Monday, March 9, 2026
Epaper
Home Highlightsඇතුගල්පුරවරයේ කාන්තාවන්ගේ අභිමානය හා ශක්තියට අත්වැලක්

ඇතුගල්පුරවරයේ කාන්තාවන්ගේ අභිමානය හා ශක්තියට අත්වැලක්

by Shanaka Lakehouse

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

මාර්තු 8 දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී

කාන්තාවන්ගේ දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ නායකත්ව හැකියාවන් සමාජයට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම විශේෂ උත්සවයක් ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 8 දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ Lions Clubs International District 306 D11, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව සහ තරුණී පුවත්පත යන ආයතනවල අනුග්‍රහයෙනි. කාන්තාවන්ගේ සමාජීය හා ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ට නව අවස්ථා ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මේ දිනය පුරාවට කාන්තාවන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වන විවිධ වැඩමුළු, උපදේශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්වේ. ඉවුම් පිහුම් හා ආහාර නිර්මාණ, රූපලාවණ්‍ය සහ නිවෙසේදීම රුව හැඩගැන්වීම, අත්කම්, මැහුම් හා ගෙතුම් කුසලතා, ව්‍යවසායකත්ව දැනුම වැනි ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ දැනුම ලබාදෙන අතර කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම, මූල්‍ය කළමනාකරණය සහ අලෙවිකරණය පිළිබඳ ප්‍රායෝගික උපදෙස්ද මෙහිදී ලබාගත හැකිය. එමෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍යය හා මානසික සුවතාව පිළිබඳ වෛද්‍යවරයකුගේ සහ මනෝ උපදේශන සේවාද සංවිධානය කර ඇත. මෙම උත්සවයේ විශේෂ අංගයක් ලෙස මනාලියන් හැඩගැන්වීමේ තරගයක් ද පැවැත්වෙන අතර හොඳම මනාලියන් දස දෙනා අතරට තේරී වටිනා තිළිණ සහ සහතික දිනා ගැනීමට අවස්ථාවත් හිමි වේ.

වයඹ පළාතේ දිරියෙන් නැඟී සිටින යුවතියනි…

එන්න ඔබත් කුරුණෑගල පළාත් සභා පරිශ්‍රයට. ඔබගේ දක්ෂතා ඉදිරියට ගෙන එමින් ජීවිතයේ නව පියවරක් තැබීමට මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබගේ අනාගතය ශක්තිමත් කරගන්න. ඔබ තුළ ඇති ශක්තිය තවත් ශක්තිමත් කරගන්න. එක්වන්න, ඉදිරියට යන්න.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?