Monday, February 16, 2026
Epaper
Home Highlightsමැසේජ් රිප්ලයි එකෙන් කියවෙන මිනිස් චරිත

මැසේජ් රිප්ලයි එකෙන් කියවෙන මිනිස් චරිත

by Shanaka Lakehouse

ඔයා කාටහරි මෙසේජ් එකක් දැම්මම ඒකට රිප්ලයි කරන වෙලාව අනුව ඔයාට පුළුවන් ඒ කෙනා ගැන ඔයාට චූටි අයිඩියා එකක් ගන්න..

මං ගොඩක් සයිකොලොජි පැත්තට ඉන්ටරස්ට් නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ බිහේවියර්ස් ස්ටඩී කරනවා..ඉතින් අවුරුදු ගානක් ඒ ගැන සටඩී කරලා මම තේරුම්ගත්ත දේවල් සහ මගේ එක්ස්පිරියන්සස් මම ඔයාට කියන්නම්.🧐👇

එසැනින් සැනින් රිප්ලයි කරන අය 😀🌟

ඔයා බලන්න මාරම බිසී ශෙඩියුල් එකක් ගත කරන මිනිස්සු, එහෙම නැත්තන් අර මොකක් හරි ගෝල් එකක් වෙනුවෙන් කාගෙන වැඩ කරන අය, අනිත් අය මොනාද කරන්නේ කියලා අදාළ නැති තමන්ගේ පාඩුවේ වැඩ කරන මිනිස්සු ඔයාට ඉන්නවා නම්..මෙන්න මේ අයට ටෙක්ස්ට් එකක් දාලා මේ අය ඒ ටෙක්ස්ට් එක දැක්ක ගමන් ගොඩක් වෙලාවට රිප්ලයි කරනවා..දන්නවද ඒ ඇයි කියලා..මොකද මෙයාලට එහෙම මොකක් හරි ඕපදූපයක් කියලා මෙසේජ් එනවා හරිම අඩුයි..මොකද මෙයාලා ගැන දන්න අය දන්නවා මේ අය ඒවට ඉන්ටරස්ට් නැහැ කියලා..

එතකොට එන්නේ අත්‍යවශ්‍යයම වුවමනාවකට එන මෙසේජස් හරි, එහෙම නැත්තන් අර සැප දුක අහලා එන මෙසේජස්, ඉතින් මේ අය ගොඩක් වෙලාවට රිප්ලයි කරනවා මෙසේජ් එක දැක්ක ගමන්ම..එතකොට ඔය මෙසේජ් එක එවන කෙනාට හිතෙන්න පුළුවන් වාව් කියන ෆීලින්ග් එකක්..මෙයා මට ඉක්මනට ‍රිප්ලයි කරානේ කොච්චර බිසී වුණත් කියලා..

ඒකෙන් කියවෙන්නේ නෑ එයා ෆ්‍රී කියලා..එකෙන් කියවෙන්නේ ඔයාගේ ටයිම් එකට, ඔයාගේ පණිවුඩයට එයා රෙස්පෙක්‍ට් කරනවා කියලා.

එයාලගේ පැත්තෙන් බලපුවම එයාලාගේ මයින්ඩ් එක මෙහෙම වැඩ කරනවා වෙන්න පුලුවන්. 👇

අපේ මොළේ කැමති නෑ අන්ෆිනිශ්ඩ් ටාස්ක්ස් වලට..මේකට කියනවා සෙයිගාර්නික් ඉෆෙක්ට් කියලා..ඉතින් චූටි චූටි දේවල් ඉක්මනට ඉවරකරාම පහසුයි කියලා එයාලට හිතෙන්න පුළුවන්.

