, කරපිංචා, සුදු ලූනු එකතුකර මඳ වේලාවක් තෙම්පරාදු කර අවශ්‍ය පදමට මිරිස් කුඩු, කහ කුඩු හා බැදපු තුනපහ කුඩු එකතු කර රන්වන් පැහැවෙන තෙක් තෙම්පරාදු කරගන්න.

ඉන්පසු එයට කපා ගත් අනෝදා එකතු කර හොඳින් කලවම් කරගන්න. පසුව එය මඳ වේලාවක් තෙම්පරාදු වූ පසුව පොල් කිරි එකතු කර අමු මිරිස්, උම්බලකඩ , ගම්මිරිස් හා අවශ්‍ය පමණට ලුණු එකතු කොට හොඳට මිශ්‍ර කර වැඩි ගින්දරේ මූඩියකින් වසා කලවම් කරමින් පිසගන්න.

 


අනෝදා මිල්ක්ෂේක්

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉඳුණු අනෝදා මද කප් – 1

වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් (scoops) – 2

කිරි කප් – 1/2

මී පැණි තේ හැඳි – 1

අයිස් කැට කිහිපයක්

සාදන ආකාරය

මුලින්ම හොඳින් ඉදුණු අනෝදා ගෙඩියක පොත්ත ඉවත් කර ගන්න. ඉන්පසු අනෝදා මදුළුවල ඇති ඇට ඉවත් කර බ්ලෙන්ඩරයකට දමා ගන්න. පසුව එයට අයිස්ක්‍රීම් සහ කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මඳ වේලාවක් බ්ලෙන්ඩ් කරගත් පසු එයට මී පැණි ස්වල්පයක් එකතු කර නැවත බ්ලෙන්ඩ් කරගන්න. අවසානයට අයිස් කැට කිහිපයක් එකතු කර නැවතත් තත්පර 10-20 පමණ කාලයක් බ්ලෙන්ඩ් කරගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?