

ආස්මි කට්ට
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව හලාගත් හාල්පිටි ග්‍රෑම් 400ක්
බණ්ඩක්කා ග්‍රෑම් 250-300ක් නානු මිලි මීටර් 250
වතුර මිලි මීටර් 200
උකු පොල්කිරි මිලි මීටර් 200
ලුණු තේ හැඳි 1 – 1 1/2ක්
බැදීමට අවශ්‍ය තෙල්
සාදන විදිය
මුලින්ම සිනිඳු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හාල්පිටි හොඳින් හලාගන්න. දැන් බණ්ඩක්කා සිහින්ව කපා වතුර කෝප්පයක් දමා ටික වේලාවක් තබන්න. පසුව අතින් හොඳට පොඩි කර පෙනේරයක ආධාරයෙන් පෙරා ගන්න. නැවත රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා ගන්න. එවිට බණ්ඩක්කා කැබලි නොමැතිව ඉතාම ඝන නානු ලබා ගන්න පුළුවන්.
දැන් හාල්පිටිවලට ලුණු එකතු කර පොල්කිරි සහ වතුර මිශ්‍ර කර හොඳින් අනාගන්න. එය අතේ නොඇලෙන පදමට ගුළියක් වගේ සාදාගන්න. දැන් ආස්මි සාදන තෙල් වළඳ ලිප තබා තෙල් රත් වන්නට තබන්න. ඒ අතර පිටි මෝලියට ඉතාම ඝනට මිරිකාගත් බණ්ඩක්කා නානු ටික ටික එකතු කරමින් අතින් අනාගන්න. මෙය අත ඉස්සූ විට ඇඟිලිවලින් නූලක් ආකාරයට වැටෙන පදම තමයි නිවැරදි පදම. අමාරු නැහැ, හරිම ලේසියි.
දැන් හොඳින් රත් වූ තෙලට අතින් හෝ තෙල් හැන්දක් ආධාරයෙන් ආස්මිය සාදාගන්න. දැන් ආස්මි කට්ට සාදා අවසානයි. තෙල් බේරෙන්න තබා සුළං නොවදින්න වසා තබා අවශ්‍ය වේලාවට නැවත ගැඹුරු තෙලේ බැද පැණි දමාගන්න.

කොළ ආස්මි
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව හලාගත් හාල් පිටි ග්‍රෑම් 400 ක්
බණ්ඩක්කා ග්‍රෑම් 250-300 ක් නානු මිලි මීටර් 250
වතුර මිලි මීටර් 200
උකු පොල්කිරි මිලි මීටර් 200
රම්පෙ පේස්ට් තෙ හැදි 1ක්
ලුණු තේ හැඳි 1 – 1 1/2ක්
බැදීමට අවශ්‍ය තෙල්
සාදන විදිය
මුලින්ම සිනිඳු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හාල් පිටි හොඳින් හලාගන්න. දැන් බණ්ඩක්කා සිහින්ව කපා වතුර කෝප්පයක් දමා ටික වේලාවක් තබන්න. පසුව අතින් හොඳට පොඩි කර පෙනේරයක ආධාරයෙන් පෙරා ගන්න. නැවත රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා ගන්න. එවිට බණ්ඩක්කා කැබලි නොමැතිව ඉතාම ඝන නානු ලබා ගත හැකියි.
දැන් හාල් පිටිවලට ලුණු එකතු කර, රම්පෙ පේස්ට් එක එකතු කර, පොල්කිරි සහ වතුර මිශ්‍ර කර හොඳින් අනාගන්න. එය අතේ නොඇලෙන පදමට ගුළියක් සේ සාදාගන්න. දැන් ආස්මි සාදන තාච්චිය ළිප තබා තෙල් රත් වන්නට තබන්න.
ඒ අතර පිටි මෝලියට ඉතාම ඝනට මිරිකාගත් බණ්ඩක්කා නානු ටික ටික එකතු කරමින් අතින් අනාගන්න. මෙය අත ඉස්සූ විට ඇඟිලිවලින් නූලක් ආකාරයට වැටෙන පදම තමයි නිවැරදි පදම. එය අසීරු නැත, ඉතාම පහසුයි. දැන් හොඳින් රත් වූ තෙලට අතින් හෝ ආස්මි හැන්දක් ආධාරයෙන් මේ සාදාගත් උකු මිශ්‍රණය දමම්න් ආස්මිය සාදාගන්න.
දැන් ආස්මි කට්ට සාදා අවසානයි. තෙල් බේරෙන්න තබා සුළං නොවදින සේ වසා තබන්න. අවශ්‍ය වේලාවට නැවත ගැඹුරු තෙලේ බැද පැණි දමාගන්න.

