නිවෙසේ චමත්කාරය වැඩි කරන නිර්මාණ

ඔක්තෝබර් 14, 2020

සිත් පිත් නොමැති එහෙත් ස්පර්ශයට මට සිලිටු දොළ ගල් දෙනයනට රසඳුනක් වී ඇති අන්දම හරිම අපූරුයි නේද?

ඔබේ නිවෙසේ චමත්කාරය වැඩි දියුණු කරනා විවිධ නිර්මාණ අතරට එකතු කළහැකි තවත් නිර්මාණ කිහිපයකි මේ. ඔබේ නෙතු සරසන වෙනත් නිර්මාණවලට වඩා මෙහි දැකිය හැකි සුවිශේෂත්වය වන්නේ ලොකු කුඩා විවිධ ප්‍රමාණයේ දොළ ගල් මේ සඳහා යොදාගෙන තිබීමයි. ඊට අමතරව වියළි දර කෝටු, ගෝනි ලණු වැනි ඉවත දමන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර ඇති අතර බොහෝ නිර්මාණ සකසා ඇත්තේ ද පැතැලි ලී මතුපිට සහ අමු රෙදි කැබැලි මතුපිටයි.

විශේෂයෙන්ම මේ නිර්මාණ සඳහා නිල්, රතු, කහ, කොළ වැනි දීප්තිමත් වර්ණ තෝරා ගැනීමෙන් වැඩි චමත්කාරයක් එකතු කරගෙන තිබේ. එමෙන්ම මේ දොළ ගල්වල විවිධ ප්‍රමාණයන් සහ හැඩතල අනුව නිර්මාණ තේමා තෝරාගෙන ඇති අතර විශේෂයෙන්ම තරමක් දිගු ඕවල් හැඩයේ ගල් නිසා කුරුලු රුව වැඩි වශයෙන් භාවිතකර තිබේ.

ඔබ සතු නිර්මාණශීලී හැකියාව හරි අපූරුවට යොදාගෙන මෙවැනි නිර්මාණ සකසා වෙළෙඳපොළට යොමු කිරීම කදිම ස්වයං රැකියාවක් ද වනු ඇත.

 

ඡායාරූප -අන්තර්ජාලය ඇසුරෙනි