කාන්තාවකට සිය රූප ශොභාව ඔප්නංවා ගැනීමට තිබෙන වටිනාම සහ අභිමානවත්ම සම්පත ඇයගේ පංච කල්‍යාණයෙන් එකක් වන කෙස් කළඹයි. ඝනවට වැවුණු, දිදුලන පෙනුමකින් යුත් කෙස් කළඹක් හිමි කර ගැනීම ඕනෑම තරුණියකගේ සිහිනයකි. නමුත් අවාසනාවකට මෙන්, වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාව, අහිතකර ආහාර රටාවන් නිසා ඇති වන පෝෂණ ඌනතා සහ දිනෙන් දින ඉහළ යන පරිසර දූෂණය වැනි විවිධ හේතු නිසා බොහෝ තරුණියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ අධික ලෙස හිසකෙස් හැලී යාමයි.
පීරන පීරන වාරයක් පාසා පනාව පුරා රැඳෙන කෙස් ගස් දෙස බලා ඔබත් අසරණ වී සිටිනවාද? නිෙවස පුරාම හැලුණු කොණ්ඩ ගස් දැක ඔබ මානසිකව පීඩාවට පත්ව සිටිනවාද? මිල අධික රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කළත් ඉන් නිසි ප්‍රතිඵලයක් නොලැබුණ නිසා ඔබ දැන් පසුතැවෙනවා විය හැකියි. එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි. දින කිහිපයකින් කොණ්ඩය හැලීම නතර කර, අලුත් කෙස් ගස් ලියලවන සොබාදහමේ අගනා දායාදයක් බඳු වූ උළුහාල් සහ කෝමාරිකා කෙරටින් සත්කාරය පිළිබඳව අප අද ඔබව සවිස්තරාත්මකව දැනුවත් කරනවා. මෙය ඔබේ හිසකෙස්වලට නව ජීවයක් ලබා දෙන සුපිරි හර්බල් හෙයාර් ක්‍රීම් එකක් ලෙස අවබෝධ කරගැනීමේ වරදක් නැත.

උළුහාල් සහ කෝමාරිකා මෙතරම් ගුණදායක ඇයි?
මෙම සත්කාරයේ ප්‍රධාන රහස ගැබ් වී ඇත්තේ අපේ මුළුතැන්ගෙයි තිබෙන ඉතාම සරල ද්‍රව්‍යයක් වන උළුහාල් සතුව පවතින ඖෂධීය ගුණය මතයි. උළුහාල් යනු ප්‍රෝටීන් සහ නිකොටිනික් ඇසිඩ් (Nicotinic Acid) බහුලව අඩංගු ස්වාභාවික මූලාශ්‍රයකි. හිසකෙස් හැලීමට ප්‍රධානතම හේතුවක් වන්නේ කෙස් ගස පෝෂණය කරන මුල් දුර්වල වීමයි. උළුහාල්වල ඇති මෙම සුවිශේෂී සංයෝග මඟින් හිස්කබලේ ඇති නිදාගෙන සිටින කේශ මූලයන් (Hair Follicles) අවදි කරවා, රුධිර ගමනාගමනය ක්‍රමවත් කර හිසකෙස් වර්ධනය ශීඝ්‍රයෙන් වේගවත් කරයි.
අනෙක් අතට කෝමාරිකා යනු සැබවින්ම ස්වාභාවධර්මයේ ආශ්චර්යයකි. කෝමාරිකා මඟින් හිස්කබල සිසිල් කරන අතර, එහි අඩංගු එන්සයිම මඟින් හිස්කබලේ ඇති මැරුණු සෛල ඉවත් කර සිදුරු විවෘත කරයි. මෙය කෙස් ගස්වලට අවශ්‍ය තෙතමනය ලබා දෙන ස්වාභාවික කන්ඩිෂනර් ගුණය නොඅඩුව සපයන නිසා කෙස් කළඹට මෘදු බවක් සහ සේද වැනි දීප්තියක් එක් කරයි.
සත්කාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
මෙම සත්කාරය නිෙවසේදීම ඉතා පහසුවෙන් සහ අවම පිරිවැයකින් සකසා ගත හැකියි. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ පහත සඳහන් දෑ පමණි.
උළුහාල් මේස හැඳි 02ක්
මෙය අවම වශයෙන් පැය 08ක් හෝ රාත්‍රිය පුරා පිරිසිදු වතුරේ පෙඟෙන්නට තැබිය යුතුය. එවිට උළුහාල් ඇටවල ඇති පෝෂණය ජලය සමඟ මුසු වී ඒවා මෘදු වේ.
නැවුම් කෝමාරිකා පිත්තක්
මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ වෙළඳපොළේ ඇති කෘත්‍රිමව නිපදවූ කෝමාරිකා ජෙල් වර්ග භාවිත කිරීමෙන් වැළකීමයි. ඔබේ ගෙවත්තේ වැවූ නැවුම් කෝමාරිකා පිත්තක් ගෙන එහි කටු සහිත පිටත සිවිය ඉවත් කර, ඇතුළත ඇති පිරිසිදු මදය පමණක් සූරා ගන්න.
පිරිසිදු තෙල් වර්ගයක්
කෙස් ගසට අමතර පෝෂණයක් සහ ආරක්ෂාවක් ලබා දීමට එඬරු තෙල් (Castor Oil) ඉතාම සුදුසුය. එඬරු තෙල් නොමැති නම් පිරිසිදු පොල්තෙල් තේ හැන්දක් වුවද එකතු කරගත හැකියි.