රතු ආස්මි
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව හලාගත් හාල් පිටි ග්‍රෑම් 400ක්
බණ්ඩක්කා ග්‍රෑම් 250-300ක් නානු මිලි මීටර් 250
බීට් යුෂ මිලි මීටර් 200
උකු පොල්කිරි කෝප්ප මිලි මීටර් 200
ලුණු තේ හැඳි 1-1 1/2
බැදීමට අවශ්‍ය තෙල්
සාදන විදිය
මුලින්ම සිනිඳු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හාල්පිටි හොඳින් හලාගන්න. දැන් බණ්ඩක්කා සිහින්ව කපා වතුර කෝප්පයක් දමා ටික වේලාවක් තබන්න. පසුව අතින් හොඳට පොඩි කර පෙනේරයක ආධාරයෙන් පෙරා ගන්න. නැවත රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා ගන්න. එවිට බණ්ඩක්කා කැබලි නොමැතිව ඉතාම ඝන නානු ලබා ගන්න පුළුවන්.
දැන් හාල් පිටිවලට ලුණු එකතු කර පොල්කිරි සහ බීට් යුෂ මිශ්‍ර කර හොඳින් අනාගන්න. එය අතේ නොඇලෙන පදමට ගුළියක් වගේ සාදාගන්න. දැන් ආස්මි සාදන තෙල් වළඳ ළිප තබා තෙල් රත් වන්නට තබන්න.
ඒ අතර පිටි මෝලියට ඉතාම ඝනට මිරිකාගත් බණ්ඩක්කා නානු ටික ටික එකතු කරමින් අතින් අනාගන්න. මෙය අත ඉස්සූ විට ඇඟිලිවලින් නූලක් ආකාරයට වැටෙන පදම තමයි නිවැරදි පදම. අමාරු නැහැ, හරිම ලේසියි. දැන් හොඳින් රත් වූ තෙලට අතින් හෝ තෙල් හැන්දක් ආධාරයෙන් මිශ්‍රණය වක්කරමින් ආස්මිය හදාගන්න.
දැන් ආස්මි කට්ට හදලා ඉවරයි. තෙල් බේරෙන්න තියලා සුළං නොවදින්න වසා තබා අවශ්‍ය වේලාවට නැවත ගැඹුරු තෙලේ බැද පැණි දමාගන්න.