ඒවගේම මොනාහරි හේතුවකට එයාලට රිප්ලයි කරන්න ලේට් වුනා කියන්නකෝ..එයාලා අනිවාර්‍යෙන් ඒකට ඇපොලජයිස් කරනවා..❤️

🔴 පැය ගාණකට පස්සේ රිප්ලයි කරන අය 😅👽

මෙයාලා මරු වැඩක් කරනවා..මෙයාලා මෙසේජ් එක එනවා නොටිෆිකේශන්වලින් දකිනවා.. මෙසේජ් එක මොකද්ද කියලත් කියවලා හිතා මතාම මෙසේජ් එකට රිප්ලයි කරන්නේ නැතුව අර මෙසේජ් එක දාපු කෙනාව හිතමතාම වේයිට් කරවනවා…😅 මෙන්න මේ අය නොදැනුවත්ව හෝ දැනුවත්ව බොහෝ දුරට කරන්න හදන්නේ අනිත් කෙනාගේ ඔළුවේ මම ඔයාව ගනන් ගන්නේ නෑ කියලා ෆීලින්ග් එකක් ඇතිකරවන්න..සහ මේක ඩාක් සයිලොලොජිවල එන ට්‍රික් එකක් අනිත් කෙනාව ඇට්‍රෑක්ට් කරගන්න පුළුවන් වෙන..මෙන්න මේක ගොඩක් ලව් ර්ලේශන්ශිප්ස් ඇතුළේ වෙනවා..

සමහර වෙලාවට ඇත්තටම බිසීත් නැහැ..ඒත් බිසී වගේ අනිත් කෙනාට පෙන්නලා ඒ රිලේශන්ශිප් එක ඇතුළේ එයාට වැලියු එකක් හදාගන්න ට්‍රයි කරනවා..

නිකන් අර ස්කාසිටි එකක් ඇතිකරලා ඇටේන්ශන් එක ගන්නවා වගේ වැඩක් මේ..😃 ඔයා ඩාක් සයිකොලොජි සටඩී කරනවා නම් මේවා අහුවෙනවා..🙂‍↕️🫆

අමතක වෙන සෙට් එක 😂❤️

ඉතින් තව සෙට් එකක් ඉන්නවා මෙයාලා ඇත්තටම මෙසේජ් එක බලනවා.රිප්ලයි කරන්න ඕනි කියලත් හිතනවා..ඔය එක්කම මොකක් හරි වැඩක් සෙට් වෙලා ඔන්න අර ආපු ටෙක්ස්ට් එකට රිප්ලයි කරා කියලා හිතලා ඉන්නවා..😂😂 ඇත්තටම ඒ අයට අමතක වෙනවා..

මේ හැමදේම සාපෙක්ශයි ආහ්..මේවා ෆැක්ට්ස් නෙවෙයි..ඔයාට මේවා රිලේට් වෙනවා කියලා හිතෙනකොට තව කෙනෙක්ට් හිතෙන්න පුළුවන් නෑ මං එහෙම නෙවෙයි කියලා..

මම මේ කියලා තියෙන්නේ මූලිකවම දකින්න ලැබෙන සෙට්ස් ටිකක් විතරයි.

කොහොම නමුත් සයිකොලොජි ඔයා නිකමට හරි ස්ටඩී කරන්න,මිනිස්සුන්ගේ බිහේවියර්ස් ස්ටඩී කරගන්න. මේවා ස්ටඩි කරද්දි ඔයාව කවුරුහරි මැනිපියුලේට් කරන්න හදනවා නන් ක්ෂණික තේරේනවා..ඒ වගේ තැන් වලින් ශේප් එකේ අයින් වෙන්න.

මේවා ඉගෙනගන්න එකේ පොඩි ෆන් එකකුත් තියනවා. ඒක ස්ටඩි කරලම බලන්න ඕනි..ඔයාට තනියෙන් හිනායන අවස්ථා ගොඩක් සෙට්වෙනවා..මොකද අනිත් කෙනා කරන රඟපෑම මෙන්න මේකයි කියලා ඔයා දන්නවා..කියන්න යන්න එපා..බලාගෙන ඉදලා ඉගෙනගන්න..ඒක මරු..❤️☺️

TEXT – මැන්ඩි සිල්වා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?