සොබා සිරියෙන් පිරි සොඳුරු පරිසරයක පුංචි නිවහනක සිරිය

සැප්තැම්බර් 16, 2020

කොරෝනා වසංගතය වුණත් එය ජීවිතයට ආශීිර්වාදයක් කර ගත්තු මිනිස්සු අනන්තයි. මේ වසංගතයෙන් පසු අපේ රටේ බොහෝ දෙනෙක් අලුතින් සිතන්න ගත්තා. අපේම ව්‍යාපාරයක්, ස්වයං රැකියාවක්, අමතර ආදායම් මාර්ගයක් ගැන මිනිස්සු සිතුවා.

ඒ විතරක් නොවෙයි දේශීය දේ අගයමින් තමුන්ගේ නිර්මාණ ශක්තියෙන් යමක් කරන්න උත්සහ කළා. ඒ සිතුවිල්ල තමයි මේ වසංගතය අපට කියා දුන්න ලොකුම පාඩම.

අප මෙවර ඔබට තිළිණ කරන මේ නිර්මාණ සැලසුමත් එවැනි සිතුවිල්ලකට පුංචි අත්වැලක්.

පර්චස් 5 - 10 ක ඉඩම් කැබැල්ලක නිවෙසක් තැනීමට වඩා වෙනස් වූ මේ සංකල්පය පුංචි අවන්හලකට කදිමයි. ඒ වගේම මෙවැනි නිර්මාණයක් ඇති නිවහනක් විවේක සුවය විඳින්නට කැමැති ඔබට කදිමටම ගැළපෙනවා.

වැව් තාවුල්ලක, ගඟක් අසබඩ ගෙයක් තැනීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නේ ශක්තිමත් බව අඩු නිසයි. එසේම ගංවතුරෙන් සිදුවන හානිය නිසයි.

නමුත් මෙවැනි පරිසරයක පුංචි අවන්හලක් නැතිනම් ගිමන් හලක් තනා ගත්තොත් මේ කාලයේ හොඳ ආදායම් මාර්ගයක්.

හැබැයි මෙවැනි පරිසරයක නිවහනක් තැනීමත් වෙනස්ම තාක්ෂණයකට සිදු කළ යුතු කටයුත්තකි.

 

උපදෙස් - කුරුණෑගල කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

2020/09/16 තරුණි බලන්න