ආදරය කරද්දී අනිත් එක්කෙනා කැමැති විදිහට මම ජීවත් වෙනව කියල හිතනව නම් ඒක බොරුවක්

නිළියක,නිරූපිකාවක, නිවේදිකාවක, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකා රේණුකා බාලසූරිය
සැප්තැම්බර් 16, 2020

තමන් ලැබූ ජීවිතයේ ජීවිතයට අරුතක් ලබාදීමත් එකී ජීවිතයෙන් ලෝකයට යමක් කිරීමත් හැමෝටම කළ හැකි සරල ක්‍රියාවක් නොවෙයි.

බාලසූරියගේ රේණුකා බාලසූරිය නම් වූඇය තමන් දිනූ ජිවිතය අර්ථවත් කළ ඔබ අප කව්රුත් දන්නා තවත් එක් ප්‍රකට චරිතයක්, නිළියකනිරූපිකාවක, නිවේදිකාවක, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක හා නිෂ්පාදන කළමනාකාරවරියක පමණක් නොව දැවැන්ත නිර්මාණකරුවකුගේ ජීවන සෙවණැල්ල ලෙස ජීවිතයේ බොහෝ වටිනාකම් හරිහම්බ කරගත් රේණුකා සිය ජීවන ගමන ගලාගිය සොඳුරු රිද්මය ‘මතක මංපෙතට‘ මුසුකළේ මෙලෙසිනි.

රේණුකාගේ පවුලෙ විස්තර මොනවද?

මගෙ තාත්තා ගුණපාල බාලසුරිය. අම්මා කුසුමාවතී බාලසුරිය. අපේ අම්මගෙ ගම හැටන්. මම ඉපදුණෙත්

හැටන්වලදි. තාත්තගෙ ගම මාතර. මට නංගිල දෙන්නකුයි මල්ලියකුයි ඉන්නව. හැටන්වල ඉපදුණාට අපි හැදුණෙ වැඩුණෙ කොළඹ.කොළඹට ඇවිත් කොහෙද පදිංචි වෙන්නෙමම ගොඩක් පුංචි කාලෙයි කොළඹට ආවෙ. අපේ තාත්ත ගුරුවරයෙක් විදිහට සේවය කළා.

පස්සෙ තාත්තාට ගමනාගමන මණ්ඩලයෙ රැකියාවක් ලැබෙනවා. ඒ නිසයි අපි කොළඹට එන්නෙ. ඒ ඇවිත් පදිංචි වෙන්නෙ ගොතටුවෙ. මුලින්ම මාව ඇතුළු කළේ සංඝමිත්තා ප්‍රථමික විද්‍යාලයට. ඒත් මට සංඝමිත්තා විද්‍යාලයට යන්න ලැබුණෙ අවුරුදු දෙකයි. ඊට පස්සෙ අපි මහරගම පදිංචියට ආවා.

මහරගමදි මාව මහරගම විද්‍යාකර බාලිකාවට ඇතුළු කළා. මම මේ කතාකරන්නෙ මගේ ළමා විය ගෙවුණ හැටේ දශකය ගැන. ඒ කාලෙ මහරගම තිබුණෙ ග්‍රාමීය පරිසරයක්. ලොකු කොස් ගස්, කජු ගස්, විශාල වතු වෙල් යායවල් තිබුණ ගමක්. මගේ ළමා විය ගෙවුණේ. මේ ගමේ එලිමහනෙ අපේ තාත්තලගෙ මහ ගෙවල් මාතර නිසා අපි මහරගම කුළියට හිටියෙ.

රේණුකාට කලාවට එන්න පරිසරය හැදුණේ ගෙදරින්ද?

මම කලාවට සම්බන්ධ වුණේ පවුලෙ කවුරුත් නිසා නෙවෙයි. අපේ පාසලේ ශ්‍රීනි පෙර්රා සහ එම්. පී. පෙරේරා කියල ගුරු මෑණිවරු දෙදෙනෙක් හිටියා.


 

2020/09/16 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.