කහ ආස්මි
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව හලාගත් හාල් පිටි ග්‍රෑම් 400ක්
බන්ඩක්කා ග්‍රෑම් 250-300 ක් නානු මිලි මීටර 250
වතුර මිලි මීටර් 200
උකු පොල්කිරි කෝප්ප මිලි මීටර් 200
කහ කුඩු තෙ හැදි 1 ක්
ලුනු තේ හැඳි 1- 1 1/2
බැදීමට අවශ්‍ය තෙල්
සාදන විදිය
මුලින්ම සිනිඳු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හාල්පිටි හොඳින් හලාගන්න. දැන් බන්ඩක්කා සිහින්ව කපා වතුර කෝප්පයක් දමා ටික වේලාවක් තබන්න. පසුව අතින් හොඳට පොඩි කර පෙනේරයක ආධාරයෙන් පෙරා ගන්න. නැවත රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා ගන්න. එවිට බණ්ඩක්කා කැබලි නොමැතිව ඉතාම ඝන නානු ලබා ගන්න පුළුවන්. දැන් හාල් පිටිවලට ලුණු සහ කහ කුඩු එකතු කර පොල්කිරි සහ වතුර මිශ්‍ර කර හොඳින් අනාගන්න. එය අතේ නොඇලෙන පදමට ගුළියක් වගේ සාදාගන්න. දැන් ආස්මි සාදන තෙල් වළඳ ළිප තබා තෙල් රත් වන්නට තබන්න.
ඒ අතර පිටි මෝලියට ඉතාම ඝනට මිරිකාගත් බණ්ඩක්කා නානු ටික ටික එකතු කරමින් අතින් අනාගන්න . මෙය අත ඉස්සූවිට ඇඟිලිවලින් නූලක් ආකාරයට වැටෙන පදම තමයි හරි පදම. අමාරු නැහැ . හරිම ලේසියි . දැන් හොඳින් රත් වූ තෙලට අතින් හෝ තෙල් හැන්දක් ආධාරයෙන් ආස්මිය හදාගන්න.
දැන් ආස්මි කට්ට හදල ඉවරයි . තෙල් බේරෙන්න තියල සුළං නොවදින්න වසා තබා අවශ්‍ය වෙලාවට නැවත ගැඹුරු තෙලේ බැද පැණි දමාගන්න.

දම් ආස්මි
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව හලාගත් හාල් පිටි ග්‍රෑම් 400ක්
බන්ඩක්කා ග්‍රෑම් 250-300 ක් නානු මිලි මීටර් 250
දම් ගෝවා කොල තම්බාගත් යුෂ මිලි මීටර් 200
උකු පොල්කිරි මිලි මීටර් 200
ලුනු තේ හැදි 1- 1 1/2 ක්
බැදීමට අවශ්‍ය තෙල්
සාදන විදිය
මුලින්ම සිනිඳු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හාල්පිටි හොඳින් හලාගන්න. දැන් බණ්ඩක්කා සිහින්ව කපා වතුර කෝප්පයක් දමා ටික වේලාවක් තබන්න. පසුව අතින් හොඳට පොඩි කර පෙනේරයක ආධාරයෙන් පෙරා ගන්න. නැවත රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා ගන්න. එවිට බණ්ඩක්කා කැබලි නොමැතිව ඉතාම ඝන නානු ලබා ගන්න පුළුවන්. දැන් හාල් පිටිවලට ලුණු එකතු කර පොල්කිරි සහ දම් ගෝවා තම්බාගත් වතුර මිශ්‍ර කර හොඳින් අනාගන්න. එය අතේ නොඇලෙන පදමට ගුළියක් වගේ සාදාගන්න. දැන් ආස්මි සාදන තෙල් වළඳ ළිප තබා තෙල් රත් වන්නට තබන්න.
ඒ අතර පිටි මෝලියට ඉතාම ඝනට මිරිකාගත් බණ්ඩක්කා නානු ටික ටික එකතු කරමින් අතින් අනාගන්න. මෙය අත ඉස්සූවිට ඇඟිලිවලින් නූලක් ආකාරයට වැටෙන පදම තමයි හරි පදම. අමාරු නැහැ. හරිම ලේසියි. දැන් හොඳින් රත් වූ තෙලට අතින් හෝ තෙල් හැන්දක් ආධාරයෙන් ආස්මිය හදාගන්න.
දැන් ආස්මි කට්ට හදල ඉවරයි . තෙල් බේරෙන්න තියල සුළං නොවදින්න වසා තබා අවශ්‍ය වෙලාවට නැවත ගැඹුරු තෙලේ බැද පැණි දමාගන්න.