සකසා ගන්නා නිවැරදි ආකාරය
මෙය සකස් කිරීම ආරම්භ කළ යුත්තේ පෙර දින රාත්‍රියේ සිටයි. රාත්‍රි කාලය පුරා හොඳින් පෙඟුණු උළුහාල් ටික මුලින්ම සූදානම් කරගන්න. උළුහාල් හොඳින් පෙඟුණු පසු ඒවා ස්පර්ශ කරන විට ඉතාම මෘදු ස්වභාවයක් දැනිය යුතුය. දැන් එම උළුහාල් ස්වල්පයට ඔබ සූරාගත් නැවුම් කෝමාරිකා මදය සහ තෝරාගත් තෙල් තේ හැන්ද එකතු කරන්න.
මෙම මිශ්‍රණය බ්ලෙන්ඩර් යන්ත්‍රයකට දමා කිසිදු කැටයක් නොසිටින සේ ඉතා සිහින්ව අඹරා ගන්න. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අමතර ජලය එක් කිරීම අවශ්‍ය නොවන බවයි. කෝමාරිකා සතු ස්වාභාවික ජෙල් ගතිය එම මිශ්‍රණය හොඳින් ඇඹරීමට සහ ක්‍රීම් එකක් වැනි ඝනත්වයක් ලබා ගැනීමට ප්‍රමාණවත්ය. දැන් ඔබට ලැබෙන්නේ වෙළඳපොළෙන් මිලදී ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කෙරටින් ක්‍රීම්වලටත් වඩා ගුණදායක, ස්වාභාවික සුවඳින් යුතු මාස්ක් එකකි.
භාවිත කරන ආකාරය සහ උපදෙස්
මාස්ක් ආලේප කිරීමට පෙර ඔබේ කෙස් කළඹ හොඳින් පීරා පටලැවිලි සහ ගැට ඉවත් කරගන්න. හිසකෙස් කුණු සහ දූවිලිවලින් තොර පිරිසිදු තත්ත්වයක තිබීම අත්‍යවශ්‍ය වේ.
ආලේප කිරීම
සකසා ගත් මාස්ක් එක හිස්කබලේ මුල්වල සිට පටන් ගෙන අග දක්වාම කොටස් වශයෙන් හොඳින් ආලේප කරන්න. විශේෂයෙන්ම ඔබගේ හිසකෙස් අඩුවෙන් පවතින ස්ථාන හඳුනාගෙන ඒවාට වැඩි අවධානයක් යොමු කරන්න.
මසාජ් කිරීම
ආලේප කිරීමෙන් පසුව ඇඟිලි තුඩුවලින් හිස්කබල විනාඩි 05ක් පමණ ඉතා මෘදුව මසාජ් (Massage) කරන්න. එමඟින් රුධිර සංසරණය උත්තේජනය වී පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම වේගවත් කරයි.
හිසකෙස් අග
කෙස් අග දක්වාම ආලේප කිරීමට අමතක කරන්න එපා. හිසකෙස් අග පැලෙන (Split ends) ගැටලුවෙන් පීඩා විඳින තරුණියන්ට මෙය සැබවින්ම දිව්‍ය ඔසුවක් බඳුය.
ආවරණය කිරීම
පසුව ෂවර් කැප් එකකින් (Shower Cap) හෝ පිරිසිදු ප්ලාස්ටික් ආවරණයකින් හිස හොඳින් ආවරණය කරගන්න. එමඟින් හිස්කබලේ උණුසුම රැකගෙන තෙතමනය ආරක්ෂා කරන අතර පෝෂ්‍ය පදාර්ථ කෙස් ගස තුළට කා වැදීම පහසු කරයි.
කාලය
මෙම මාස්ක් විනාඩි 30ත් 45ත් අතර කාලයක් හිස මත තබා ගන්න. මිශ්‍රණය හිස මත තිබියදීම ඕනෑවට වඩා වේලන්නට ඉඩ නොතැබිය යුතුය. මන්ද උළුහාල් වේළුණු පසු ඒවා සෝදා ඉවත් කිරීම තරමක් අපහසු විය හැකියි.
හිසකෙස් සේදීම සහ අවසාන ප්‍රතිඵලය
නියමිත කාලය අවසානයේ සාමාන්‍ය ඇල් වතුර සහ ඉතා මෘදු ෂැම්පු වර්ගයක් භාවිත කර හිසකෙස් සෝදා හරින්න. කෝමාරිකා සතුව ප්‍රබල ස්වාභාවික කන්ඩිෂනර් ගුණයක් ඇති බැවින් ඔබට අමුතුවෙන් වෙළඳපොළේ කන්ඩිෂනර් වර්ගයක් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නැත. හිසකෙස් සේදීමෙන් පසු තදින් අතුල්ලන්නේ නැතිව මෘදු තුවායකින් තෙත මාත්තු කරන්න.
මෙම සත්කාරය සතියකට වරක් හෝ කාර්යබහුල නම් සති දෙකකට වරක් අනිවාර්යයෙන්ම සිදු කරන්න. මාසයක් වැනි කෙටි කාලයක් ගතවන විට ඔබේ පනාව පුරා රැඳුණු කෙස් ගස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී, ඒ වෙනුවට අලුතින් ලියලන ශක්තිමත් බේබි හෙයාර් ඔබේ හිස පුරා මතුවන අයුරු ඔබටම බලාගත හැකි වනු ඇත.
කෘත්‍රිම ප්‍රතිකාරවලට වඩා ස්වාභාවික දේවලට මුල් තැන දීමෙන් ඔබේ සුන්දරත්වය පමණක් නොව සෞඛ්‍යය ද ආරක්ෂා වේ. එහෙනම් මේ සති අන්තයේම මේ කෙරටින් සත්කාරය අත්හදා බලා ඔබත් නීරෝගි, දිදුලන කෙස් කළඹකට හිමිකම් කියන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
